Author: Buzzer Editorial

පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝග කර තිබේ. දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළේය. මැතිවරණ පැවැත්වෙන දිනය ජනාධිපතිවරයා විසින් මැතිවරණ පනතට අනුකූලව නිවැරදි ලෙස නියම කර ඇති බවත් මේ වනවිට මැතිවරණයට අදාළ කටයුතු බොහෝ දුරට අවසන් වී ඇති බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත්…

Read More

කඩා වැටුණු රට යළි පුනරුදය කරා කැඳවන යුගය මේ වන විට ආරම්භ කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ, මෙම ගමන කිසිවෙකුටත් වැළකිය නොහැකි බවය. රට ගොඩනැගීම සඳහා වන සැලසුම් රැසක් මේ වන විට සකස් කර ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. “අපේ රට අපි ඩිජිටල්කරණය කරන සැලැස්ම සකස් කර තිබෙනවා. මෙතෙක් ලංකාවට වැඩිම සංචාරකයින් ආපු වසර බවට අපි 2025 වසර පත්කරනවා. අපේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කරනවා. ගුණයහපත්කමෙන් පිරිසිදු, විනයෙන් පිරිසිදු, නීතියට අනුගත වෙන රට පුරා අඩුම තරමේ, පිරිසිදු වැසිකිළි පද්ධතියක් නැති රටක් මේක… පිරිසිදු වැසිකිළි පද්ධතියක්…

Read More

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා තෝරා පත්කර ගෙන තිබේ. එම පත්කිරීම අද (04) සිට ක්‍රියාත්මකය. ටෙලිකොම් ක්ෂේත්‍රයේ වසර ගණනාවක පළපුරුද්දක් සහිත වෘත්තීයවේදියෙක් ආචාර්ය මොතිලාල් විදෙස් රටවල් කිහිපයක සේවය කර ඇති අයෙකි. වසර 5ක් එකදිගට පාඩු ලැබූ ටෙලිකොම් ෆිජි ආයතනය ලාබ ලබන රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීමට ඔහු සමත්වී තිබුණි. ඔහු එහි සමුහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළේය. ආචාර්ය මොතිලාල් ඩයලොග් ආසිආටා සමාගමේ මෙන්ම මැලේසියා ආසිආටා සමාගමේද උසස් තනතුරු දරා තිබේ.

Read More

පාකිස්තාන කණ්ඩායම කඩුලු 3කින් පරාජය කර වසර 7කට පසුව පැවැත් වූ හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ලහිරු මධුසංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (3) සමත් විය. අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 3.5කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 72ක් පමණි. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී තිබියදී තරගයේ 5වැනි පන්දුවාරයේදී ලකුණු 76ක් රැස්කරමින් ජයග්‍රහණය සම්පූර්ණ කරගත්තේය. ශ්‍රී ලංකා ජයග්‍රහණයේ ප්‍රධාන නියමුවා වූ ආරම්භක පිතිකරු සඳුන් වීරක්කොඩි පන්දු 13කට මුහුණදෙමින් ලකුණු 34ක් රැස්කිරීමට සමත් විය. ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් හා හතරේ පහරක් ඇතුළත් විය. ඊට අමතරව නායක ලහිරු මධුසංක…

Read More

ආගමික ස්ථානවලට ලබා දී තිබෙන ත්‍රිවිධ හමුදා ආරක්ෂාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින්ගේ ආරක්ෂාව ඉවත්කර ඇති බවට පළවන පුවත් ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි. අද (03) පස්වරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ, මාධ්‍ය හා මාධ්‍ය ප්‍රකාශක කර්නල් එම්. බී. බී. නලින් හේරත් මහතා මේ බව පැවසීය. ප්‍රධාන පෙළේ පුවත්පතක සහ සමාජ මාධ්‍යවල මෙම අසත්‍ය පුවත පළකර ඇති බවත්, එම තොරතුරු සියල්ල X පණිවුඩයක් මගින් මේ වනවිටත් ප්‍රතික්ෂේප කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Read More

මෙවර හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ අපරාජිතව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ, තුන්වැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී නේපාලය ලකුණු 40කින් පරාජය කරමිනි. තරගයේ කාසියේ වාසිය නේපාලය දිනාගත් අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වේගවත් ආරම්භයක් ලබා ගත්තේය. ඒ පළමු පන්දුවාර 3ට ලකුණු 58ක් රැස් කරමිනි. සඳුන් වීරක්කොඩි පන්දු 14කදී ලකුණු 50ක් රැස් කළ අතර ඔහුගේ ඉනිම හයේ පහර 5කින් සහ හතරේ පහර 4කින් වර්ණවත් වුණි. නායක ලහිරු මධුසංඛ පන්දු 8කදී නොදැවී ලකුණු 31ක් රැස් කළ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ එක් හතරේ පහරක් ඇතුළත්ය. ලහිරු සමරකොන් පන්දු 5කදී ලකුණු 22ක් රැස්…

Read More

අධිවේගී මාර්ග භාවිතයේදී සැළකිලිමත් වන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය, රියදුරන්ට දැනුම් දෙයි. ඒ, පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන්. අධිවේගි මාර්ග මෙහෙයුම් හා නඩත්තු කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පී.ච් ගුණසිංහ මහතා දැනුම් දෙන්නේ, පැයට කිලෝමීටර් 60 ක වේග සීමාවේ ගමන් කරන ලෙසයි.

Read More

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ඡන්දය භාවිත කිරීමට හැකිවන පරිදි නිවාඩු ලබාදීමට අදාළ විධිවිධාන මැතිවරණ කොමිෂන් සභාව මගින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව රාජ්‍ය අංශයේ නිලධාරීන්ගේ විශේෂ නිවාඩු පිළිබඳ ආයතන සංග්‍රහයේ 12වන පරිඡේදයේ 12/3 ඡේදයේ දක්වා ඇති පරිදි පාර්ලිමේන්තු මැතිවරණයක් සදහා අවම කාලය පැය 4ක් ලෙස ද ඡන්දය ප්‍රකාශ කිරීමට යාම පිණිස අවශ්‍ය යැයි හැඟෙන අඛණ්ඩ කාලයක් සදහා වැටුප් අඩුකිරීමකින් තොරව විශේෂ නිවාඩු ලබාදිය යුතු බව සදහන් වේ. මැතිවරණ කොමිසන් සභාව පැවසුවේ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ඡන්දය භාවිත කිරීම සඳහා මානව හිමිකම් කොමිෂන් සභාව…

Read More

මධ්‍යම සහ ඌවපළාත්වල ඇතැම් ස්ථානවලට අද (03) මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකියි. එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම 2025 ජනවාරි මස ශ්‍රී ලංකාවේ සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. ඒ ටෙස්ට් තරග දෙකකට සහ එක්දින ජාත්‍යන්තර තරගයකට සහභාගී වීම සඳහා ය. ඔවුන් ජනවාරි 20 වනදා මෙරටට පැමිණීමට නියමිත අතර ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගය ජනවාරි 29 වනදා අරම්භවීමට නියමිත අතර දෙවැනි ටෙස්ට් තරගය පෙබරවාරි 06 වනදා ඇරඹෙයි. තරග දෙකම ගාල්ලේදී පැවැත්වෙයි. දෙරට අතර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගය දිවා-රාත්‍රී තරගයක් ලෙස පෙබරවාරි 13 වනදා පැවැත්වෙයි.

Read More