Author: Buzzer Editorial

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම් පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය විසින් ගොනුකර තිබෙන පෙත්සම විභාගය සඳහා ලබන 06 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නියෝග කළේය. එම පෙත්සම අද ඒ.එච්.එම්.ඩී.නවාස්, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ, මෙම පෙත්සම විභාගය සඳහා ලබන 06 වනදා කැඳවන ලෙසය. පෙත්සම තුළින් සඳහන් කර තිබෙන්නේ යෝජිත පනත් කෙටුම්පත තුළින් ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට යෝජනා කර ඇති බවය. තවද සේවකයින්ට වන්දි ගෙවා ඔවුන්ගේ සේවය අවසන් කිරීම…

Read More

කොළඹ මහ නගර සහාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගයට එරෙහි පාර්ශවයන්ගේ එකුතවෙන් සැදුම්ලත් පාලනයක් අවශ්‍ය සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහද් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා, “කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් පක්ෂය හැටියට පෙනී යන්නේ පවතින ආණ්ඩුවට කොළඹ මහ නගර සභා බල සීමාව තුළ පදිංචි වී සිටින ජනතාවගෙන් අති බහුතරයක් කැමැත්ත ප්‍රකාශ කරලා නැහැ. කොළඹ මහ නගර සභාවේ ජනතාව මාලිමාව ප්‍රතික්ෂේප කිරීමේ තත්ත්වයක් තුළ මාලිමාවට විරුද්ධ පාර්ශවයන්ගේ එකතුවෙන් සැදුම්ලත් පාලනයක් බිහිකිරීමට අවශ්‍ය සහායෝගය පක්ෂයක්…

Read More

ඕස්‍ට්‍රේලියානු තුන්ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් වහාම ක්‍රියාත්මක වන පරිදි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බව නිවේදනය කර සිටී. කෙසේවෙතත් ජාත්‍යන්තර විස්සයි 20 තරඟ පිටියේ තවදුරටත් තමා රැඳී සිටින බව ද ඔහු සඳහන් කරයි. ප්‍රහාරාත්මක පිතිකරුවකු වන ග්ලේන් මැක්ස්වෙල්, ඕස්ට්‍රේලියානු පිලට ලෝක කුසලාන දෙකක් ජයග්‍රහණය කිරීමට දායක වූ ක්‍රීඩකයෙකි. 36 හැවිරිදි ග්ලේන් මැක්ස්වෙල් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 149 කදී ලකුණු 3990 ක් ලබාගෙන ඇත. 2023 එක්දින ලෝක කුසලාන තරඟ මාලවේ දී ඇෆ්ගනිස්ථානයට එරෙහිව ඔහු නොදැවී වාර්තා කළ ද්විත්ව ශතකය, එක්දින ක්‍රිකට් වංශ කථාවේ ඉතා විශිෂ්ට ඉනිමක් ලෙසින් සැලකේ.

Read More

ජාතික තේරීම් කමිටුව පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු කර තිබේ. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 30 වැනිදා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේදී මෙම පත් කිරීම සිදුකර ඇත. එහිදී ජාතික තේරීම් කමිටුවේ නව සභාපතිනිය ලෙස ශ්‍රියානි කුලවංශ මහත්මිය පත් කිරීමටද පියවර ගෙන තිබේ. එම කමිටු නිලධාරීන් පහතින් 01. ශ්‍රියානි කුලවංශ – (සභාපති – ජාතික ක්‍රිඩා තෙරීම් කමිටුව) 02. මේජර් ජෙනරාල් රවී පතිරවිතාණ – (ලේකම් – ජාතික ක්‍රිඩා තේරීම් කමිටුව )03. මේජර් රාජිත සමරසේකර – (සම්බන්ධීකරණ නිලධාරී – ජාතික ක්‍රිඩා තේරීම් කමිටුව)04. කමල් ගම්ලත් – විශ්‍රාමික (ක්‍රීඩා භාර නිලධාරී -…

Read More

වත්මන් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මෙම මස අග දී, දැනට දරන මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරයෙන් විශ්‍රාම ගන්නා බවත්, ඔහු ඉන් අනතුරුව ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස වැඩභාර ගැනීමට නියමිත බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (02) පෙරවරුවේ දී ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති, ‘ජාතික බදු සතිය’ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. මහින්ද සිරිවර්ධන මහතාගේ විශ්‍රාම යාම පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, “එතුමා කියූ පරිදි මෑත ඉතිහාසයේ සහ ලෝක ඉතිහාසයේ බදු අඩු රාජ්‍ය බවට අපි පත්වුණා. එය නැවත යම් සාධාරණ බද්දකට අපේ රට පරිවර්තනය කිරීම සඳහා වූ වෙහෙසක්…

Read More

මහජනයාගේ සෑම රුපියලක්ම ආරක්ෂා කරගැනීම උදෙසා ජනාධිපතිවරයාගේ වැයශීර්ෂය පවා කප්පාදු කළ හැකි සෑම අවස්ථාවකම තමා කප්පාදු කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන ‘ජාතික බදු සතිය’ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, බදු ගෙවන සියලුදෙනාගේ සෑම රුපියලක්ම ආරක්ෂා කරන බවට තමා සහතික වන බවය. මහජනතාවගේ මුදල් නාස්තිය අවම කරන බවට ලබාදෙන පළමු ආදර්ශය එය බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. පුරවැසියාට කාර්යක්ෂතාවයෙන් යුතු රාජ්‍ය සේවයක් ලබාදීමට ඩිජිටල්කරණය හඳුන්වාදෙන බව ද පැවසු ජනාධිපතිවරයා, රාජ්‍ය යාන්ත්‍රණය තුළ ඇති කළු යාන්ත්‍රණය බිඳ දමා සියලුදෙනා නීතියට අවනත වෙන ක්‍රියාවලියක් සකස් කරන බව ද කියා සිටියේය. “බදු මුදල් ගැන ප්‍රශ්නය හුදු…

Read More

පැරිස් සෙන්ට්-ජර්මේන් (PSG) කණ්ඩායම මෙවර චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමේ ජය සැමරුමක් අතරතුර පැරිස් නුවර ඊයේ (31) ඇති වූ නොසන්සුන්තාවක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියේ, මෙලෙස මියගොස් සිටින දෙදෙනා අවුරුදු 17 හා 23 වයස්වල පසුවන්නන් බවය. එමෙන්ම තවත් පුද්ගලයින් 190කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර, පුද්ගලයින් 500කට වැඩි පිරිසක් අත්අඩංගුවට ද ගෙන ඇත. මෙම පිරිස් පාලනය කිරීම සඳහා 5,000කට අධික පොලිස් නිලධාරින් පිරිසක් අනුයුක්ත කර ඇති අතර, එහිදී පොලිස් නිලධාරීන් 9 දෙනෙකුද තුවාල ලබා ඇත. මෙවර චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ජර්මනියේ මියුනිච්හිදී ඊයේ පැවැත්විණි. එහිදී ඉතාලියේ ඉන්ටර් මිලාන්…

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

ජුලි මාසයේ ක්‍රියාත්මක කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අගෝස්තු මාසය දක්වා කල්දැමීමට තීරණය කර ඇති බව ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ ජුලි මාසයේ බස් ගාස්තු සංශෝධනයක් සිදුකිරීම ප්‍රායෝගික නොවන බවය. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගැමුණු විජේරත්න මහතා මේ බව සඳහන් කළේය.

Read More

පළාත් පාලන ආයතන 161ක කටයුතු අද (02) දිනයේ සිට ආරම්භ වේ. පසුගිය මැයි මස 06 වැනිදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අදාළව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ ගැසට් නිවේදනයට අනුව එම සභා පිහිටුවීම සිදුකළ යුතු බව සඳහන්ය. දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් බහුතර බලය හිමිකරගෙන ඇති ආයතන 161කට අදාළව සභා පිහිටුවීම අද දිනයේදී සිදුකළ හැකි අතර, අනෙකුත් ආයතනවල සභා පිහිටුවීම පළාත් පාලන කොමසාරිස්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම පළාත් පාලන ආයතන රැස්වී තීරණය කරනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේය. මේ අතර පළාත්පාලන ආයතනවල ආණ්ඩු පක්ෂය ගන්නා ජනතාවාදී තීරණ සඳහා සහාය ලබාදීමට අපේක්ෂා කරන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු…

Read More