Author: Buzzer Editorial

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යංශ 16ක් සඳහා නව ලේකම්වරුන් පත්කර තිබේ. අද (19) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදුකෙරුණි. එම ලේඛනය පහතින් දැක්වෙයි.

Read More

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා 19වැනි ජී-20 නායක සමුළුවට සහභාගි වුණා. ඒ බ්‍රසීල වේලාවෙන් 18වැනිදා පෙරවරුවේ බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ අගනුවර දී. සමුළුවේ පළමු අදියරේදී “කුසගින්න සහ දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීම” යන ප්‍රධාන තේමාව යටතේ පැවති සාකච්ඡාවේදී ෂී ජින් පිං මහතා “පොදුවේ සංවර්ධනය වන සාධාරණ ලෝකයක් ගොඩනැගීම” යන මැයෙන් වැදගත් දේශනයක් පවත්වා තිබෙනවා. පොදුවේ සංවර්ධනය වන සාධාරණ ලෝකයක් ගොඩනැගීම සඳහා, වෙළඳාම, සංවර්ධනය හා සහයෝගීතාවය යනාදී ක්ෂේත්‍රවල සම්පත් ආයෝජනය වැඩි කළ යුතු බව ඔහු එහිදී කියාසිටියා. දේශගුණික විපර්යාස සහ පරිසර දූෂණය වැනි අභියෝගවලට නිසි ලෙස ප්‍රතිචාර දැක්විය යුතු බවත් සහභාගීත්වයෙන් යුතු ආර්ථික ගෝලීයකරණය ප්‍රවර්ධනය කොට බහුපාර්ශ්වවාදය තහවුරු කළ යුතු බවත්…

Read More

දසවැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයන් වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2024 නොවැම්බර් මස 25, 26 සහ 27 යන දිනයන්හි දී පෙ.ව. 9.30 සිට ප.ව. 4.30 දක්වා පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 01 හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. නව පාර්ලිමේන්තුවක් ආරම්භයේ සම්ප්‍රදායිකව සිදුකරනු ලබන කටයුත්තක් ලෙස මෙම වැඩමුළුව මෙවරද සංවිධානය කර තිබේ. මෙම අවස්ථාව සඳහා ගරු අග්‍රාමාත්‍යතුමිය, ගරු කථානායක, ගරු නියෝජ්‍ය කථානායක, ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති, ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, පාර්ලිමේන්තුවේ මහ ලේකම්, නියෝජ්‍ය මහ ලේකම්, සහකාර මහ ලේකම් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතව තිබේ. මෙම තෙදින වැඩමුළුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ භූමිකාවේ කාර්ය භාරය, පාර්ලිමේන්තු වරප්‍රසාද, පාර්ලිමේන්තුව තුළ…

Read More

මන්ත්‍රීවරයෙකුට ලබාදෙනු ලබන්නේ වැටුපක් නොව දීමනාවක් බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම්, කුෂානි රෝහණධීර මහත්මිය පවසන්නීය. ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, වර්තමානයේ මන්ත්‍රීවරයෙකුට 54,000කට ආසන්න දීමනාවක් හිමිවන බවය. මීට අමතරව පැමිණීමේ දීමනාවක් ලෙස පාර්ලිමේන්තු රැස්වීම් පවත්වන දිනයන් වෙනුවෙන් රු 2,500ක මුදලක් සහ රැස්වීම් නොපවැත්වෙන දිනයන්වල දී කාරක සභාවලට සහභාගී වීම වෙනුවෙන් රු 2,500ක දීමනාවක් ද ඔවුන්ට හිමිවේ. දුර ප්‍රමාණය මත ඉන්ධන දීමනාවක් හිමිවන බවත්, එය සූත්‍රයක් අනුව ගණනය කරන බවත් ඇය සඳහන් කළාය. ඊට අමතරව පාර්ලිමේන්තුවේ සිට කිලෝමීටර් 40ක් ඇතුළත නිවසක් නොමැති අයට, අයදුම් කර මාදිවෙල ඇති මන්ත්‍රී නිවාස ලබාගැනීමට හැකියාව ඇති බව ද ඇය කියා සිටියාය. මාදිවෙල එවැනි නිවාස 108ක්…

Read More

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. මෙම ටෙස්ට් තරගාවලියේ පළමු තරගය නොවැම්බර් 27 වනදා ඩර්බන් හිදී ආරම්භ වේ. මේ අතර දෙවන ටෙස්ට් තරගය දෙසැම්බර් 5 වනදා ගෙබෙතා හිදී ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා සංචිතය මෙසේය, ධනංජය ද සිල්වා (නායක)පැතුම් නිස්සංකදිමුත් කරුණාරත්නදිනේෂ් චන්දිමාල්ඇන්ජලෝ මැතිව්ස්කුසල් මෙන්ඩිස්කමිඳු මෙන්ඩිස්ඕෂධ ප්‍රනාන්දුසදීර සමරවික්‍රමප්‍රබාත් ජයසූරියනිශාන් පීරිස්ලසිත් ඇඹුල්දෙණියමිලාන් රත්නායකඅසිත ප්‍රනාන්දුවිශ්ව ප්‍රනාන්දුලහිරු කුමාරකසුන් රාජිත

Read More

අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පත්කර තිබේ. නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි. එහිදී නව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙලෙස පත් කරනු ලැබීය.

Read More

දස වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් අද (19) සහ හෙට (20) තොරතුරු කවුළුවක් ස්ථාපිත කරන බව පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය පවසන්නීය. ඇය පෙන්වා දෙන්නේ අද සහ හෙට පෙරවරු 09.30 සිට පස්වරු 3.30 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙම කවුළුව ක්‍රියාත්මක බවය. එහිදී සියලු මන්ත්‍රීවරුන්ට ප්‍රයෝජනවත් වන තොරතුරු ලිපි ලේඛන සැපයීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැඳුනුම්පත සඳහා ඡායාරූප ලබා ගැනීම සහ විද්‍යුත් ඡන්ද විමසීමේ කටයුතුවලට අදාළ ඇඟිලි සලකුණු ලබා ගැනීමේ කටයුතු සිදුකිරීමට නියමිතය. ඒ පිළිබඳව පැහැදිලි කරන පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය, “එදිනට මේ මන්ත්‍රීවරුන්ට පැමිණ හෝ ඔන්ලයින් ක්‍රමයට තොරතුරු අපට ලබාදී රෙජිස්ටර්…

Read More

බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය. උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

රුපියල් මිලියන 1152කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ. නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවට බටහිර දෙසින් කිලෝමීටර් 200ක් පමණ දුරින් වූ ගැඹූරු මුහුදේදීය. මෙහිදී බහුදින ධීවර යාත්‍රාවක් සමග සැකකරුවන් පස් දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. ඔවුන් අවුරුදු 23-33ත් අතර ගන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි. ධීවර යාත්‍රාව ගාල්ල වරයට රැගෙන විත් සිදුකළ වැඩිදුර පරීක්ෂාවේදී උර දෙකක් තුළ පාර්සල් 40ක මෙම හොරයින් තොගය අසුරා තිබියදී නාවික හමුදාව සොයාගෙන තිබේ. නාවික හමුදාව පැවසුවේ එය කිලෝ 46යි ග්‍රෑම් 116ක බරකින් යුක්ත බවය. හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ බහුදින…

Read More

මැතිවරණ කොමිසම මෙම මස අග දී යළි රැස්වීමට නියමිතව තිබේ. ඒ අනුව මහ මැතිවරණය අවසන් වීමෙන් පසු මැතිවරණ කොමිසම මෙම මස 27 වන දින යළි රැස්වීමට නියමිත බව වාර්තා වේ. මෙම රැස්වීමේ දී පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. මේ වන විට පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ද ලබා දී ඇති අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම රැස්වීමේ ප්‍රධාන අරමුණ බවට පත්වනු ඇත. මේ අතර එළැඹෙන පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ සඳහා වන මුල්‍ය අවශ්‍යතාව පිළිබඳව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතුරු සම්මත ගිණුමට ඇතුළත් කිරීමට තීරණය කර ඇති බව ද වාර්තා…

Read More