Author: Buzzer Editorial

ආරක්ෂක අමාත්‍යංශය විසින් පෞද්ගලික ආරක්ෂාව සඳහා පුද්ගලයින් වෙත බලපත්‍ර මත නිකුත් කර තිබෙන ගිනිඅවි ආපසු භාර දෙන ලෙස පසුගියදා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ඇවෙන්රා හෝටල් සමූහයේ අධිපති එච්.ඩී. නවින්තක ද සිල්වා මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කළේය. එහි වගඋත්තරකරුවන් ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා සහ වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම්කර තිබේ. නීතිඥ සනත් විජයවර්ධන මහතා මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම පෙත්සම තුළින් පෙත්සම්කරු කියා සිටින්නේ 2012 හෝ 2013 වසරවල තමන්ට එල්ල වූ බරපතළ තර්ජන හේතුවෙන් ආරක්ෂක අමාත්‍යංශය වෙතින් බලපත්‍රයක් යටතේ ගිනි අවි ලබාගත් බවයි. …

Read More

ජාතික චිත්‍රපට සංස්ථාව නූතන යුගයට සරිලන පරිදි සකස් කළයුතු බවත්, පෞද්ගලික ආයතන හා සමඟ තරඟකාරිත්වය ජයග්‍රහණය කරමින් ඉදිරියට යායුතු බවත්, බුද්ධ ශාසන ආගමික කටයුතු, ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ජාතික චිත්‍රපට සංස්ථාවට සහ ශ්‍රී ලංකා පදනම් ආයතනයට අධ්‍යක්ෂ මණ්ඩල පත්කරමින් ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (18) පැවැති රැස්වීම් සභාව අමතමින් ඒ මහතා මේ බව පැවසීය. පසුගිය කාලය තුළ චිත්‍රපට නිදහස් කිරීමේදී ඒ සම්බන්ධයෙන් පෞද්ගලික හිතවත්කම් අදාළ වූ බවට චෝදනා තිබූ බවත්, නව අධ්‍යක්ෂ මණ්ඩලය ඒ සම්බන්ධයෙන් මැදිහත්වී සාධාරණව චිත්‍රපට නිදහස් කිරීමේ කටයුතු සිදුකළ යුතු බවත්, අමාත්‍යවරයා පැවසීය. 2004/2005 කාලය තුළ සිංහල, දෙමළ සහ මුස්ලිම්…

Read More

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී බස්නාහිර පළාත ද අනෙකුත් පළාත් සමඟ සම්බන්ධ කිරීමට අමාත්‍ය විජිත හේරත් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී ජනතාව මුහුණදෙන ප්‍රධානතම ගැටලුවක්ව පැවතියේ පළාත් අන්තර් සබඳතාවයක් නොමැති වීම බවත් එය ක්‍රියාත්මක වූ බව සඳහන් වූ නමුදු අත්‍යවශ්‍යම පළාත වන බස්නාහිර පළාත සඳහා මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බව ද අදාළ නිවේදනයේ දැක්වේ. බස්නාහිර පළාතේ වාහන හිමිකරුවෙකුගේ වාහනයක් මීට පෙර ලියාපදිංචි වී ඇත්තේ වෙනත් පළාතක නම් මේ පළාතෙන් ආදායම් බලපත්‍රය ලබා ගැනීම කාලය, ශ්‍රමය, ධනය වැය වන ඉතා…

Read More

පසුගිය වසරක කාලය තුළ නෞකා 26ක් විසින් ශ්‍රී ලංකා සාගර කලාපය දූෂණය කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ප්‍රංශ රජය සමග එක්ව දියත් කළ නිරීක්ෂණ ව්‍යාපෘතියක දත්ත පදනම් කරගනිමින් එම අධිකාරිය මේ කරුණු හෙළිදරව් කළේය. මෑත ඉතිහාසයේ මෙරට සාගර කලාපයට දැඩි හානි සිදුකළ නෞකා අනතුරු දෙකක් වන්නේ එක්ස්ප්‍රස් පර්ල් සහ නිව් ඩයමන්ඩ් නෞකා අනතුරු දෙකයි. ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළතිරයේ සිට නාවික සැතපුම් 38කට එපිටින් නිව් ඩයමන්ඩ් නෞකාව 2020 වසරේ සැප්තැම්බර් මාසයේදී අනතුරට ලක්වුණි. එසේම, 2021 වසරේ මැයි මාසයේදී සිංගප්පූරුවේ ලියාපදිංචි එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරාය අසල මුහුදේ ගිනිගෙන මුහුදුබත් වුණි. මෙම නෞකා අනතුරු හේතුවෙන් ශ්‍රී ලංකාමේ සමුද්‍ර…

Read More

හමාස් සංවිධානයේ නව නායක යහියේ සින්වාර් ඝාතනය කළ බව BBC පුවත් සේවය අද (17) වාර්තා කළේය. ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා විසින් මේ බව තහවුරු කළ‍ බව එහි වැඩිදුරටත් දැක්වේ. තම ප්‍රහාරයකින් හමාස් නායක යහියේ සින්වාර් මියගොස් ඇතැයි තමන් තදින් විශ්වාස කරන බව ඊශ්‍රායල හමුදාව මීට පෙර පවසා තිබුණි. එම මරණය තහවුරු කරගැනීමට සැකකටයුතු මළසිරුරක් පරික්ෂා කරමින් සිටින බවද ඔවුන් එහි වැඩිදුරටත් සඳහන් කර තිබුණේය.

Read More

වන් ඩිරෙක්ෂන් සංගීත කණ්ඩායමේ හිටපු සාමාජිකයෙක්වන ලියම් පේන් මියගොස් තිබේ. ඒ , ආර්ජන්ටිනාවේ හෝටලයක තුන්වැනි මහලෙන් පහළට ඇද වැටී සිදු වූ අනතුරකින් ය. ඔහුගේ සිරුරේ දැඩි තුවාල ද තිබූ බව එරට ආරක්ෂක අංශ පවසයි. One Direction සංගීත කණ්ඩායමට 2010 වසරේ සිට ලෝකප්‍රකට සංගීත කණ්ඩායම් අතරට එක්වීමට හැකිවුණි. ලියම් පේන් මියයනවිට ඔහුට වයස අවුරුදු 31කි. වසර ගණනාවක් ජනතා හදවත් තුළ ලැගුම් ගත් ඔහු නික්ම ගියේ අපූරු නිර්මාණ රැසක මතක ඉතුරු කරමිනි.

Read More

ආනයනික වෙළෙඳ භාණ්ඩ කිහිපයක් සඳහා අය කෙරෙන බදු ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම වෙළෙඳ භාණ්ඩ බදු පැනවීමට පියවර ගෙන ඇත. ඔක්තෝබර් 14 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා වන කාලසීමාවට අදාළව මෙම නව විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක ය. ඒ අනුව සම්පූර්ණ සහ පියලි කළ මයිසූර් පරිප්පු කිලෝග්‍රෑමයක් සඳහා සත 25ක බද්දක්ද, සම්පුර්ණ සහ පියලි කළ කහ පරිප්පු කිලෝග්‍රෑමයට සත 25ක බද්දක්ද පනවා තිබේ. උම්බලකඩ සහ ඊට ආදේශක භාණ්ඩ සඳහා කිලෝග්‍රෑමයට රුපියල් 302ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් ද එමගින් පනවා ඇත. තවද කටු ගැලවූ මසුන් සහ අනෙකුත් මසුන්ගේ…

Read More

ඔක්තෝබර් 01 වෙනිදා සිදුවිය යුතු විදුලි ගාස්තු සංශෝධනය ලංකා විදුලිබල මණ්ඩලයේ වගකීම් විරහිත ක්‍රියාකලාපය හේතුවෙන් මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බව සමගි ඛනිජ තෙල් වෘත්තීය සමිති ඒකාබද්ධ බලවේගය චෝදනා කරයි. කොළඹ ඊයේ (16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී එහි කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා මෙම අදහස් පළ කළේය. “විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට සංශෝධනය වියයුතු විදුලි බිල පිළිබඳව දත්තයන් තාම යවලා නෑ. ජනාධිපතිතුමනි, මේ මොහොතේ බිලියන 155 ඉක්මවනවා විදුලිබල මණ්ඩලයේ ශුද්ධ ලාභය. තවත් ගසා කන්න ඉඩ අරින්නේ ඇයි ? ඔබතුමා ජනතාවාදී නම් විදුලිබල මණ්ඩලයට නියෝග දෙන්න තිබුණා මෙච්චර වෙලා බුදිද මොනවාද කරන්නේ කියලා. වහාම මේකට ක්‍රියාමාර්ග අරගෙන විදුලි බිල සංශෝධනය අවමය සියයට 45කින්…

Read More

බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පසුගිය ජුලි සහ අගෝස්තු මාසවලදී බංග්ලාදේශයේ පැවති ශිෂ්‍ය විරෝධතා අතරතුර සිදු කළ බව කියන අපරාධ සම්බන්ධයෙන් ඇයට එරෙහිව එරට ප්‍රාදේශීය අධිකරණයක් මගින් වරෙන්තුව නිකුත් කර ඇති බවය. අවාමි ලීගයේ ප්‍රධාන ලේකම්වරයා මෙන්ම හසීනාගේ දේශපාලන පක්ෂයේ අනෙකුත් ඉහළ නායකයින් ඇතුළු පුද්ගලයින් 45 දෙනෙකුට ද වරෙන්තු නිකුත් කර තිබේ. ඒ අනුව නොවැම්බර් 18 වෙනිදා වන විට ෂීක් හසීනා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විනිසුරු මඩුල්ල නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Read More