Author: Buzzer Editorial

ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ දැරීමේ කුමන්ත්‍රණයට මෙන්ම මෙරට රැඳී සිටින ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති ෆර්හාඩ් ෂකේරි නැමැත්තා සම්බන්ධයෙන් ඉරාන විදේශ අමාත්‍යංශය ප්‍රතිචාර දක්වා තිබේ. ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමේ උත්සාහයට ඉරානය සම්බන්ධ බවට එල්ල වන චෝදනා එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරාච්චි ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්ය. ප්‍රතිවිරුද්ධ මතදාරී රටවල් දෙක අතර විශ්වාසය ගොඩනැඟීමට කටයුතු කරන ලෙස අමෙරිකාවෙන් ඉල්ලා සිටින බව ඉරාන විදේශ අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත. සිය “x” ගිණුමේ සටහනක් තබමින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාච්චි මේ බව සඳහන් කර තිබේ. වර්තමානයේ නව ජවනිකාවක් නිර්මාණය කරමින් තුන්…

Read More

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසුවේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් අනතුරුව මැතිවරණ ප්‍රචාරක කාර්යාල ද හෙට (12) දින වන විට ඉවත් කළ යුතු බවය. “මේ වන විට අපේක්ෂකයින් ඡන්ද ප්‍රචාරණ කටයුතු සඳහා කාර්යාල පිහිටුවා තිබෙනවා. එම කාර්යාලවලින් ඡන්ද කොට්ඨාස මට්ටමින් පවත්වාගෙන යන කාර්යාල සියල්ල 12 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කරගත යුතු වෙනවා. 12 මධ්‍යම රාත්‍රියෙන් පසුව තබා ගන්නට හැකියාව ලැබෙන්නේ පක්ෂ සහ කණ්ඩායම් සඳහා මැතිවරණ කොට්ඨාසයට එකක් වශයෙන් පිහිටුවා තිබෙන කාර්යාලය. ඒ වගේම ඒ දිනයේ සිට අපේක්ෂකයින්ට හැකියාව තිබෙනවා මැතිවරණ කොට්ඨාසයටම එක් කාර්යාලයක් පිහිටුවා…

Read More

පාර්ලිමේන්තු මැතිවරණ කාලසීමාව තුළ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් වෙනුවෙන් ක්‍රියාත්මක වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් ක‍ළේ, ඒ සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ විශේෂ ඒකකයක් පිහිටුවීමට ද නියමිත බවය. ලබන 12 වනදා සිට එම ඒකකයේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇති බව ඒ මහතා පවසයි. ඒ අනුව මැතිවරණයට පෙර දින දෙකක් හා මැතිවරණයට පසු දින දෙකක් වන පරිදි දින 05ක කාලයක් සඳහා මැතිවරණ මහලේකම් කාර්යාලය සමග එක්ව මෙම විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බව ප්‍රදීප් කොඩිප්පිලි මහතා වැඩිදුරටත් පැවසුවේය.

Read More

දඹුල්ලේ දී අද (10) අවසන් වූ දෙවැනි හා අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයෙන් නවසීලන්ත කණ්ඩායම හමුවේ ලකුණු 5ක තියුණු පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. ඒ අනුව තරග 2-0ක තරගාවලි ජයක් තහවුරු කරගැනීමට අවස්ථාව හිමිව තිබූ ශ්‍රී ලංකාවට, තරග 1-1ක් ලෙස අවසන් කරගැනීමට සිදුවිය. අද තරගය ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවූවානම්, නවසීලන්තයට එරෙහිව වසර 11කට පසු විස්සයි20 තරගාවලියක් ජයගැනීමට හැකියාව තිබුණි. අවසන්වරට ඔවුන් නවසීලන්තයට එරෙහිව විස්සයි20 තරගාවලියක් ජයගෙන සිටියේ 2013 වසරේදීය. එයද ශ්‍රී ලංකාවේදීමය. ඒ හැරෙන්න එම තරගාවලියෙන් අනතුරුව නවසීලන්තයේ මෙන්ම ශ්‍රී ලංකාවේ පැවැත් වූ සෑම තරගාවලියක්ම (තරගාවලි 4) ජයගැනීමට සමත් වූයේ නවසීලන්තය යි. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 19.3කදී…

Read More

විදුලි බිල සියයට 30කට වඩා අඩු කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (09) දඹුල්ලේදී පැවැති ජාතික ජන බලවේගයේ ජන රැලියක් අමතමින් ඔහු මේ බව පැවසීය. “අවුරුද්දක් එකහමාරක් වගේ කාලයක් යනකොට අපි විදුලිබල ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් ඇති කරනවා. මේ විදුලි බිල 30%කට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කරනවා. අපිට පොඩි කාලයක් දෙන්න ඒකට. ඉන්ධන මිල වුණත් අඩු කරන්න අපිට කාලයක් අවශ්‍යයි. අපි මේ වැඩ ටික කරන්නම්.”

Read More

එළැඹෙන නොවැම්බර් 13 සහ 14 දෙදින වහාම නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ විශ්වවිද්‍යාල සිසුන්ගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීම සඳහා මෙම පියවර ගත් බවය. මේ අතර එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණ ජන්ද විමසීමේදී රාජ්‍ය විශ්ව විද්‍යාල කාර්යමණ්ඩල වලට මෙන්ම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ද ජන්දය ප්‍රකාශ කල හැකි අයුරින් නිවාඩු ලබා දීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිශන් සභාව දැනුම් දී තිබේ. ඒ අනුව රජ්‍ය විශ්ව විද්‍යාල යටතට නොගැනෙන පෞද්ගලික විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන විසින්ද කාර්ය මණ්ඩල හා සිසුන්ට ජන්දය භාවිතා කිරීමට හැකි වන පරිදි නිවාඩු ලබා දිය යුතු…

Read More

අන්තර්ජාලය හරහා මුදල් වංචාකිරීමේ ජාවාරමක සුලමුල අනාවරණය කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය සමත්ව තිබේ. ජාවාරමට සම්බන්ධ බවට සැකපිට එහි ප්‍රධානීන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 59 දෙනෙකු ද ඊයේ (08) කොළඹදී අත්අඩංගුවට ගනු ලැබීය. විදේශීය ජාතිකයන් ඉලක්ක කර එම ජාවාරම සිදුකර ඇති අතර දැනට රුපියල් කෝටි 30ක පමණ මුදලක් ඔවුන් වංචා කර ඇති බවද පොලීසිය පැවසීය. මෙරට කොරියානු තානාපති කාර්යාලයෙන් පසුගිය බ්‍රහස්පතින්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී තිබුණේ කොරියානුවෙකුගෙන් මෙරට පිහිටි වේවිටෙක් නම් ආයතනයක් රුපියල් කෝටි 30කට ආසන්න මුදලක් වංචා කර ඇති බවය. අවස්ථා කිහිපයකදී ව්‍යාපාර කටයුතු සඳහා ආයෝජනය කිරීමට බව පවසමින් අමෙරිකානු ඩොලර් මිලියනයක පමණ මුදලක් අදාළ කොරියනු ජාතිකයාගෙන් ලබාගෙන ඇති අතර…

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු 20යි 20 ක්‍රිකට් තරගය කඩුලු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ‍රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී තරගයේ කාසියේ වාසිය දිනු නවසීලන්ත නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. නමුත් නවසීලන්ත නායකයාගේ තීරණයට උපරිම සාධාරණය ඉටුකිරීමට පිතිකරුවන්ට හැකියාවක් ලැබුණේ නැත. ඒ අනුව, නවසීලන්ත පිලේ පළමු කඩුලු 8 ලකුණු 96කදී දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්විය. නවසීලන්තය වෙනුවෙන් 9 වැනි කඩුල්ලට ලකුණු 39ක සබඳතාවක් ගොඩ නැගීමට ඉෂ් සෝදි සහ සැක් ෆෝක්ස් සමත්වුණේ නවසීලන්තය ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන එමිනි. අද දිනයේදී නවසීලන්තය වෙනුවෙන් කඩුල්ලකට ගොඩ නැගුණු ඉහළම ලකුණු සංඛ්‍යාව මෙයයි. ඒ අනුව නවසීලන්තයට පන්දුවාර…

Read More

එළැඹෙන මහමැතිවරණ වෙනුවෙන් සියලුම ඡන්දදායකයින් ට සිය ඡන්දය භාවිත කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ඉල්ලීමක් කරයි. ඔහු පැවසුවේ ඡන්දය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පුරවැසියන්ට ලබා දෙන අයිතියක් බැවින් සිය ඡන්දය භාවිත කරන ලෙසය. “ඡන්දය ඔබට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබා දීලා තියෙන අයිතියක්. ඒ නිසා ඒ අයිතිය භාවිත කිරීම ඔබේ යුතුකමක්… ඡන්දය ඔබේ අයිතියයි. ඡන්දය ඔබේ බලයයි… ඒ නිසා 14 වැනිදා උදෑසන 7.00 සිට පස්වරු 4.00 දක්වා ඔබේ වටිනා ඡන්දය භාවිත කරන්න ඡන්ද පොළවල්වලට යන්න.”

Read More

කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම් පරිශ්‍රයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට අමාත්‍ය විජිත හේරත් මහතා එක්ව තිබේ. ඊයේ (07) සවස අමාත්‍යවරයා අදාළ ස්ථානයට ගොස් තිබුණේ, බහාලුම් නිෂ්කාශනය කෙරෙන පරිශ්‍රය හා බැඳුණු ගැටලු රැසකට විසඳුම් ලබාදීමට ය. වරාය සේවකයින්, රියදුරන් සහ බහාලුම් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමයේ පැමිණිලි කිහිපයක් පිළිබඳ සලකා බැලූ අමාත්‍යවරයා ඒ සියල්ල විසඳීම සදහා අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. එහිදී ප්‍රධාන වශයෙන් පහත සඳහන් ගැටලු හඳුනාගෙන තිබුණි. 01. බහාලුම් නිෂ්කාශනයට ගත වන කාලය අසාමාන්‍ය ලෙස වැඩී වීම නිසා එය අවම කිරීම සඳහා කටයුතු සලසන ලෙස ප්‍රවාහනකරුවන්ගේ ඉල්ලීම. 02. බහාලුම් පරීක්ෂාව සඳහා පසුගිය රජයෙන් මිලදීගෙන සවි කළ scan යන්ත්‍ර මඟින් කිසිසේත් සෑහිමකට පත්විය හැකි…

Read More