- කෙහෙල්බද්දර පද්මේට Passport සෑදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් තිදෙනාට ඇප
- මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ
- හිටපු ඇමතිනි චන්ද්‍රාණී බණ්ඩාරට අධි චෝදනා
- ශ්‍රීලංකන් ගුවන් යානයක් කාර්මික දෝෂයකට
- දයාසිරි ගැන සොයන කමිටුවෙන් ගයන්ත ඉවත්වෙයි
- කලා – සංස්කෘතික කටයුතු පිළිබඳ මන්ත්‍රී සංසඳයක් පිහිටුවීමට යෝජනාවක්
- නාවිකයන් සහ සංවිධානාත්මක පිරිසක අතර සිදු වූ ගැටුම ගැන විධිමත් පරීක්ෂණ
- ක්‍රිකට් තරග පාවාදීම සම්බන්ධයෙන් සචිත්ර සේනානායකට නඩු
Author: Buzzer Editorial
රුහුණු විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්යමණ්ඩලය ආරම්භ කළ වැඩ වර්ජනය අද (22) සිව්වන දිනටත් ක්‍රියාත්මක වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි. රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස බල කරමින් අනධ්‍යයන කාර්යමණ්ඩලය මෙම වර්ජනය ආරම්භ කළේ පසුගිය 19වනදාය. කෙසේවෙතත් අදාළ ගැටළුව සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සහ එම විශ්වවිද්‍යාලයේ සිසුන් එක්වී පසුගියදා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමග සාකච්ඡාවක් ද පවත්වනු ලැබීය. විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා තාවකාලිකව හෝ එම ධුරයෙන් ඉවත්කරන තුරු තම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්නොහරින බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා සඳහන් කළේය. මේ අතර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල…
සමගි ජන බලවේගයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා නම් කරන පුද්ගලයින් සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද (22) දිනයේ ගැනීමට නියමිතව තිබේ. ඒ අනුව අද දිනයේ රැස්වී අදාළ තීරණය ගැනීමට නියමිත බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. සමගි ජන බලවේගය පක්ෂය සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5ක් හිමිවු අතර මේ වනවිටත් ඉන් එක් මන්ත්‍රී ධුරයක් සඳහා එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා දිවුරුම්දී තිබේ. ඒ අනුව ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 4 සඳහා වන නම් අද දිනයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කරන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය. මේ අතර, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සිය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී…
අද දිනය පාර්ලිමේන්තු ඉතිහාසයේ සුවිශේෂී දිනයක්. දශක ගණනාවක් අපේ රටේ දේශපාලන බලය ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකක් අතර හුවමාරු වෙමින් තිබුණා. නමුත් පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී එම දේශපාලන බලය, අලුත් කඳවුරක්, එනම් අප වෙත එම දේශපාලන බලය ලැබුණා. එය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ඉතා සුවිශේෂී අවස්ථාවක්. එම ජනවරම විශාල කරුණු ගණනාවකින් සමන්විත වී තිබෙනවා. අප රටේ ගොඩනැගුණු මේ ඡන්ද ක්‍රමය යටතේ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන වැඩිම මන්ත්‍රීවරුන් සංඛ්‍යාවකට මේ ජනවරම ලබාදී තිබෙනවා. එය ප්‍රමාණාත්මක අගයක්. මේ ප්‍රමාණාත්මක අගය ඉක්මවා යන ගුණයක් මේ ජනවරම තුළ තිබෙනවා. ඒ දීර්ඝ කාලයකට පසුව ලංකාවේ දේශපාලන පරිවර්තනයක් නව ආණ්ඩුවක් ගොඩනඟා ගැනීම වෙනුවෙන් උතුර, දකුණ, නැගෙනහිර,…
නව ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දෙනු ලැබීය. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ය. නියෝජ්‍ය අමාත්‍යවරු පහත පරිදි වේ, 01. මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය 02. නාමල් කරුණාරත්න මහතාකෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය 03. වසන්ත පියතිස්ස මහතාග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය 04. නලින් හේවගේ මහතාවෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය 05. ආර්. එම්. ජයවර්ධන මහතා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය 06. ගමගෙදර දිසානායක මහතාබුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය 07. ටී. බී සරත් මහතානිවාස නියෝජ්‍ය අමාත්‍ය 08. රත්න…
2024 වර්ෂයේ තෙවන පාසල් වාරයේ පළමු අදියර 2024. 11. 22 වන සිකුරාදා දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් දැනුම්දෙයි. ඒ, රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා ය. ඒ අනුව හෙට දිනයෙන් පසු පාසල් නිවාඩු කාලය ආරම්භ වෙයි. මුස්ලිම් පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර නිමා වන්නේ 2024. 12.13 වන සිකුරාදා දින වන අතර එම දිනට පසුදා සිට එම පාසල් නිවාඩුව ආරම්භ වෙයි. සියලුම පාසල්වල තෙවන වාරයේ දෙවන අදියර ආරම්භ කරමින් පාසල් නැවත ආරම්භ වන්නේ 2025 වර්ෂයේ ජනවාරි මස 02 වන බ්‍රහස්පතින්දා (2025.01.02) දිනයේ දී ය.
2024 සැප්තැම්බර් මාසයේ දී -0.2% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය ඔක්තෝම්බර් මාසය සඳහා -0.7% ක් දක්වා අඩු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. සැප්තැම්බර් මාසයේ දී 0.5%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 ඔක්තෝම්බර් මාසයේ දී 1.3% ක් දක්වා වැඩි වී ඇත. එමෙන්ම, 2024 සැප්තැම්බර් මාසයේ දී -0.7% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 ඔක්තෝම්බර් මාසයේ දී -2.3% ක් දක්වා අඩු වී ඇති බව අදාළ නිවේදනයේ දැක්වෙයි.
අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (20) දින කඩවත පොලිස් වසමේ ගෝනහේන ප්‍රදේශයේදී හා දොම්පේ පොලිස් වසමේ දෙකටන ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03 ග්‍රෑම් 536ක් සහ එම ජාවාරමින් උපායා ගන්නා බවට සැක කෙරෙන රුපියල් එක්කෝටි දස ලක්ෂයක මුදලක්, ජංගම දුරකථන 03ක් හා මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරුවන් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයින් බවට දැනට සිදුකරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇතැයි ද පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන්…
10 වැනි පාර්ලිමේන්තුවේ අභිනව කථානායක ධුරයට ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය අශෝක රංවල මහතා ඒකමතිකව තේරී පත්විය. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අශෝක රංවල මහතාගේ නම යෝජනා කරන ලද අතර අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ස්ථිර කරන ලදී. අනතුරුව කථානායකවරයාගේ නම යෝජනා ස්ථිර කළ අග්‍රාමාත්‍යවරිය සහ අමාත්‍ය විජිත හේරත් මහතා විසින් සාම්ප්‍රදායිකව නව කථානායකවරයා සිය අසුන වෙත කැඳවාගෙන යෑම සිදුවිය. මෙහිදී කථානායකවරයා විසින් තමා පත්කිරීම පිළිබඳව කෙටි ස්තූතිය පිරිනැමීමක් සිදුකළ අතර අනතුරුව කථානායකවරයා විසින් මහලේකම්වරිය ඉදිරියේ සිය ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දෙන ලදී. අනතුරුව අනෙකුත් සියලු මන්ත්‍රීවරයන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දීම සිදුවිය. ඉන්පසු නව කථානායකවරයාගේ…
හිටපු අමාත්‍යවරුන් වන රමේෂ් පතිරණ, රොෂාන් රණසිංහ, ප්‍රසන්න රණතුංග අද (21) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ඒ, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා යොමුකළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීමට ය. හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හෙට (22) දිනයේ CIDය හමුවේ පෙනී සිටින බවට දැනුම්දී ඇත. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දීම සම්බන්ධයනේ එවකට කැබිනට් මණ්ඩලය නියෝජනය කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අමාත්‍යවරුන් 18 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් 11 වනදා මාළිගාකන්ද මහෙස්ත්‍රාත්…
බ්‍රිතාන්‍ය විසින් සපයන ලද “ස්ටෝර්ම් ෂැඩොව්” දිගු දුර මිසයිල ප්‍රථම වරට රුසියාවට එල්ල කළ බව යුක්‍රේනය පවසයි. රුසියානු භූගත අණදෙන නිලධාරී මධ්‍යස්ථානයක් ඉලක්ක කරගනිමින් මෙම මිසයිල එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මොස්කව් විසින් උතුරු කොරියානු හමුදා දේශ සීමාවේ හමුදා ස්ථානගත කිරීමට ප්‍රතිචාර වශයෙන් බ්‍රිතාන්‍ය විසින් දිගු දුර මිසයිල භාවිතය සදහා යුක්‍රේනය වෙත අවසර ලබා දී ඇති බව සදහන් වේ.