Author: Buzzer Editorial

අල්ලස් කොමිසම විසින් ගොනු කළ නඩුවකට පෙනී නොසිටීම නිසා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (01) ඉදිරිපත්වීමෙන් අනතුරුව වරෙන්තුව ආපසු කැඳවා අමතර ඇපයක් මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ නඩුව කැඳවා තිබුණි. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා සඳහන් කළේ, නඩුව කැඳවූ ඉකුත් 23 වනදා මෙම විත්තිකරු අධිකරණයට නොපැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් දීම සඳහා ගොස් ඇති බවය. කෙසේ වෙතත් විත්තිකරු ඉදිරිපත් කරන කරුණු කෙරෙහි සෑහීමකට පත්විය නොහැකි බව සඳහන් කළ විනිසුරුවරයා ඔහුට අමතර ඇපයක් නියම කරන බව නියෝග කළේය. ඒ අනුව ජෝන්ස්ටන් ප්‍රනාන්දු…

Read More

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකාවේ නියෝජිත Kunle Adeniyi මහතා අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය. ශ්‍රී ලංකාවේ දේශපාලන තුළ වැඩිවන කාන්තා නියෝජනය පිළිබඳව ඇඩෙනියි මහතා සිය ප්‍රසාදය පළ කළේය. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම UNFPA හි සහය ලබා දෙන බව ද ඒ මහතා සදහන් කළේය. මෙම රැස්වීමේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, කාන්තාවන්ගේ ආර්ථික කටයුතු, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය ආමන්ත්‍රණය කිරීම සහ ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ ගැහැණු ළමයින් සඳහා පෝෂණය වැඩිදියුණු කිරීමේ තීරණාත්මක කාර්යභාරය අවධාරණය කළේය. අධ්‍යාපනය සඳහා කාන්තා සහභාගිත්වය සතුටුදායක මට්ටමක පවතින අතරම, තීරණ ගැනීමේ භූමිකාවන්හි…

Read More

ඌව, නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව සහ උතුරු පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (01) දිනයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවය. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

දිවයිනේ සියලු ඌරු ගොවිපොළ ලියාපදිංචි කිරීම සඳහා ළඟම පිහිටි පශුවෛද්‍ය කාර්යාලයට ගොස් තොරතුරු ලබාදෙන ලෙස සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඉල්ලිමක් කරයි. ඒ මෙරට ඌරු ගොවිපොළවල සිටින ඌරන්ට පළමු වරට අප්‍රිකානු සූකර උණ වැලඳී ඇති බවට වාර්තා වීමත් සමගය. මෙම සූකර උණ රෝග තත්ත්වය පළමුවරට බස්නාහිර පළාතෙන් වාර්තා වු අතර මේ වනවිට ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වලින් ද වාර්තා වී ඇති බව බස්නාහිර පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ. කේ. සරත් මහතා පැවසුවේය.

Read More

Update November 1, 2024 09:52 am බදුල්ල – මහියංගණය මාර්ගයේ දුන්හිද, අඹගස්ඔය ප්‍රදේශයේදී බස් රථයක් පෙරළීයෑමෙන් සිදුවූ අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් 39දෙනෙකු තුවාල ලබා තිබේ. එලෙස මියගොස් ඇත්තේ සිසුවියන් දෙදෙනෙකු බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. අප වාර්තාකරු පැවසූවේ තවත් 06 දෙනෙකු බදුල්ල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි. ———————————– Update November 1, 2024 09:33 am රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ එම අනතුරෙන් ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසුවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බවය. ——————– Update November 1, 2024 09:30 am බදුල්ල, දුන්හිඳ මාර්ගයේ 4 කණුව ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ පෙරළී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 35 දෙනෙකු තුවාල ලබා තිබේ. අප වාර්තාකරු පැවසුවේ කොතලාවල ආරක්ෂක…

Read More

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් භාණ්ඩාගාර බිල්පත්වල සහ බැඳුම්කරවල ආයෝජනය කිරීමේදී ගෙවනු ලබන පොලිය 9 % දක්වා අඩු කිරීමට ගෙන තිබූ තීරණය තුළින් එහි සාමාජිකයින්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් 4ක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (30)විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කළේ ය. ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදී පෙත්සම් සලකා බැලිණි. ඒ සම්බන්ධව මූලික විරෝධතා ඉදිරිපත් කරමින් නීතීපතිවරයා ඇතුළු වගඋත්තරකාර පාර්ශ්වය මෙහිදී පැවසුවේ, මෙම කරුණ මතම පදනම්ව ගොනු වී තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් මීට පෙරද අධිකරණයෙන් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ…

Read More

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්යය හරිනි අමරසූරිය මහත්මිය, ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති Qi Zhenhong මහතා සමඟ අද (30) දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවක් පැවැත්වීය. තානාපති Qi Zhenhong ශ්‍රී ලංකාවේ ගංවතුර සහන ප්‍රයත්නයන් සඳහා චීන රජයේ සහයෝගය ප්‍රකාශ කළේ ජාතීන් දෙක අතර දිගුකාලීන හවුල්කාරිත්වය ශක්තිමත් කරමිනි. මෙම තීරණාත්මක කාල පරිච්චේදය තුළ මහජන චීන සමූහාණ්ඩුවේ කාලීන ත්‍යාගශීලීභාවය සහ සහයෝගය පිළිබඳව අග්‍රාමාත්‍ය අමරසූරිය තානාපති Qi වෙත සිය කෘතඥතාව පළ කළාය. දෙරට අතර ආයෝජන අවස්ථා ශක්තිමත් කිරීම සඳහා වන ඉදිරි ක්‍රියාමාර්ග මෙන්ම දෙරටේ සහයෝගීතාවයන් පිළිබඳව ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණ.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා ලෙස ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙක් ලෙස කටයුතු කරන සුමති ධර්මවර්ධන මහතා පත්කර තිබේ. නොවැම්බර් මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පත්කිරීම සිදුකර ඇති බව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කරයි. එය ස්වාධීන තනතුරකි. ඔහු එම තනතුරට පත්කර ඇත්තේ වසර 14ක් එම තනතුරේ කටයුතු කළ ශ්‍රීමත් රොනී ෆ්ලැනගන් එම තනතුරෙන් විශ්‍රාම ගැනීම හේතුවෙනි. ජනාධිපති නීතිඥයෙක් වන ධර්මවර්ධන මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙක් ලෙස විවිධ නීතිමය කටයුතුවලදී ශ්‍රී ලංකා රජය පමණක් නොව ක්‍රීඩා අමාත්‍යංශය ද නියෝජනය කර ඇත. ලොව අනෙකුත් ක්‍රීඩා නියෝජිතායතන සමග සිදුකෙරෙන සාකච්ඡාවලදී ද ඔහු ශ්‍රී ලංකා…

Read More

2024 සැප්තැම්බර් මාසයේ -0.5%ක් ලෙස වාර්තා වූ කොළඹ උද්ධමනය 2024 ඔක්තෝබර් මාසයේදී -0.8% ක් දක්වා අඩු වී ඇත. 2024 ඔක්තෝබර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 1.0% දක්වා වැඩි වී ඇති අතර 2024 සැප්තැම්බර් මාසයේ දී එය වාර්තා වුයේ -0.3%ක් ලෙසය. එමෙන්ම, 2024 ඔක්තෝබර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය -1.6% ක් දක්වා අඩු වී ඇති අතර එය 2024 සැප්තැම්බර් මාසයේ දී -0.5% ක් ලෙස වාර්තා විය. ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 ඔක්තෝබර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කරමින් ඒ බව සඳහන් කරයි.

Read More

සීනි ආනයන වංචාවක් සම්බන්ධයෙන් ඉන්දුනීසියාවේ හිටපු වෙළෙඳ ඇමතිවරයාව අත්අඩංගුවට ගැනීමට එරට විමර්ශන නිලධාරීන් කටයුතු කර තිබේ. විමර්ශකයින් පවසන්නේ හිටපු අමාත්‍යවරයා නිසි ක්‍රමවේදයෙන් බාහිරව සීනි ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමෙන් රජයට ඩොලර් මිලියන 25ක පාඩුවක් සිදුකර ඇති බවයි. එම හිටපු අමාත්‍යවරයා මේ වනවිට රජයේ කටයුතු විවේචනය කරන පුද්ගලයින් අතුරින් ඉදිරියෙන්ම සිටින අයෙකි. හිටපු අමාත්‍ය තෝමස් ට්‍රිකාසි ලෙම්බොන් ව සැකකරුවෙක් වශයෙන් ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබුණි. එරට නීතිපති දෙපාර්තමේන්තුව ගොනුකර ඇති චෝදනාවේ සඳහන් වන්නේ රට තුළ අවශ්‍ය ප්‍රමාණය ට වඩා සීනි තොග ඇති අවස්ථාවක පෞද්ගලික සමාගමකට සීනි ආනයනය සඳහා බලපත්‍රයක් නිකුත්කළ බවට ඔහුට චෝදනා එල්ලකර තිබේ.

Read More