Author: Buzzer Editorial

නැවතත් කොවිඩ්-19 රැල්ලක් අග්නිදිග ආසියාව පුරා පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි. චීනය සහ සිංගප්පූරුව ඇතුළු රටවල මේ වන විට දහස් සංඛ්‍යාත කොවිඩ්-19 රෝගීන් වාර්තා වී ඇති අතර, තායිලන්තයේ පමණක් මෙ විට පුද්ගලයින් 46 දෙනෙකු මියගොස් ඇති බව සඳහන් වේ. ජනවාරි මස සිට මැයි මස දක්වා තායිලන්තයේ COVID-19 රෝගීන් 187,031 ක් සහ COVID මරණ 46 ක් වාර්තා විය. හොංකොං, සිංගප්පූරුව, චීනය සහ තායිලන්තය යන රටවල ජනාකීර්ණ ප්‍රදේශවල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන අතර හොංකොං සහ සිංගප්පූරුව වැනි ප්‍රධාන නගරවල සෞඛ්‍ය බලධාරීන් විසින් විශේෂ පරීක්ෂා කිරීම් සිදුකර අතර, චීනයේ සහ තායිලන්තයේ නව බූස්ටර් එන්නත් ලබාගන්නා ලෙසට ජනතාවට දැනුම් දී ඇති බව…

Read More

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළඳ ඇමති නලින් රුවන්ජීව ප්‍රනාන්දු යන අය එම චෝදනාවලට වරදකරු කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල වරදකරු කළේය. ඒ අනුව හිටපු වෙළඳාමැති නලින් ප්‍රනාන්දු මහතාට බරපතළ වැඩසහිත වසර 25ක සිර දඬුවම් නියම කළ අතර හිටපු ඇමති මහින්දානන්ද අලුත් ගමගේ මහතාට බරපතළ වැඩසහිත වසර 10ක සිරදඬුවම් නියම කර ඇත. ඊට අමතරව දඩ මුදල්ද නියම වුණි.

Read More

සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධි විධාන සැලැස්වීමට අදාළ පනත් කෙට්ම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාගේ නියෝග පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්ය. සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධි විධාන සැලැස්වීම, තුරග තරග මත ඔට්ටු ඇල්ලීමේ ආඥා පනත, සූදු ආඥා පනත සහ කැසිනෝ ආඥා පනත ඉවත් කිරීම ඊට සම්බන්ධ හෝ අනුශාංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස මෙම පනත් කෙටුම්පත සකස් කර තිබේ. අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමෙන් අනතුරුව සූදූ ක්‍රීඩා නියාමන අධිකාරි පනත යනුවෙන් හඳුන්වාදීමට නියමිතය. සූදූ ක්‍රිඩාවලට අදාළ ආදායම් එකතු කිරීම, සූදු ක්‍රීඩාව…

Read More

සිය දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතීන් වෙත එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් කිසිදු දත්ත හානීවීමක් හෝ විනාශ වීමක් සිදුව නොමැති බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සයිබර් ප්‍රහාරයෙන් කිසිදු මාර්ගගත තොරතුරු පද්ධතියේ කටයුතු අඩාල වීමක් සිදුනොවන පරිදි යථා තත්ත්වයට පත්කිරීමට මේ වන විට කටයුතු කර ඇති බවය. පසුගිය අප්‍රේල් පළමු සතිය තුළ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ තොරතුරු ආරක්ෂණ පද්ධතීන් වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබූ අතර ඒ පිළිබඳ දැනුවත් වූ වහාම දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතීන් නැවත යථා තත්ත්වයට පත් කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි. සයිබර් ප්‍රහාරයෙන් අනතුරුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතීන් නැවත ක්‍රියාත්මක කිරීමේ…

Read More

අතිකාල දීමනාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවක් මුල් කරනිමින් සිවිල් ගුවන් සේවා වෘත්තීය සේවක සංගමය ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිටි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. ඒ අනුව සිය සංගමයේ සියලුම සාමාජිකයින් අතිකාල සේවාවලින් ඉවත්වී ඇති බව සිවිල් ගුවන් සේවා වෘත්තීය සේවක සංගමය සඳහන් කළේය. සිය අතිකාල දීමනා ගැටලුවට විසඳුම් ලබාකෙන තෙක් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව එම සංගමය පෙන්වා දෙයි. මේ අතර, සිය ඉල්ලීම් සම්බන්ධයෙන් වූ සංදේශයක් අද (29) දිනයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත භාරදීමට සැලසුම් කර ඇති බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමය පවසයි. තැපැල් මූලස්ථානය ඉදිරිපිට අද පෙරවරුවේ පැවැත්වෙන උද්ඝෝෂණයෙන් අනතුරුව…

Read More

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු පැනවීම අමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවා තිබේ. ඊයේ (28) දිනයේ ලබාදුන් මෙම නියෝගය ඔහුගේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්තිවලට දැඩි පහරදීමක් බව සඳහන් වේ. මෑන්හැටන්හි පිහිටි ජාත්‍යන්තර වෙළඳ අධිකරණය විසින් මෙම නියෝගය ලබා දෙමින් සඳහන් කර ඇත්තේ, එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කොංග්‍රසයට අනෙකුත් රටවල් සමඟ වාණිජ්‍යය නියාමනය කිරීමට සුවිශේෂී බලයක් ලබා දී ඇති බවත්, එක්සත් ජනපද ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ හදිසි බලතල මගින් එම බලය ඉක්මවා යා නොහැකි බවත්ය. ධවල මන්දිරය විසින් ක්‍රියාත්මක කරන ලද හදිසි නීතියක් මගින් ජනාධිපතිවරයාට සෑම රටකටම පාහේ තීරුබදු පැනවීමට ඒකපාර්ශ්වික බලයක් ලබා නොදෙන බව ද ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින්…

Read More

යුද්ධ හමුදාවේ විශ්‍රාමික, රණක්‍ෂිතයට පත් රණවිරුවන් සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා බහු විධ වෛද්‍ය සායන කඳවුරක් පවත්වයි. රණවිරු සේවා සහ පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් උතුරු මැද පළාතේ පදිංචි යුද්ධ හමුදා රණවිරුවන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් ඊයේ( 27) දින අනුරාධපුර, අභිමංසල – 1 සුවතා නිකේතනයේදී විශ්‍රාමික, රණක්‍ෂිතයට පත් රණවිරුවන් සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා බහු විධ වෛද්‍ය සායන කඳවුරක් සංවිධානය කරන ලදී. මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය. මෙම නිල සංචාරයේදී, ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පරිත්‍යාග කරන ලද ජීප් රථයක් යුද්ධ හමුදාධිපතිවරයා විසින් එම සුවතා නිකේතනය වෙත නිල වශයෙන් භාර…

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2018 තිබුණු මට්ටමට පැමිණීමට තව වසර දෙකක හෝ තුනක කාලයක් ගත වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා පවසයි. ‘2024 වාර්ෂික ආර්ථික විවරණයෙන් පිළිබිඹුවන ශ්‍රී ලංකා ආර්ථිකය‘ මැයෙන් ඊයේ (27) කොළඹ මහ බැංකු මූලස්ථාන පරිශ්‍රයේ පැවති ප්‍රසිද්ධ දේශනයෙන් අනතුරුව පැවති සාකච්ඡාවක දී ඔහු මේ බව කියා සිටියේය. 2019 – 2023 වසර 5ක කාලය තුළ ධන ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව ඇත්තේ 2021 වසරේ දී පමණක් බවත්, සෙසු සෑම වසරකදීම වාර්තා වන්නේ ආර්ථිකයේ සංකෝචනය වීමක් බවත් සහකාර අධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහාකාර අධිපති ආචාර්ය චන්ද්‍රනාත්…

Read More

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි ‘NEXT’ ඇඟලුම් කම්හල හදිසියේ වසාදැමීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ මැදිහත්වීමෙන් ඊයේ (27) පවත්වා තිබේ. කම්කරු අමාත්‍යාංශයේ දී පැවති මෙම සාකච්ඡාව සඳහා අදාළ ඇඟලුම් කම්හලේ පාලනාධිකාරය, වෘත්තීය සමිති නියෝජිතයන් සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් ද එක්ව ඇත. ‘NEXT’ ඇඟලුම් කම්හල වසාදැමීම සම්බන්ධයෙන් මීට පෙර පැවති සාකච්ඡාවලදී එහි පාලනාධිකාරය සහ වෘත්තීය සමිති නියෝජිතයන් වෙන්වෙන්ව කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡා පවත්වා තිබුණද, එම දෙපාර්ශ්වය එක්ව සාකච්ඡා පැවැත් වූ ප්‍රථම අවස්ථාව මෙය වේ. ඒ අනුව මෙම ඇඟලුම් කම්හල කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව වසාදැමීමට ගත් තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇත. එසේ වසාදැමීමට තීරණය කළ යුත්තේ…

Read More

අයදුම්කරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය නිරීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන තෙක් ශිෂ්‍ය වීසා අයදුම්පත් සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබේ. ඊට අදාළ උපදෙස් මේ වනවිටත් ලොවපුරා අමෙරිකානු තානාපති කාර්යාල වෙත නිකුත් කර ඇති බවද මේ සමඟම වාර්තා වෙයි. අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පවසන්නේ, නැවත දැනුම්දෙනතුරු මේ නියෝගය ක්‍රියාත්මක බවය. විදෙස් සිසුන් බඳවාගැනීම සහ ඔවුන්ගේ හැසිරීම පාලනය කිරීම සම්බන්ධව අමෙරිකානු ආණ්ඩුව සහ එරට ප්‍රභූ පැලැන්තියේ විශ්වවිද්‍යාල අතර මතගැටුම් උද්ගතව ඇති පසුබිමක මෙම නිවේදනය නිකුත් කිරීම විශේෂත්වයකි.

Read More