- කෙහෙල්බද්දර පද්මේට Passport සෑදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් තිදෙනාට ඇප
- මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ
- හිටපු ඇමතිනි චන්ද්‍රාණී බණ්ඩාරට අධි චෝදනා
- ශ්‍රීලංකන් ගුවන් යානයක් කාර්මික දෝෂයකට
- දයාසිරි ගැන සොයන කමිටුවෙන් ගයන්ත ඉවත්වෙයි
- කලා – සංස්කෘතික කටයුතු පිළිබඳ මන්ත්‍රී සංසඳයක් පිහිටුවීමට යෝජනාවක්
- නාවිකයන් සහ සංවිධානාත්මක පිරිසක අතර සිදු වූ ගැටුම ගැන විධිමත් පරීක්ෂණ
- ක්‍රිකට් තරග පාවාදීම සම්බන්ධයෙන් සචිත්ර සේනානායකට නඩු
Author: Buzzer Editorial
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (25) සිට ආරම්භ වේ. ඒ අනුව අද දිනයේ සිට දෙසැම්බර් 20 වන දින දක්වා දින 22ක කාලයක් විභාගය පැවැත්වීමට නියමිතය. මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 333,185කු පෙනී සිටියි. මේ අතර උදෑසන 8.30ට විභාගය ආරම්භ වීමට නියමිත අතර ඊට ප්‍රථම වලංගු හැඳුනුම්පතක් ද රැගෙන විභාග මධ්‍යස්ථාන වෙත යන ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා දැනුම් දෙයි. “ඔබ විභාග මධ්‍යස්ථානයට රැගෙන යා යුතුයි වලංගු අනන්‍යතා පත්‍රයක්. මේ විභාගයේ දී එලෙස පිළිගනු ලබන්නේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ජාතික හැඳුනුම්පත එහෙම නැත්නම් වලංගු විදෙස් ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය…
රුහුණ විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා එම විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙනුවට නිසි බලධරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්. එම්. යූ. එස්. කේ. රත්නායක මහතා පත් කර තිබේ. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය අති විශේෂ ගැසට් පත්‍රයක් අද (24) නිකුත් කරමින් මෙම පත්කිරීම සිදුකර ඇත. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20(4)(ආ) වන වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව හෙට (25) සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්කිරීම කර තිබේ. රුහුණ විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු බරපතල ලෙස අවුල් වී ඇති බවට සහ එය සාමාන්‍ය තත්ත්වයට නැවත පත් කිරීමට එම ආයතනයේ බලධාරීන් අපොහොසත් වී ඇති බව ද එම ගැසට් පත්‍රයේ සඳහන්…
මෙම වසරේ ගතවූ කාලසීමාව තුළ මෙරට මුහුදුසීමාව උල්ලංඝනය කිරීම හේතුවෙන් ඉන්දිය ධීවරයින් 497 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා සදහන් කළේ. ධීවර යාත්‍රා 66ක පැමිණි ඉන්දීය ධීවරයින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය. ධීවරයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙන්ම මෙරට ධීවරයන්ගේ ධීවර ගැටලු ගැටලු නිරාකරණය සඳහා නාවික හමුදාව උපරිම දායකත්වය ලබා දෙන බවද ඔහු පැවසීය.
උත්සව සමය වෙනුවෙන් එළැඹෙන 15 වැනිදා සිට දිවයින පුරා වැටලීම් සහ විමර්ශන ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන තිබේ. එම අධිකාරියේ පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසුවේ ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් මේ වන විට සකස් කර ඇති බවය. ඒ අනුව උත්සව සමයේදී කල් ඉකුත් වූ සහ තොරතුරු වෙනස් කරමින් නොයෙකුත් භාණ්ඩ වෙළඳපොළ වෙත පැමිණීමේ ඉඩකට වැඩි බැවින් ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරමින් මෙම වැටලීම් ක්‍රියාත්මක බවද ඔහු පැවසීය. විශේෂයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් නොව රෙදි පිලි, විදුලි උපකරණ සහ අනෙකුත් භාණ්ඩද උත්සව සමයේදී වැඩි ඉල්ලුමක් සහිත ව අලෙවි වන බැවින් ඒ සම්බන්ධවද වැටලීම් සිදු කිරීමට නියමිත බවද ඔහු…
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් නිල්වලා ගඟේ ජල මට්ටම සුළු ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ ගොස් තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ නිල්වලා ගඟේ ජල මට්ටම තලගහගොඩ ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටම ඉක්මවා ගොස් ඇති බවය. කෙසේවෙතත් පානදුගම ප්‍රදේශයේ වර්ධනය වෙමින් තිබූ සුළු ගංවතුර මට්ටම මේ වන විට පහළ යමින් පවතින බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ අතර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඡන්ම දිනය අදට (24) යෙදී තිබේ. 1968 වසරේ නොවැම්බර් මස 24 වනදා උපත ලැබු අනුර කුමාර දිසානායක මහතා මේ වන විට 56 වියේ පසුවේ. ඔහු තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයෙන් සිය ප්‍රාථමික අධ්‍යාපනය ලබා ගනු ලැබීමෙන් අනතුරුව තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් ව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා විද්‍යා ගණිත අංශයෙන් පෙනී සිටිමින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. 1992 වර්ෂයේ දී කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළත් වු අනුර කුමාර දිසානායක මහතා 1995 වර්ෂයේ දී විද්‍යාවේදී උපාධිය ලබාගෙන තිබේ. 1987 වසරේ දී එවකට පැවති ආණ්ඩුව විසින් අත්සන් කරන ලද ඉන්දු – ලංකා…
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් රැගත් බස් රථයක් පෙරළීමෙන් ඉකුත්දා සිදුවූ අනතුරෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් සිසුවෙක් අද (23) මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 24ක් වූ කයිලනාදන් සිංදුජන් නම් යාපනය කන්දමඩම් ප්‍රදේශයේ පදිංචි සිසුවෙකි. ඔහු යාපනය හින්දු විද්‍යාලයේ ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා ඇති සිසුවෙකි. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසු සිසුවියන් 41 දෙනෙකු රැගත් මෙම බස් රථය බදුල්ල – දුන්හිඳ ප්‍රදේශයේදී නොවැම්බර් මස 01වනදා අනතුරට ලක්විය. ඉන් සිසුවියන් දෙදෙනෙකු එදිනම ජීවිතක්ෂයට පත්වී තිබුණි. ඒ අනුව මෙම අනතුරෙන් තිදෙනෙකුට මේ වනවිට දිවි අහිමි වී ඇත.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (24) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී.150ට වැඩි ඉතා තද වැසි ඇතිවේ. උතුරු මැද පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී.100 ට වැඩි තද වැසි ඇතිවිය හැකියි. උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. (30-40)ක පමණ තරමක තද සුළං ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ…
ශ්‍රී ලංකාවෙන් තායිලන්තයට රැගෙන ගිය 29 හැවිරිදි ප්ලයි සක් සූරින්ගේ (මුතුරාජා) ඇතාගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා සත්වයාගේ දළ කපා දැමීමට ලම්පෑන්ග් හි තායි අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ පශු වෛද්‍යවරු සැලසුම් කරති. මෙම තීරණය ගෙන ඇත්තේ ඇතාගේ දිගු හා බර දළ යුගල උගේ දෛනික කටයුතුවලට බලපෑම් කිරීමට පටන් ගැනීමෙන් පසුව, විශේෂයෙන් කඳුකරයේ සැරිසැරීමේදී හෝ බාධක මඟහරවා ගැනීමේදී දළ බිම ඇදගෙන යෑම සහ දළ හේතුවෙන් සත්වයාගේ හිස එසවීම අපහසු වීම නිසාය. පශු වෛද්‍ය වරංකානා ලන්කාපින් බ්‍රහස්පතින්දා (නොවැ 21) ප්‍රකාශ කර ඇත්තේ, ඇත් දළවල බර අඩුකිරීමේ හැකියාව පිළිබඳව කණ්ඩායම විශේෂඥයන් සමඟ සාකච්ඡා කරමින් සිටින නමුත් ඕනෑම තීරණයක් සඳහා ආයතන කිහිපයක සාකච්ඡා සහ අනුමැතිය…
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. ඒ, 2024 උසස් පෙළ විභාගය පවත්වනු ලබන කාලසීමාව තුළ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් මගහරවා ගනිමින් බාධාවකින් තොරව විභාගය පවත්වාගෙන යෑම සඳහා ය. ඉදිරි සතිය තුළ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිත අඩුපීඩන තත්ත්වයක් වර්ධන විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරෝකථනය කර තිබුණි. ඒ හේතුවෙන් ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් මගහරවා ගනිමින් විභාග කාලසීමාව තුළදී ආපදා හේතුවෙන් සිසුන්ට මුහුණදීමට සිදුවිය හැකි බාධා මග හරවාගනිමින් සාර්ථකව විභාගයට මුහුණදීමට අවශ්‍ය යහපත් පරිසරයක් නිර්මාණය කිරීමට මෙම පියවර ගෙන ඇත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් විභාග දෙපාර්තමේන්තුව…