Author: Buzzer Editorial

2025 අයවැය යෝජනා ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත 2025 ජනවාරි 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. එහි දෙවැනි වර කියවීම හෙවත් අයවැය කතාව පෙබරවාරි 17 වනදා සිදුකිරීමට නියමිතය. අයවැය තෙවැනි වර කියවීමට අදාළ විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 වනදා සිදුකිරීමට නියමිතය. මේ අතර වෙළෙඳපොළෙහි පවතින නාඩු සහල් හිඟය සහ සහල් මිල පාලනය පිණිස සහල් ආනයන කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව ස්වර්ණ නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් ළඟම ඇති විභාග මධ්‍යස්ථානය වෙත ගමන් කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ, ජල ගැලීම් හේතුවෙන් මාර්ග අවහිරතා ඇත්නම් එම සිසුන්ට ළඟම ඇති විභාග මධ්‍යස්ථානයට ගොස් විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබාදී ඇති බවය. දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතැම් මාර්ග ජලයෙන් යටවී ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර යම් ගැටලුවක් ඇත්නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකයට අමතා ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි. පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය…

Read More

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. පසුගිය ජනාධිපතිවරණයේ දී අනුර කුමාර දිසානායක මහතා ලබා ගත් ජයග්‍රහණය සහ මහ මැතිවරණයේ දි ඔහුගේ පක්ෂය විසින් ලබා ගනු ලැබූ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව සිය සුබපැතුම් එක් කළ චීන උප අමාත්‍යවරිය මෙම ජයග්‍රහණවලින් පසුව ශ්‍රී ලංකාවේ සිදුව තිබෙන පරිවර්තනීය වෙනස්කම් ඇගයීමට ලක් කළාය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සමඟ සමීප සහයෝගීතාවයකින් කටයුතු කිරීමට චිනය සූදානම් බව ද උප අමාත්‍යවරිය ප්‍රමුඛ නියෝජිත පිරිස මෙහිදී ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ…

Read More

10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේදී විපක්ෂ නායක අසුනේ වාඩි වූ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් එම සිදුවීම සම්බන්ධව සමාව අයැද තිබේ. නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් අද (25) පාර්ලිමේන්තුවේ පැවැති දැනුවත් කිරීමේ වැඩමුළුවේදී ඔහු මෙලෙස සමාව ඉල්ලා සිටියේය. “මම ඇහුවා මම කොතනද වාඩි වෙන්න ඕන කියලා. එතකොට කිව්වා අනිත් පැත්තට ගිහින් වාඩි වෙන්න කිසි අවුලක් නෑ ඩොක්ටර් ඕන තැනක වාඩි වෙන්න පුළුවන් කියලා. එතකොට අපි ඉස්සරහට ගිහින් වාඩි වුණා. අපි කැම්පස් ගිහින් පුරුදුයි.. අපි අත උස්සලා පාර්ලිමේන්තුවට ආවේ නෑ. මම හිතුවා මට ඕන තැනක ගිහින් වාඩි වෙන්න පුළුවන් කියලා. එතකොට මට හතරදෙනෙක් ඇවිල්ලා කතා කළා. මට ඇවිල්ලා කිව්වේ මේක විපක්ෂනායකවරයා…

Read More

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා ට ලබාදීමට සූදානම් නම් සමගි ජන බලවේගය නැවතත් සිරිකොතට ඒමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි. “රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවේ නෑනේ..එතුමා ආවහම අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.” කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් රාජකරුණා මහතා පැවසුවේ සියලුම දක්ෂිණාංශික බලවේග සඳහා සමගි ජන බලවේගය සමග එක්වන ලෙස ආරාධනා කරන බවයි. “රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අපි විශ්වාස කරනවා මේ දක්ෂිණාන්ත දේශපාලනය කරන කණ්ඩායම් අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ. අපි ඉල්ලීමක් කරනවා රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු යුඑන්පි යේ සියලුදෙනාමත් මේ සජබය සමග එකතු වෙලා මේ බෙදීම නැතිකරලා අපි ඉදිරියේදී එකම වැඩසටහනකට ඉදිරිපත්…

Read More

කෙන්යාවේ ප්‍රධාන ගුවන් තොටුපළේ පාලනය ඉන්දියාවේ අදානි සමූහයට පැවරීමට අපේක්ෂා කළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවලංගු කිරීමට එරට ජනාධිපති විලියම් රූටෝ නියෝග කර තිබේ. ඒ අදානි සමූහයේ සභාපති ගෞතම් අදානිට අමෙරිකාව අධිචෝදනා ගොනුකිරීමෙන් පසුවයි. රූටෝ බ්‍රහස්පතින්දා සිය ජාතිය ඇමතීමේදී මේ බව නිවේදනය කළේය. ඩොලර් බිලියන 2.5 කට ආසන්න වටිනාකමකින් යුත් යෝජිත ගනුදෙනුව යටතේ අදානි සමූහයට ජෝමෝ කෙන්යාටා අන්තර්ජාතික ගුවන්තොටුපළේ දෙවැනි ධාවන පථයක් එක්කිරීමට සහ මගී පර්යන්තය වැඩි දියුණු කර වසර 30ක බද්දක් සඳහා හුවමාරු කිරීමට නියමිතව තිබිණි. විදුලි සම්ප්‍රේෂණ මාර්ග ඉදිකිරීම සඳහා පසුගිය මාසයේදී අදානි සමූහ ව්‍යාපාරය කෙන්යාවේ බලශක්ති හා ඛනිජ තෙල් අමාත්‍යාංශය සමඟ අත්සන් කළ 30 වසරක, ඩොලර් මිලියන 736 ක…

Read More

ප්‍රදේශ කිහිපයකින් යතුරුපැදි සොරකම් කළ පුද්ගලයෙකු කහතුඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ සැකකරු කහතුඩුව, මීරිගම සහ කටුනායක යන ප්‍රදේශවලින් ලක්ෂ 10කට අධික වටිනාකමකින් යුත් යතුරුපැදි තුනක් සොරකම් කර ඇති බවය. එමෙන්ම සැකකරු සතුව තිබී සොරකම් කරන ලද ජංගම දුරකථන තුනක්ද පොලීසිය සොයාගෙන තිබේ. සිදුකළ ප්‍රශ්නකිරීම් හමුවේ සැකකරු පවසා ඇත්තේ සොරකම් කරන ලද යතුරුපැදි ආඬිඅම්බලම ප්‍රදේශයේ ස්ථාන දෙකකට රුපියල් ලක්ෂ එකහමාරකට උකස් කළ බවය. ඒ අනුව උකස් කළ යතුරුපැදි පොලිස් භාරයට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ. සැකකරු විසින් යතුරුපැදි උකස් කර ලබාගත් මුදල් අනියම් බිරිඳ සමග කල්ගත කිරීමට භාවිත කර තිබූ බවද පොලීසිය පවසයි. අත්අඩංගුවට පත් සැකකරු 53 හැවිරිදි…

Read More

මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඉදිරියේදී ඔහු සමග සාකච්ඡා කිරීමට බලා⁣පොරොත්තු වන බව කථානායක අශෝක රංවල මහතා පවසයි. පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේදී මන්ත්‍රීවරයා විපක්ෂ නායකවරයාගේ අසුනේ අසුන් ගැනීම මෙන්ම ජාතිවාදය ඇති වන ආකායෙන් ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් මේ වන විට ඔහු සම්බන්ධයෙන් කතාබහක් මතුව තිබේ. ඒ අනුව මේ පිළිබඳව මන්ත්‍රීවරයා සමග සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව කථානායකවරයා සඳහන් කළේය. ඊයේ (24) පස්වරුවේ මහනුවර ප්‍රදේශයේ සිදුකළ සංචාරයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්විමින් කථානායන අශෝක රංවල මහතා මේ බව පැවසීය. “ඔහුගේ අභිලාෂය කුමක් ද කියලා අපි දන්නේ නෑ තනි පුද්ගලයෙක් විදියට. ඔහු නියෝජනය කරපු…

Read More

විදුලි ගාස්තු සංශෝධනයක් මේ වසර තුළ සිදුනොවනු ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. එම කොමිසමේ ආයතනික සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේ ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ඉදිරිපත් කිරීම ප්‍රමාද වීම එම තත්ත්වයට හේතු වී ඇති බවය. විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ලංකා විදුලි බල මණ්ඩලය විසින් පසුගිය සැප්තැම්බර් මස අග මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කරනු ලැබීය. එහෙත් ඔවුන් ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු අඩුවීම ප්‍රමාණවත් නොවන බැවින් යළි එම යෝජනා සංශෝධනය කර ඉදිරිපත් කරන ලෙසට මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබුණි. අදාළ යෝජනා නොවැම්බර් 08 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙසට…

Read More

ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන තත්ත්වයකට පත්ව ඇති බැවින් දෙසැම්බර් 10 වනදාට පෙර සේවක ප්‍රසාද දීමනාව ලබාදීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලි සේවක සංගමය, විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ. එම සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා ලිපියක් යොමුකරමින් මේ බව පෙන්වාදී ඇත. එහිදී වැඩි දුරටත් ඔහු පෙන්වා දී ඇත්තේ විදුලි බල මණ්ඩලය පාඩු ලබන බව පවසමින් හිටපු පාලනාධිකාරිය සේවකයන්ට වසර දෙකක සිට ප්‍රසාද දීමනාව ලබාදීමට කටයුුතු නොකළ බවය.

Read More