- කෙහෙල්බද්දර පද්මේට Passport සෑදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් තිදෙනාට ඇප
- මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ
- හිටපු ඇමතිනි චන්ද්‍රාණී බණ්ඩාරට අධි චෝදනා
- ශ්‍රීලංකන් ගුවන් යානයක් කාර්මික දෝෂයකට
- දයාසිරි ගැන සොයන කමිටුවෙන් ගයන්ත ඉවත්වෙයි
- කලා – සංස්කෘතික කටයුතු පිළිබඳ මන්ත්‍රී සංසඳයක් පිහිටුවීමට යෝජනාවක්
- නාවිකයන් සහ සංවිධානාත්මක පිරිසක අතර සිදු වූ ගැටුම ගැන විධිමත් පරීක්ෂණ
- ක්‍රිකට් තරග පාවාදීම සම්බන්ධයෙන් සචිත්ර සේනානායකට නඩු
Author: Buzzer Editorial
රුපියල් 150,000ක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් රාගම ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිනියක් ඊයේ (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. රාගම, මත්තුමගල ප්‍රදේශයේ කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. අදාළ විදුහල්පතිනිය පැමිණිලිකාරියගේ දරුවා 2025 වර්ෂයේ දී පළමු ශ්‍රේණියට ඇතුළත්කර ගැනීම සඳහා මෙම මුදල් අල්ලස් වශයෙන් ඉල්ලා තිබේ. එම මුදල එම විදුහලේ පාසලේ කාර්යාලයේදී ඊයේ ප.ව. 4.00ට පමණ ලබාගැනීමේදී ඇයව මෙලෙස අත්අඩගුවට පත්ව ඇත. අත්අඩංගුවට ගන්නා ලද සැකකාරිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
එළැඹෙන මහ මැතිවරණය වෙනුවෙන් නොවැම්බර් 13 සහ 14 දෙදින දිවයිනේ සියලු පාසල් සඳහා නිවාඩු ලබාදී තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ පාසල් නැවත ආරම්භය නොවැම්බර් 18 වනදා සිදුකෙරෙන බවය. 2024 මහ මැතිවරණය ලබන 14 වන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතය. ඒ අනුව, ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදාගන්නා පාසල් 2024.11.12 දින පාසල් වේලාවෙන් පසුව අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කළ යුතුය. ඡන්ද මධ්‍යස්ථාන කටයුතු සඳහා අවශ්‍ය මේස, පුටු සහ ශාලා පහසුකම් ලබාදීමට සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කර තිබේ. එමෙන්ම, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගේ ඉල්ලීම මත ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා පාසල් අදළා ලේඛනයේ සඳහන් පරිදි ඒ ඒ පාසලට අදාළ කාල වකවානුව…
වසරේ ගත වූ කලය තුළ අධිකරණ මගින් රියදුරු බලපත්‍ර තුන්දහසකට අධික ප්‍රමාණයක් තාවකාලිකව අවලංගු කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සදහන් කළේ, මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ රියදුරු බලපත්‍ර 3,249ක් තාවකාලිකව අවලංගු කර ඇති බවය. රියදුරන් විසින් සිදු කරනු ලැබු විවිධ වැරදි සඳහා පැවති නඩු විභාගවලදී අධිකරණ විසින් අදාළ රියදුරු බලපත්‍ර මෙලෙස තාවකාලිකව අවලංගු කර ඇති බව හෙතෙම පැවසීය. මේ අතර රිය අනතුරු බහුලව සිදු වීමට අපරික්ෂාකාරි රිය ධාවනය සහ වාහන නිසි ප්‍රමිතියකින් යුක්ත නොවීම ප්‍රධානතම හේතු වි ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය මොහොමඩ්…
ලබන වසරේ සිට පාසල් දරුවන්ට පොත් මිල දී ගැනීම සඳහා සහනයක් ලබාදීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. අතුරුගිරිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ජනාධිපතිවරයාගේ අනුමැතිය අනුව එය ලබාදීමට නියමිත බවය. “අපිට ජාත්‍යන්තරයෙන් ලැබෙන සහයෝගය ශක්තිමත් වෙලා තියෙනවා. ඒ වගේම අපිට පුළුවන් වෙලා තියෙනවා ජනාධිපතිවරයාගේ මැදිහත් වීම මත සහන කිහිපයක් ලබාදීමට. විශ්‍රාමික දීමනාව, ධීවරයින්ට දෙන දීමනාව වැඩි කරන එක, ඒ සියල්ල අපිට කළ හැකි වුණා. අපිට කෙටි කාලීන දීමනා පමණක් නොව අපි ඉදිරිපත් කරන අයවැය තුළ කොහොමද සමාජ ආරක්ෂණය තහවුරු කරන්නේ, විශ්‍රාමිකයින් ආරක්ෂා කරන්නේ සහ ජීවන වියදම පාලනය කරන්නේ ගැන අවධානය යොමු කරනවා. විශේෂයෙන්…
නීතිවිරෝධීව සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබාගැනීමට අත්අඩංගුවට ගත් දේවගැතිවරයාගේ වාහන අංගනයේ තිබී තවත් සුඛෝපභෝගී මෝටර් රථයක් සොයා ගෙන තිබේ. මහනුවර ගාල්තැන්න දේවාලයේ දේවගැතිවරයා පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර ඔහු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව මෙම මෝටර් රථය සොයාගැනීමට විමර්ශන නිලධාරීන් සමත්වී ඇත. එලෙස සොයාගත් සුඛෝපභෝගී මෝටර් රථයට සමාන අංකයක් ඇති මෝටර් රථයක් කුරුණෑගල – හෙට්ටිපොළ ප්‍රදේශයේ ඇති බවට පරීක්ෂණවලින් අනාවරණය වීමත් සමග අදාළ රථය පොලිස් භාරයට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ තෙල්දෙණිය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මෙහෙයවනු ලබයි.
නීතිවිරෝධී අයුරින් විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගි මෝටර් රථයක් භාවිතකිරීමේ චෝදනාවට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සහ ඔහුගේ බිරිඳ අද (07) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි. හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාව පසුගිය ඔක්තෝබර් මස 31 වනදා අත්අඩංගුවට ගත් අතර පසුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය. රක්ෂිත බන්ධනාගාර ගතකළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාව පසුව නොවැම්බර් මස 2 වෙනි දා බන්ධනාගාර රෝහලවෙත මාරුකර යැවුණි. එහිදී ලොහාන් රත්වත්තේ මහතාට විශේෂ ආරක්ෂාවක් ලබා දී තිබූ අතර, නොවැම්බර් මස 3 වනදා ලොහාන් රත්වත්තේ මහතාව ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික…
ජනාධිපති ලේකම් ආචාර්යය නන්දික සනත් කුමානායක මහතා සහ මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෘා පැට්‍රික් මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදුව තිබේ. එහිදි වංචා දූෂණ අවම කිරීමට පළාත් පාලන ආයතන පිළිබඳ බ්‍රිතාන්‍යයේ පවතින ක්‍රමවේදය දෙපාර්ශවයේ සාකච්ඡාවට ලක්ව ඇත. ඒ අනුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳව මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට කටයුතු කළ හැකි බව ද මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෘෘ පැට්‍රික් ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. එමෙන්ම දෙරට අතර පවතින ද්වීපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට අපේක්ෂා කරන බව ද බ්‍රිතාන්‍ය මහකොමාසාරිස්වරයා එහිදි ප්‍රකාශ කර තිබේ.
ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ. ඒ අනුව එම ගිනිඅවි නොවැම්බර් මස 21 වන දිනට ප්‍රථම භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය. ගිනිඅවි යළි භාරදීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය විසින් මාසයක කාලයක් ලබාදුන් අතර එම කාලය අදින් අවසන් වීමට නියමිතව තිබුණි. කෙසේවෙතත් ඉදිරිපත්ව ඇති කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්ය. ජීවිත ආරක්ෂාව සඳහා බලපත්‍ර සහිතව ලබා දී ඇති ගිනිඅවි පිළිබඳ සමාලෝචනය කිරීමෙන් පසු නැවත ලබාදීම සලකා බැලීමට යටත්ව ගිනිඅවි භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය දැනුම්දුන්නේය. නාවික හමුදාවේ වැලිසර පිහිටි රජයේ වාණිජ පුපුරණ…
මෙවර මහ මැතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳුදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබේ. ඒ අනුව මැතිවරණ ප්‍රචාරන කටයුතු සඳහා ඇත්තේ තවත් දින 5ක කාලයක් පමණයි. මෙවර මහ මැතිවරණය ලබන 14 වන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතව තිබේ. මේ අතර මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (07) සහ හෙට (08) යන දෙදින තුළ සිදුකිරීමට නියමිතව තිබේ. ඔක්තෝබර් 30 සහ නොවැම්බර් 01 සහ 04 යන දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වු ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල ඡන්ද දායකයින්ට අද දිනයේදී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. ඒ අනුව…
විදේශීය සමාගම් දෙකකින් මෙරටට විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබෙන රිට් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම්කර තිබේ. අදාළ මිලදී ගැනීම් අභියෝගයට ලක් කරමින් එපික් ලංකා පුද්ගලික සමාගම විසින් ගොනු කර ඇති පෙත්සමට අදාළව පෙත්සම්කාර පාර්ශ්වය විසින් මෝසමක් ඉදිරිපත් කරමින් එහි වගඋත්තරකරුවකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා නම්කර ඇත. මෙම පෙත්සම අද (06) මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර තිබූ සමාගම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුව කරුණු දක්වමින් ඊ- විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක්…