Author: Buzzer Editorial

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව මඟින් ආපදා සහන කණ්ඩායම් තුනක් (03) මාවඩිඔඩයි, මයිලවඩ්ඩුවන් සහ මන්මුනේ පාලම ප්‍රදේශයන් වෙත යෙදවීමට කටයු කෙරුණි. එහිදි එක් කණ්ඩායමක් විසින් අද දින (27) චෙන්කලඩි, මාවඩිඔඩයි ප්‍රදේශයේ ගංවතුරට කොටුවී සිටි පුද්ගලයින් තුන්දෙනෙකුගෙන් යුත් පවුලක් බේරා ගැනීමට කටයුතු කෙරිණි. ඒ අනුව, අද දින (27) පස්වරුවේ ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප ආයතනය මගින් සිදුකල සහන සැලසීමේ ක්‍රියන්විතයකදී මෙලෙස මඩකළපුව, චෙන්කලඩි මාවඩිඔඩයි ප්‍රදේශයේ ගංවතුරෙන් විපතට පත්ව ගොවි බිමක සිරවී සිටි කුඩා දරුවකු (01) ඇතුළු තිදෙනෙකුගෙන් (03) යුත් පවුලක් බේරා ගැනීමට හැකි වූ අතර, ආරක්‍ෂිතව බේරාගන්නා ලද…

Read More

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී රුපියල් කෝටි හතහමාරක මුදලක් කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. ගම්පහ පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකරුවන් දෙදෙනාව මිනුවන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී රුපියල් ලක්ෂ 40ක පමණ මුදලක් සොයාගෙන තිබේ. මෙම ප්‍රධාන සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ආරක්ෂිතව මුදල් ප්‍රවාහනය කරන පෞද්ගලික ආයතනයක රියදුරෙක් ලෙස කටයුතු කර තිබූ අතර, අනෙක් පුද්ගලයා මෙම කොල්ලකෑමේ සිද්ධියට සහයෝගය දැක්වූ අයෙක්ය. මිනුවන්ගොඩ පෞද්ගලික බැංකුවක් වෙත මුදල් රැගෙන යන අතරතුර එම රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා නොවැම්බර් 18 වැනිදා රුපියල් කෝටි හතහමාරක මුදලක් රැගෙන එම රථයෙන්ම පළාගොස් තිබුණි. ඒ අනුව ගම්පහ කොට්ඨාස මර්දන විමර්ශන…

Read More

පවතින අධික වැසි හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබෙන උසස් පෙළ විභාගය යළි පවත්වන දිනය පිළිබඳ තීරණයක් එළැඹෙන 29වනදායින් පසුව ගැනීමට බලාපොරොත්තු වන බව ආරක්ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පැවසීය. පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුම්දීම සඳහා අද (27) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව පැවසීය. මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ ආරක්ෂක ලේකම්වරයා, “උසස්පෙළ විභාගය දැනට තිබෙන කාලගුණ තත්ත්වය නිසා තාවකාලිකව නැවතිලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා 29වැනිදායින් පසු කාලගුණ තත්ත්වයන් පිළිබඳ නැවත විශ්ලේෂණය කර, අවශ්‍යකරන සුදුසු වාතාවරණය සැකසුනු පසුව නැවත උසස්පෙළ විභාගය ආරම්භ කිරීමට. ඒ කාලවකවානු විභාග දෙපාර්තමේන්තුව විසින් යථා කාලයේදී නිකුත් කරනු ලබයි”. පවතින අධික වැසි හේතුවෙන්…

Read More

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (27) දින පෙ. ව. 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110 ක් පමණ දුරින් නැගෙනහිර දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක්නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගැඹුරු පීඩන අවපාතය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කර අද (27) දින ඉදිරි පැය 06 තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බවයි. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු- මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල ඉතා තද වැසි සහ තද සුළං බලාපොරොත්තු විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ. දිවයිනේ උතුරු,…

Read More

UNICEF Sri Lanka ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා Hannan Sulieman මහත්මිය ඊයේ (නොවැම්බර් 26) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය. නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂවරිය මීට පෙර හමුවේදී සාකච්ඡා කරන ලද ළමා ආරක්‍ෂාව, මන්දපෝෂණය සහ අධ්‍යාපනය ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් පිලිබඳ යළි අවධාරණය කළාය. UNICEF දකුණු ආසියාවේ කලාපීය අධ්‍යක්ෂ සංජේ විජේසේකර, UNICEF සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත Christian Skoog , කලාපීය මෙහෙයුම් ප්‍රධානී Yuko Kusamichi , අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අතිරේක ලේකම් (සංවර්ධන) මහින්ද ගුණරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ සහ මානව හිමිකම් පිළිබඳ අධ්‍යක්ෂ දිලිනි ගුණසේකර යන මහත්මමහත්මීන් මෙම අවස්ථාවට සහභාගී විය.

Read More

තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබාගෙන, පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ආපදාවට පත් ජනතාවට කඩිනමින් සහන සේවා සැපයීම සඳහා රාජ්‍ය නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (27) පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් දී ඇත. මේ සඳහා බිම් මට්ටමේ ශක්තිමත් යාන්ත්‍රණයක් ඇති කිරීමට කටයුතු කරන ලෙසද මෙහිදී දැනුම්දි තිබේ. මේ පිළිබඳ ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනය

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ප්‍රතිපත්ති අනුපාතිකය 8%ක් ලෙස පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (26) පැවති රැස්වීමේ දී තීරණය කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අද (27) සිට බලපැවැත්වෙන පරිදි දැනට ක්‍රියාත්මක ද්විත්ව ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදය වෙනුවට තනි ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීමට තීරණය කර තිබුණි. මෙය මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව තුළ සිදු කළ තවත් වැදගත් වැඩිදියුණු කිරීමකි. ඒ අනුව, මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැනුම්දීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා භාවිත කරන ප්‍රධාන මුදල්…

Read More

පවතින අධික වැසි හේතුවෙන් මේ වනවිට පැවැත්වෙන අ.පො.ස උසස් පෙළ විභාගය දින 3කට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. ඒ අනුව අද (27) දිනය, 28 සහ 29 යන තෙදින අ.පො.ස උසස් පෙළ විභාගය නොපැවැත්වෙන බව  විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහතා සියලුම විභාග අපේක්ෂකයින්ට දැනුම්දෙයි. අද (26) පස්වරුවේ විභාග දෙපාර්තමේන්තුවේදී පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහතා ඒ බව පැවසීය. “ඒ දින 3ට නියමිත විභාගය දෙසැම්බර් 21,22,23 කියන දිනවල අපි පවත්වන්නට කටයුතු කරනවා. එහි කාලසටහන ඉදිරියේදී ලබාදෙන්න බලාපොරොත්තුවෙනවා.” “සෙනසුරාදා දින සිට නැවත විභාගය නියමිත පරිදි පැවැත්වෙනවා. එහිදී විභාග අපේක්ෂකයින්ගේ නියමිත විභාග කාලසටහන අනුවම විභාගය පැවැත්වෙනවා…

Read More

කැලණි ගංගා ද්‍රෝණිය සහ කලා ඔය ද්‍රෝණිය ආශ්‍රිතව ඉදිරි පැය 48 සඳහා ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. කලා ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවල ඇතැම් ප්‍රදේශවලට මේ වනවිට සැලකියයුතු වර්ෂාපතනයක් ලැබී ඇත. තව ද, රාජාංගනය ජලාශයෙන් තත්පරයට ඝන අඩි 10000 කට ආසන්න ජල ප්‍රමාණයක් මුදාහරිමින් පවතින අතර මේ වනවිට ජලාශයට ලැබෙන ජල ධාරිතාව අනූව මෙම ප්‍රමාණය අද දහවල් කාලයේදී තවදුරටත් වැඩිකිරීමට සිදුවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව සිට ඉදිරි පැය 48 දක්වා වූ කාලය තුළ නොච්චියාගම, රාජාංගනය, වනාතවිල්ලුව සහ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කලා ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු…

Read More

ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අද (27) සිට සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට එකඟ වී තිබේ. ඒ, වසරකට අධික කාලයක් දෙරට රුධිරයෙන් නැහැ වූ කුරිරු යුද්ධය නිමාවට පත් කරමිනි. පසුගිය මැයි මාසයේදී ඉදිරිපත් කළ සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශ්වය එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් නිවේදනය කළේ ය. ඔහු සඳහන් කළේ, අමෙරිකාවේ සහ ප්‍රංශයේ පූර්ණ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක සාකච්ඡා සාර්ථක වී සටන් විරාමයකට එළඹීම ඓතිහාසික අවස්ථාවක් බවයි. ගිවිසුම සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා අමෙරිකාව සමග එක්ව කැපවන බව ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රෝන් ද සඳහන් කළේ ය. සටන් විරාම ගිවිසුමට අනූව මාස 2ක් ඇතුළත, ගාසා තීරයෙන් ඊශ්‍රායල හමුදා ඉවත් කරගත යුතුයි. ලෙබනන දේශසීමා…

Read More