Author: Buzzer Editorial

දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (30) පස්වරු 4:30 සිට දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ රාජකාරීවලින් ඉවත් වෙන බව දැනුම්දෙයි. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සංජය ජයසුන්දර මහතා ඒ බව පැවසීය. ඒ, අද පස්වරුවේ රැස්වූ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ විධායක සභාව වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීමට ගෙන ඇති තීරණය හේතුවෙනි. ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම් සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරීන් සමග පැවැති සාකච්ඡාව අසාර්ථකවීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් මෙම තීරණය ගෙන තිබේ. මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා ඊයේ (29) සඳහන් කළේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග පැවැති සාකච්ඡා ද අසාර්ථක වූ බවය.

Read More

අද (30) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඇප ලබාගැනීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අධිකරණ භූමියෙන් පිටව ගියේය. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා පවසා සිටියේ, අධිකරණයේ දී සත්‍ය හෙළිවිය යුතු බවය. මේ අතර තමා ඉදිරි මහ මැතිවරණයේ දී තරග කරන බව ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය. එංගලන්තයෙන් සොරකම් කර ඇති බවට සඳහන් වන එකලස් කළ, මෙරට ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර් රථයක් ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව පසුගිය 23 වනදා අත්අඩංගුවට ගැනුණි. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී පැය 4ක පමණ ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුවය. පසුව අධිකරණයට ඉදිරිපත් කළ ඒ මහතා ව අද (30) වනතෙක් රක්ෂිත බන්ධනාගාර…

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය වෙන්පුරවිනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු කලාපයේ 2024 ඔක්තෝබර් මස 29 වන දින උදෑසන කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, වලංගු ධීවර අවසර පත්‍රයක් නොමැතිව නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් දෙසීය අනු එකක තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රාවක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි. ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, 2024 ඔක්තෝබර් මස 29 වන දින උදෑසන කාලයේ උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතනය,යාපනය, වෙන්පුරවිනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු කලාපයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ වලංගු ධීවර අවසර පත්‍රයක් නොමැතිව නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් දෙසීය අනු එකක (291) තොගයක් ගොඩබිම වෙත ප්‍රවාහනය කරමින් තිබියදි එම සැකකරුවන් තිදෙනා , ට්‍රෝලර් යාත්‍රාව හා මුහුදු කූඩැල්ලන් තොගය මෙසේ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු…

Read More

විදේශීය ත්‍රස්තවාදී සංවිධානවල අනුදැනුම මත, සංචාරකයන් ගැවසෙන ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් රට තුළ ප්‍රහාරයක් සැලසුම් කළ බවට සැකපිට තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දුන්නේය. ආරක්ෂක අමාත්‍යවරයාගේ නියෝග මත සැකකරුවන් දින 90ක රැඳවුම් නියෝග යටතේ වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා රඳවාගෙන සිටින බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය. ආරුගම්බේ සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන පිළිබඳ රහස්‍ය වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීහු අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේකර වෙත ඉදිරිපත් කරනු ලැබූහ. ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ විධිවිධාන යටතේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යෑමට මහේස්ත්‍රාත්වරයාගේ අවසරය ලබාදෙන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. විදෙස්…

Read More

මහ මැතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (30) ආරම්භ වීමට නියමිතව තිබේ. දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභා කාර්යාල, පොලිස්පති කාර්යාල ඇතුළු සියලු පොලිස් ස්ථානවල ද අද දිනයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. අද දිනයට අමතරව අදාළ කාර්යාලවල නොවැම්බර් මස 4 වන දින ද තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී තිබේ. ඊට අමතරව නොවැම්බර් මස පළමුවන දින සහ නොවැම්බර් මස 4 වන දින ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන්…

Read More

මධ්‍යම සහ ඌව පළාත්වල සියලුම රජයේ දෙමළ පාසල්වලට නොවැම්බර් මස 1 වනදා නිවාඩු ලබාදී තිබේ. නොවැම්බර් මස 31 වන දිනට යෙදෙන දීපවාලි උත්සවය නිමිත්තෙන් අදාළ පළාත්වල දෙමළ පාසල්වලට නිවාඩු ලබා දී ඇත. එම නිවාඩුව ආවරණය කිරීම සඳහා අදාළ පාසල් නොවැම්බර් මස 9 වන සෙනසුරාදා දින පැවැත්වීමට තීරණය කළ බව ද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් විසින් දැනුම්දී තිබේ.

Read More

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ නායකත්වය සඳහා ඔවුන්ගේ නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කළ නයිම් කසීම් ව පත්කරගත් බව එම සංවිධානය නිවේදනය කළේය. ඔවුන්ගේ නායකයා ලෙස කටයුතු කළ හසන් නස්රල්ලා ඊශ්‍රායලය එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් මීට මාසයකට පමණ පෙර මියගියේය. දකුණු බේරූට් හි නස්රල්ලා නැවතී සිටි ගොඩනැගිල්ලකට එම ප්‍රහාරය එල්ලකර තිබුණි. කාසීම්, හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය නායකයා ලෙස 1991 දී එවකට එම සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ අබ්බාස් අල්-මුසාවි විසින් තෝරාගත් අතර මුසාවි 1992 දී ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගියේය.

Read More

වට්ස්ඇප් ( WhatsApp) ඇතුළු සමාජ මාධ්‍යජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේසම් වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල උපයෝගී කරගනිමින් සංසරණය වන දැන්වීම් (Post ) මගින් පුද්ගල දත්ත සහ මුල්‍යමය තොරතුරු ලබා ගනිමින් සිදුකෙරෙන සයිබර් වංචාවන් මේ දිනවල බහුලව දක්නට ලැබෙන බවද ඔවුන් සඳහන් කරයි. ඒ අනුව විවිධ බැංකු, වාණිජ ආයතන, අන්තර්ජාතික ආයතන නාමයන් භාවිත කරමින් පරිත්‍යාග, මුදල් තෑගි, දිනුම් වාසනා, අධික ලාබදායි භාණ්ඩ online ක්‍රමයට ලබාදීම, රැකීරක්ෂා ලබාදීම ආදිය සඳහා ලියාපදිංචි වන ලෙස දන්වමින් එවනු ලබන ව්‍යාජ පණිවුඩ සහ WhatsApp පණිවුඩ මගින් OTP මුරපද (password) තොරතුරු ඉල්ලා එවන පණිවුඩවලින් ප්‍රවේසම්…

Read More

අලුතින් මුදල් මුද්‍රණය කළ බවට පළවී ඇති වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ, විවෘත වෙළෙඳපොළ කටයුතු හරහා ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 100ක් අච්චු ගැසූ බවට පළවී ඇති වාර්තා පදනම් විරහිත ඒවා බවය. අදාළ නිවේදනයේ දැඩිදුරටත් දැක්වෙන්නේ, මහ බැංකුව විවෘත වෙළෙඳපොළ කටයුතු හරහා ද්‍රවශීලතාව ලබාදීම සාමාන්‍ය මහ බැංකු කටයුත්තක් වේ. විවෘත වෙළෙඳපොළ කටයුතු සිදු කරනු ලබන්නේ පොලී අනුපාතිකය කළමනාකරණය කිරීම හරහා මිල ස්ථායීතාව පවත්වා ගැනීම සඳහා වන අතර, එය හුදු මුදල් අච්චු ගැසීමක් ලෙස ලඝු කොට දැක්විය නොහැකිය. එමඟින් රජයේ අයවැය මූල්‍යනය සඳහා මුදල් අච්චු ගැසීමක් හෝ අනිසි ලෙස මුදල් නිකුත්…

Read More

ආරුගම්බේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන පිළිබඳ අතිශය රහසිගත වාර්තාවක් අද (29) විමර්ශන නිලධාරින් විසින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවට ඉදිරිපත් කළේය. එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම්දී ඇත්තේ මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනෙකු රැඳවුම් නියෝග මත රඳවාගෙන පරීක්‍ෂණ සිදු කරන බවය. එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශනවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළේය. මෙරට විදේශ සංචාරකයින් බහුල වශයෙන් රැඳී සිටි ප්‍රදේශයක් ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් පවතින්නේ යැයි ලැබුණු තොරතුරු අනුව සිදුකළ විමර්ශනවලට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන බවද ත්‍රස්ත විමර්ශන කාර්යාංශය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

Read More