Author: Buzzer Editorial

ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආර්. රහ්මාන්ගේ බිරිඳ සයිරා බානුගේ නීතීඥවරයා යුවලගේ දිස්කසාදයට අදාල නිල ලියකියවිලි මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියට පත් කිරීමත් සමඟය. යුවළ දික්කසාද වී ඇත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේ බවත්, නිල ලියවිලි ලැබෙනතුරු එ් බව ප්‍රසිද්ධියට පත් නොකළ බවත් පැවැසෙයි. ඒ.ආර්. රහ්මාන් සහ බිරිඳ සයිරා බානු විවාහ වූයේ 1995 වසරේදීය. යුවලට කතිජා, රහීමා සහ අමීන් යනුවෙන් දරුවෝ තිදෙනෙකි. වසර 29 ක විවාහ දිවිය අවසන් කිරීමට යුවල තීරණය කළ බව නීතීඥ වන්දනා ෂා මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත. එම විවාහය ඒ.ආර්. රහ්මාන්ගේ මවගේ කැමැත්ත…

Read More

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඇප මත නිදහස් කර තිබේ. බදුල්ල මහෙස්ත්‍රාත්වරයා විසින් ලක්ෂ 05 බැගින් වු ශරීර ඇප දෙකක් මත හරීන් ප්‍රනාන්දු මහතා ඇප මත නිදහස් කිරීමට නියෝග කර ඇති බව වාර්තා වේ. මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ චෝදනාවකට අදාළව හරීන් ප්‍රනාන්දු මහතා අද (20)පෙරවරුවේ බදුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව නීතිවිරෝධී ප්‍රචාරණ කටයුතු සිදුකිරීම ඇතුළු ඔහුට එරෙහිව චෝදනා 06ක් එල්ල වී තිබුණි.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතා ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයේ තිබෙන සුජීව සේනසිංහ මහතාගේ V8 රථය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමටය.

Read More

ආරක්ෂිතව මුදල් ප්‍රවාහනය කරන පෞද්ගලික ආයතනයක රියදුරෙකු මිනුවන්ගොඩ දී රුපියල් කෝටි 7කට අධික මුදල් රැගෙන පළායෑමේ සිදුවීමට අදාළ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හා මිනුවන්ගොඩ පොලීසිය එක්ව සිදුකළ මෙහෙමකින් පසුව අදාළ සැකකරු ඊයේ (19) දහවල් ගම්පහ කඩුවන්ගහ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. ඔහුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 420ක් සොයාගෙන තිබූ අතර සොරකම් කළ මුදලින් රු 31,515,291ක මුදලක් ද සොයා ගෙන ඇත. එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 35ක් වූ තම්මිට, මාකවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ආරක්ෂිතව මුදල් ප්‍රවාහනය කරනු ලබන පෞද්ගලික ආයතනයක සිව්දෙනෙකුගෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් වෑන් රථයකින් ඊයේ උදෑසන මිනුවන්ගොඩ…

Read More

හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේය. ඒ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ චැනල් 4 නාලිකාව ඉදිරිපත් කළ ආන්දෝලනාත්මක වාර්තා වැඩසටහනේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමටය. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවට ඔහුගේ හිටපු ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ බව පැවසෙන අසාද් මවුලානා නැමැත්තා හෙළිකළ කරුණු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පිල්ලයාන් ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි. පසුගිය 12 වනදා ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර දැනුම් දී තිබුණි.

Read More

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කළ කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා අද (20) සිය ධුරයේ යළි වැඩ භාර ගත්තේ ය. භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරු සහ මුදල් අමාත්‍යාංශය යටතේ වන දෙපාර්තමේන්තුවල ප්‍රධානීහු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම ලබාගැනීම සහ මෙරට ණය ප්‍රතිව්‍යුහගතරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා සුවිශේෂී දායකවත්යක් දැක් වූ ඒ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ භූතානය සඳහා විකල්ප විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කර ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ වැන්ඩබිල්ට් විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ ආර්ථික සංවර්ධනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබාගෙන ඇති…

Read More

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස බල කරමින් විශ්වවිද්‍යාලයේ අධ්‍යයන, අනධ්‍යයන සහ ශිෂ්‍ය සංගම් එක්ව ආරම්භ කළ වර්ජනය අද(20) දෙවන දිනටත් ක්‍රියාත්මක වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි. කෙසේවෙතත් අදාළ ගැටලුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමග ඊයේ පස්වරුවේ සාකච්ඡාවක් පැවති අතර ඉන් අනතුරුව ඒ පිළිබඳව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්.ප්‍රියන්ත මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළේය. “මෙතුමා විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වූ දා පටන්, අධ්‍යයනය කාර්ය මණ්ඩලය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා සිසුන්ව ඉතා පීඩනයකට ලක්කරමින් පෞද්ගලික පළිගැනීමකට ලක්කරා. විශේෂයෙන්ම සිසුන් බොහෝදෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කරලා, ඔවුන්ට උපාධි ප්‍රදානෝත්වයට සහභාගී වීම අත්හිටුවා තිබෙනවා. අනධ්‍යයන…

Read More

මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාව බදුල්ල ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා මේ බව තහවුරු කළේය. පසුගිය 11 වනදා බදුල්ල නගරයේදී මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක් අතරතුරදී පොලීසිය සමග ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අද උදෑසන හරීන් ප්‍රනාන්දු මහතාට බදුල්ල පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබුණි. ඒ අනුව ඔහු අද (20) උදෑසන පොලීසිය හමුවට පැමිණීමෙන් පසුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය දා හරීන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් ‘අංක 10’ මුද්‍රිත ටී ෂර්ට් පැලඳගෙන බදුල්ල නගරයේ පා ගමනින් යමින් සිටියදී පොලීසිය සමග උණුසුම් තත්ත්වයක් ද ඇති වුණි.…

Read More

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තුන්වැනි සහ අවසන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව තරගාවලියේ ජය 2ට 0ක් ලෙස ශ්‍රී ලංකාව දිනාගත්තේය. එම තරගය අද (19) දහවල් මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ආරම්භ වුණි. කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි අතර පන්දුවාර 21ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 112ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.

Read More

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ගේ නම ජාතික මැතිවරණ කොමිසම විසින් ගැසට් කර තිබේ. නොවැම්බර් 14 වනදා පැවති මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු ආසන 5 ක් හිමිකර ගත් අතර ඒ සඳහා තවත් සිව් දෙනෙක්ව නම්කළ යුතුය.

Read More