- කෙහෙල්බද්දර පද්මේට Passport සෑදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් තිදෙනාට ඇප
- මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ
- හිටපු ඇමතිනි චන්ද්‍රාණී බණ්ඩාරට අධි චෝදනා
- ශ්‍රීලංකන් ගුවන් යානයක් කාර්මික දෝෂයකට
- දයාසිරි ගැන සොයන කමිටුවෙන් ගයන්ත ඉවත්වෙයි
- කලා – සංස්කෘතික කටයුතු පිළිබඳ මන්ත්‍රී සංසඳයක් පිහිටුවීමට යෝජනාවක්
- නාවිකයන් සහ සංවිධානාත්මක පිරිසක අතර සිදු වූ ගැටුම ගැන විධිමත් පරීක්ෂණ
- ක්‍රිකට් තරග පාවාදීම සම්බන්ධයෙන් සචිත්ර සේනානායකට නඩු
Author: Buzzer Editorial
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ අවසන් ප්‍රතිඵලයෙන් ආසන 15ක් ජාතික ජන බලවේගයටත් , සෙසු ආසන 15 විපක්ෂයේ කණ්ඩායම්වලටත් හිමිවීමෙන් එම සභාවේ කටයුතු පවත්වාගෙන යාමට කිසිදු ගැටලුවක් ඇති නොවන බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඒ අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස පත්කිරීමට නියමිතව ඇත්තේ ජාතික ජන බලවේගයේ කණ්ඩායම් නායකයා ලෙස තරග කළ නිශාන්ත පෙරේරා මහතාවයි. ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පසුගිය සෙනසුරාදා පැවැත්වුණේ ඡන්ද කොට්ඨාස මට්මින් සහ සමානුපාතික ක්‍රමයටයි. ආසන 30කින් සමන්විත ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ආසන 15ක් හිමිකර ගනිමින් එහි පාලන බලය හිමිකරගත්තේ ජාතික ජන බලවේගයයි. සමගි ජන බලවේගයට ආසන 6ක් , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 3ක්ද…
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීමට අදාළව කැබිනට් තීරණයක් ගත් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළත්, ඊට අදාළ නියමිත ක්‍රමවේදය අනුගමනය කර නොමැති බව අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. පාදුක්කේ ඊයේ (27) පැවති ජනහමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළේය. “දැන් රනිල් වික්‍රමසිංහ කිව්වට රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වර්ධනය කිරීමට තීරණයක් ගත්තා කියලා , අපි ඒ කැබිට් සාකච්ඡාවේ කැබිනට් තීරණය බලනකොට භාණ්ඩාගාරයෙන්වත් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන්වත් අනුමැතියක් අරගෙන නෙමෙයි ඒ තීරණය අරගෙන තියෙන්නේ. තීරණය ප්‍රකාශ කළා , නමුත් තීරණය ක්‍රියාත්මක කිරීමට කරන්නට ඕනේ කොටස කරලා නෙමෙයි ඒ තීරණය අරගෙන තියෙන්නේ. එතකොට ඒකෙන් මොකක්ද කියන්නේ. ඒක ඉතාමත්ම පැහැදිලිව ජනතාව නොමග යවන්න මැතිවරණ…
ශ්‍රී ලංකාවට කාලයකට පෙර හඳුන්වා දී තිබූ සංචාරක උපදේශනයේ වෙනසක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පවසයි. කොළඹ අමෙරිකානු මධ්‍යස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව අදහස් දක්වමින් ඇය පැවසුවේ ශ්‍රී ලංකාවට සංචාරක තහනමක් පනවා ඇති බව පැවසීම “ව්‍යාජ පුවතක්” බවයි. “යම් ආරක්ෂක තර්ජනයක් සම්බන්ධයෙන් අමෙරිකානු තානාපති අංශ දැනගතහොත් එම තොරතුර ගැන අපි අපේ කාර්ය මණ්ඩලය, අමෙරිකානු පුරවැසියන් සහ අදාළ රජය දැනුවත් කිරීම කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නෑ. එය ලොව පුරා අපි භාවිත කරන පිළිගත් ක්‍රමවේදය. අපි ආරුගම්බේ ප්‍රදේශයට ඇති තර්ජනය සම්බන්ධයෙන් දැනගත් පසු අපි එම දැනගත් කරුණු ශ්‍රී ලංකා බලධාරීන් ට දැන්වූවා. ඔවුන්…
ආරක්ෂක අංශ නොමග යවමින් මෙරට සැගව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “මර්වින් ජානා නොහොත් බේකරි ජානා” නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අත්තිඩිය, දෙහිවල ප්‍රදේශයේ පදිංච් වයස අවුරුදු 45 වන පුද්ගලයෙකි. එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17, මිලි ග්‍රෑම් 60 ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීම සදහා කාර් රථයකින් ගමන් කරමින් සිටිය දී දෙහිවල පාර, බොරලැස්ගමුව ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
කොළඹ – කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය අද (28) සිට යළි ආරම්භ කර තිබේ. දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අවසන් වීමත් සමග මාස 10 කට පසු යාල් දේවී හා රජරට රැජින දුම්රිය මෙලෙස යළි ගමන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය. උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යළි ආරම්භ කරමින් යාල්දේවී දුම්රිය කොළඹ කොටුව හා කන්කසන්තුරේ අතරත්, රජරට රැජින දුම්රිය කොටුව හා අනුරාධපුරය අතරත් ධාවනය කෙරෙන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන් ජේ. ඉඳිපොලගේ මහතා පවසයි.
කුඹුක්ගැටේ – බන්නැක්ගම නැලව මාර්ගයේ කුඹුක්වැව ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් තරුණයෙකු මියගොස් තිබේ. ඊයේ (27) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. මියගොස් ඇත්තේ නෙරියාව, කුඹුක්ගැටේ ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙකි. බන්නැක්ගම දෙස සිට නැලව දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුරක් සිදුව ඇත. අනතුරින් පැදිකරුකරුවන් දෙදෙනා, පසු පැදිකරුවන් දෙදෙනෙකු හා කුඩා දරුවන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා හිරිපිටිය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී එක් පැදිකරුවෙකු මියගොස් තිබේ. කුඹුක්ගැටේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවශ්‍ය අමතර තොරතුරු ඉල්ලා අද (28) දිනයේ දී ලංකා විදුලිබල මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. මේ වසරේ තුන්වැනි කාර්තුමය සමාලෝචනය වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ යුතු ගාස්තු සංශෝධනය සඳහා වන යෝජනාව එම කොමිෂන් සභාවට පසුගිය දා ඉදිරිපත් කර තිබුණි. මහජන උපයෝගිතා කොමිසමේ ආයතනික සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළේ, යෝජිත සමාලෝචනයන් අද දිනයේ දී මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන් රැස්වී සාකච්ඡා කිරීමට නියමිත බවය. ඒ අනුව කොමිෂන් සභාවට අමතර සංශෝධන අවශ්‍ය නම් සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය ලිපියක් මඟින් දැනුවත් කිරීමට නියමිතව තිබේ.
ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පදවිය පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (27) සවස් කාලයේ පදවිය පොලිස් වසමේ 01 කණුව ප්‍රදේශයේදී පදවිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත කාර් රථයක් පරීක්ෂා කිරීමේදී බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත. එහිදී වෙඩිබෙහෙත් කිලෝග්‍රෑම් 75ක්, ජෙලට්නයිට් කූරූ 90ක්, ඩෙටනේටර් කූරූ 300ක් හා සේවා නූල් 05ක් සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 28 හා 30 වයස්වල පසුවන හිදෝගම හා මාපාලඩිකුලම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. සැකකරුවන් ගමන් කළ කාර් රථය ද පොලිස් භාරයට ගෙන ඇති අතර පදවිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබ
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක. උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තද සුළං ඇතිවිය හැකි බව දැනුම් දී තිබේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර…
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු අද (27) සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව නොවැම්බර් මස 07 වනදා දක්වා නිවෙස් වෙත ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ කටයුතු සිදුකරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේය. තැපැල්පතිවරයා පැවසුවේ කොළඹ දිස්ත්‍රික්කයේ නිල දැන්වීම් පත්‍රිකා මෙතෙක් ලැබී නොමැති බැවින් අද දිනයේදී එම දිස්ත්‍රික්කයේ බෙදාහැරීම් සිදු නොවන බවය. එලැඹෙන නොවැම්බර් 03 වැනි ඉරු දින විශේෂ බෙදීම් දිනයක් ලෙස නම් කර පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමට ද පියවර ගන්නා බවත් තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.