Author: Buzzer Editorial

අඛණ්ඩව එල්ලවූ අභියෝග රැසක් ජයගනිමින් අමෙරිකා එක්සත් ජනපද ධවල මන්දිරයට මාවත විවරකරගන්නට ඩොනල්ඩ් ට්‍රම්ප් යළි සමත් විය. ඒ එරට 47 වැනි ජනාධිපතිවරයා ලෙසිනි. සිය ජයග්‍රහණය නිවේදනය කරමින් ඔහු ජනතාව හමුවේ සහතික කළේ තමා යුද්ධ නතර කරන අතර යුද්ධ ආරම්භ නොකරන බවය. අමෙරිකාව යුද බලයෙන් සන්නද්ධ කළ යුතු වුවත් එහි අදහස යුද්ධ කිරීම නොවන බව විජයග්‍රහණය දැනුම්දුන් අවස්ථාවේ ඔහු අවධාරණය කළේය. අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරාගැනීමේ 60 වැනි ජනාධිපතිවරණය ඊයේ (05) පැවැත්වුණි. මෙවර මැතිවරණය සඳහා සුදුසුකම් ලබා සිටි අමෙරිකානු ඡන්දදායකයින් සංඛ්‍යාව මිලියන 186කි. මැතිවරණයේ කරටකර සටනක් පැවතියේ රිපබ්ලිකන් අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂිකා වත්මන් උපජනාධිපතිනී කමලා හැරිස් අතරය.…

Read More

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) අඛණ්ඩතාව සහ මානව සම්පත් පිළිබඳ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් මහතා අතර හමුවක් ඊයේ (05) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පවත්වා තිබේ. අයි. සී. සී. දූෂණ මර්දන ඒකකයේ අභිනවයෙන් පත් වූ ස්වාධීන සභාපති, ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා ද මෙම අවස්ථාවට එක්විය. මෙහිදී ඇලෙක්ස් මාෂල් මහතා පසුගිය වසර හත තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ ක්‍රියාවන්ට එරෙහිව ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳ අවදානය යොමුකර තිබේ. එමෙන්ම ක්‍රීඩකයින්ගේ අධ්‍යාපනයේ වැදගත්කම සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ශක්තිමත් කිරීමේ අවශ්‍යතා පිළිබඳ පෙන්වා දී ඇත. මෙම සාකච්ඡාවට අයි. සී. සී. දූෂණ මර්දන ඒකකයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරු (මෙහෙයුම්) ඇන්ඩෲ එෆ්ග්‍රේව් මහතා, ජනාධිපති කාර්යාලයේ නීති…

Read More

2025 වර්ෂය සඳහා අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි මුළු අවශ්‍යතාව රෙදි මීටර මිලියන 11.82ක් පමණ වේ. එම සම්පූර්ණ ප්‍රමාණයම ප්‍රදානයක් ලෙස ලබා දීමට මහජන චීන සමූහාණ්ඩුව විසින් එකඟතාව පළ කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. මෙම රෙදි තොගයට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය වෙත එවන ලද නියැදිය ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය මඟින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව, එම රෙදි පාසල් සිසුන්ගේ භාවිතය සඳහා සුදුසු බවට නිර්දේශ කර තිබේ. ඒ අනුව, 2025 වර්ෂය සඳහා සියලුම පාසල් හා පිරිවෙන් සිසුනට නිල ඇඳුම් රෙදි සපයා දීම සඳහා වන චීන රජයේ ප්‍රදානය භාර ගැනීම පිණිස අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය වශයෙන් ගරු…

Read More

වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆි මහතාට එරෙහිව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව නිෂ්ප්‍රභ කිරීමට එම මහෙස්‌ත්‍රාත්වරයා අද (06) නියෝග කළේය. ඒ නීතිපති ගේ උපදෙස් අනූවය. එහිදී නීතිපතිවරයා උපදෙස් දී ඇත්තේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් එම නඩුව නිෂ්ප්‍රභ කරන ලෙසයි

Read More

ගාලු මුවදොර පිටිය විවිධ සාමාජ ක්‍රියාකාරකම් සඳහා ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඊයේ (05) පැවති කැබිනට් මණ්ඩල හමුවේදී එම තීරණය ගත් බව ඒ මහතා පැවසීය. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පරිපාලිත සමාගමක් වන ශ්‍රී ලංකා වරාය කළමනාකරණ හා උපදේශක සේවා පුද්ගලික සමාගමේ කළමනාකරණය සහ පරිපාලනය යටතේ පවතින ගාලුමුවදොර පිටිය ආගමික කටයුතු හැර වෙනත් කටයුතු සඳහා භාවිත කිරීම පිණිස අවසර ලබා නොදීමට 2023‑04‑17 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත. ගාලු මුවදොර පිටිය පරිපාලනය හා නඩත්තුව සඳහා මාසිකව ආසන්න වශයෙන් රුපියල් මිලියන 2.5 – 3.0ක පමණ පිරිවැයක් දැරීමට සිදු වන අතර, එම මුදල…

Read More

අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය හේතුවෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ පනවා තිබූ නීති ලිහිල් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කළේ, ඒ අනුව නිරෝගී සතුන් ප්‍රවාහන කිරීම සඳහා අවසර ලබා දී ඇති බවය. “ක්ෂේත්‍රයේ පැවැත්මට සහ වර්තමානයට අනුව මේ සතිය වෙද්දි ව්‍යාප්තියේ යම් යම් අඩුවීම් වෙලා තියෙනවා. කර්මාන්තයත් රැක ගන්න ඕනේ නිසා. අපි ගැසට්ටුව යම් කාරණා සම්බන්ධයෙන් ලිහිල් කරලා තවත් ගැසට්ටුවක් අලුතින් නිකුත් කළා. නොවැම්බර් 4 වෙනිදා සිට නැවත දැනුම්දෙන තුරු එම ගැසට් පත්‍රය බලාත්මකයි. ඒ ගැසට්ටුව අනුව අපි කලින් කිව්වේ සතුන්…

Read More

ජපානයේ නිෂ්පාදිත ලොව ප්‍රථම දැව චන්ද්‍රිකාව පසුගියදා අමෙරිකාවේ කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කර තිබේ. චන්ද්‍රයා සහ අඟහරු පිළිබඳ ගවේෂණ සඳහා දැව යොදාගැනීම පිළිබඳව සිදුකරන පූර්ව පර්යේෂණයක් ලෙස මෙම අභ්‍යාවකාශ ගමන හැඳින්විය හැකිය. ජපානයේ කියෝතෝ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් සහ දැවමය නිෂ්පාදන සිදුකරන ජපාන සමාගමක් එක්ව මෙම චන්ද්‍රිකාව නිර්මාණය කර තිබුණි. එය නම් කර ඇත්තේ, ලතින් භාෂාවෙන් දැව යන අර්ථය ලබාදෙන ‘ලිග්නෝසැට්’ නමිනි. චන්ද්‍රයා සහ අඟහරු පිළිබඳ ගවේෂණ සඳහා දැව යොදාගැනීම පිළිබඳව සිදුකරන පූර්ව පර්යේෂණයක් ලෙස මෙම අභ්‍යාවකාශ ගමන හැඳින්විය හැකිය. ලිග්නෝසැට් චන්ද්‍රිකාව මාස 6ක කාලයක් පෘථිවි කක්ෂයේ රැඳී සිටීමට නියමිතය. සෑම මිනිත්තු 45කට වරක්ම අභ්‍යාවකාශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 100 සිට…

Read More

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද (06) මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ. එහි කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, පාර්ලිමේන්තු මැතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අදාළ රැස්වීම පැවැත්වෙනු ඇති බවය. “2024 නොවැම්බර් මස 14 වෙනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් දිස්ත්‍රික්ක තේරීම්භාර නිලධාරීවරු, දිස්ත්‍රික් නියෝජ්‍ය සහ සහකාර කොමසාරිස්වරු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රධානත්වයෙන්, සියලුම සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන්, ඒ වගේම ප්‍රධාන කාර්යාලයේ සිටින කොමසාරිස් ජනරාල් සහ අතිරේක කොමසාරිස්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවක් අද උදෑසන පැවැත්වීමට නියමිතව තිබෙනවා. විශේෂයෙන්ම ඉදිරි දින පැවැත්වීමට නියමිත මැතිවරණය අදාළ දින කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කරන්න තමයි මෙහිදී බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අදාළ සියලුම නිලධාරීන්…

Read More

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට සෙත් පතා, ඇගේ ජයග්‍රහණය වෙනුවෙන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර සිට කිලෝ මීටර් 13,000 ක් දුර දකුණු ඉන්දියාවේ කුඩා ගම්මානයක හින්දු කෝවිලක පුද පූජ පැවැත්වෙයි. 60 හැවිරිදි කමලා හැරිස් ඉන්දීය සහ ජැමෙයිකා සම්භවයක් ඇති ඇමෙරිකන් කාන්තාවකි. කමලා දේවි හැරිස් උපත ලැබුවේ, කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ් නගරයේ උපත ලැබුවේ 1964 වසරේ ඔක්තෝබර් 20 වැනිදාය. කමලාගේ මව පිළිකා පර්යේෂිකාවක වූ ශ්‍යාමලා ගෝපාලන්ය. කමලා ගේ පියා ආර්ථික විශේෂඥයකු වූ ඩොනල්ඩ් හැරිස්ය. මොහු ජැමෙයිකානු ජාතිකයෙකි. කමලාගේ ජයග්‍රහණය වෙනුවෙන් පුද පූජා පැවැත්වෙන්නේ දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ, තිරුවාරූර් දිස්ත්‍රික්කයේ තුලායේන්ද්‍රපුරම් ගම්මානයේ හින්දු කෝවිලකය. කමලාගේ මවගේ උපන් ගම්මානය වන්නේ මෙයයි.…

Read More

දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද (05) නාවලපිටිය මිපිටිය ප්‍රදේශයට පැමිණීමත් සමග නොසන්සුන්තාවයක් හටගෙන තිබේ. ඒ, ගම්වාසීන්ගෙන් දේවගැති ජෙරම් ප්‍රනාන්දුට දැඩි විරෝධයක් එල්ලවීමත් සමගය. මානසික ව්‍යාකුලතා සහිත දරුවන් පුනුරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයක් ඉදිකිරීම් සිදු කරන බව පැවසෙන ස්ථානයකට දේවගැති ජෙරම් ප්‍රනාන්දු පැමිණ තිබූ අතර එහිදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන තිබුණි. තත්ත්වය පාලනය කිරීම සඳහා නාවලපිටිය පොලීසියේ නිලධාරීන් ද පැමිණ තිබුණි. ගම්වාසීන් චෝදනා කරන්නේ මෙම ස්ථානයේ දරුවන් පුනුරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයක් ඉදිකරන බවට පවසමින් ආගමික ස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවය. පසුව ගම්වාසීන්ගේ දැඩි විරෝධය මැද දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඔහුගේ ආරක්ෂක නිලධාරීන් සමග එම ස්ථානයෙන් පිටවී ගොස් තිබුණි.

Read More