Author: Buzzer Editorial

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව රුපියල් 311ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02 කින් අඩුකර කර ඇති අතර, එහි නව මිල රුපියල් 309කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල වෙනස් නොවන අතර එහි මිල 371කි. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 03 කින් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 286 ක් වනු ඇත. ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් වෙනස් නොකර ඇති අතර එහි මිල 313කි. ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 05කින් වැඩි කර ඇති අතර එහි නව මිල 188කි.

Read More

ශ්‍රී ලංකා ධජ සහිත යාත්‍රා දෙකක තිබී ක්‍රිස්ටල් මෙත් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500ක් සමග පිරිසක් අත්අඩංගුවට ගත් බව ඉන්දීය නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාවට ලැබී තිබූ බුද්ධි තොරතුරක් අනුව අරාබි මුහුදේ යාත්‍රා කරමින් තිබූ අදාළ යාත්‍රා දෙක අත්අඩංගුවට ගෙන තිබුණේ ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදා ඒකාබද්ධ මෙහෙයුමකදී ය. පිරිස සමග අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සහිත බෝට්ටු දෙක ඉදිරි නීතිමය කටයුතු සඳහා ශ්‍රී ලංකා බලධාරීන් වෙත භාරදීමට නියමිතය.

Read More

වයස අවුරුදු 16ට අඩු ළමයින් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ. මේ අනුව ඔස්ට්‍රේලියාව එවන් නීතියක් සම්මත කළ ලොව පළමු රාජ්‍යය බවට පත්වී ඇත. සමාජ මාධ්‍ය භාවිතයේ ඇති අයහපත් කරුණු සලකමින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් ය. අදාළ යෝජනාව ඊයේ ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කෙරුණු අතර, ඊට පාර්ලිමේන්තු අනුමැතිය හිමිවුණි. ඒ සෙනෙට් සභාවේ ඡන්ද 34ට 19ක් ලෙස සම්මත වෙමිනි. කෙසේ නමුත් එම නීතිය ක්‍රියාවට නැංවීමට වසරක පමණ කාලයක් ගතවනු ඇත. එම නීතිය කඩකර වයස අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍යට පිවිසීමේ අවස්ථාව ලබාදෙන ඕනෑම සමාජ මාධ්‍ය ජාලයකට ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 50ක උපරිම දඩයක් පැනවීමේ අවස්ථාවත්…

Read More

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 24ක පවුල් 132,110කට අයත් පුද්ගලයින් හාරලක්ෂ 41,590 දෙදෙනෙකු බලපෑමට ලක්වී ඇති බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය අද (29) පෙ.ව. 6ට නිකුත්කළ යාවත්කාලීන කිරීම අනුව මේ වනවිට පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තවත් එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති අතර 20 දෙනෙකු තුවාල ලබා තිබේ. නිවාස 102ක් පූර්ණ හානියට ලක්වී ඇති අතර අර්ධ හානි වී ඇති නිවාස ගණන 2,096කි. පවතින තත්ත්වය හේතුවෙන් පවුල් 45,329කට අයත් පුද්ගලයින් 115,319 දෙනෙකු ඥාති නිවාසවල සිටින අතර ආරක්ෂිත ස්ථාන 347ක පවුල් 12,348කට අයත් පුද්ගලයින් 38,616 දෙනෙකු රැඳීසිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් වැඩිම බලපෑමකට ලක්වී…

Read More

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට සිදුවෙන බලපෑම ක්‍රමයෙන් අවම වනු ඇතැයි බලාපොරොත්තු වෙයි. අද අලුයම නිකුත් කළ නවතම කාලගුණ අනාවැකිය මගින් ඒ බව සඳහන් කරයි. නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඊයේ (28) රාත්‍රී 11.30 පමණ වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 240ක් පමණ ඊසාන දෙසින් සහ කන්කසන්තුරය සිට කිලෝමීටර් 290 පමණ නැගෙනහිර දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද නිවේදනය කළේය. එය වයඹ දෙසට ගමන් කරමින් තමිල්නාඩු වෙරළ දක්වා ගමන් කිරීමට වැඩි හැකියාවක් ඇති බවට අනුමාන කෙරේ. ඒ අනුව අද දිනයේ දිවයිනේ උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත්…

Read More

අයහපත් කාලගුණය හේතුවෙන් රාජාංගනය ජලාශයේ වාන් දොරටු 10ක් විවෘත කර තිබේ. අප වාර්තාකරු පවසන්නේ අධික වැසි තත්ත්වය නිසා අනුරාධපුර දිස්ත්‍රික්කයට දැඩි බලපෑමක් ඇතිවී තිබෙන බවය. රාජාංගනය ජලාශයේ වාන් දොරටු 10 විවෘත කිරීමට තුළින් තප්පරයට ගණ අඩි 11,800ක ජල ධාරිතාවක් කලා ඔයට මුදාහැරෙන බවද වාර්තා වෙයි. මේ අතර අංගමුව ජලාශයේ වාන් දොරටු වසා තැබීමටද කටයුතු කර තිබේ. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් කඩින්කඩ අධික වැසි ඇදහැලීම හේතුවෙන් නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශය තවදුරටත් වාන් දමමින් පවතී. කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශයේ ජල පෝෂක ප්‍රදේශයට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් එම ජලාශය ද පිටාර මට්ටමට ඉතා ආසන්න වෙමින් පවතින බව ජලාශ භාර ඉංජිනේරු නිලධාරීන් පැවසීය. එම ජලාශ…

Read More

අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මියගොස් තවත් සිසුවෙකු අතුරුදන් වීමේ සිද්ධියට අදාළව නින්දවූර් මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා සහ ගුරුවරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා, එහි ගුරුවරයෙකු සහ අදාළ ට්‍රැක්ටර් රථයේ සහායකයින් දෙදෙනා පොලීසිය විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ අනුව ඔවුන් ඊයේ පස්වරුවේ සමන්තුරෙයි වැඩබලන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා සහ ගුරුවරයා ලබන මස 2වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කර ඇත. ට්‍රැක්ටර් රථයේ සහායකයින් දෙදෙනා ඇප මත මුදාහැර ඇති බව සඳහන් ය. පසුගිය 26 වනදා පස්වරුවේ සිසුන් 11 දෙනෙකු ඇතුළු පිරිසක් ගමන් කරමින් සිටි ට්‍රැක්ටර් රථය සැඩ පහරට…

Read More

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දැමීම කෙරෙහි මූඩිස් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයේ අවධානය යොමුව තිබේ. රොයිටර් පුවත් සේවය අද (28) වාර්තා කළේ, ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලියෙන් අනතුරුව එම පියවර ගනු ඇති බවයි. මේ අතර විදෙස් ණය ප්‍රතිව්‍යුගතකරණයෙන් පසු ශ්‍රී ලංකාවේ බැංකු මත ඇති පීඩනය පහව යනු ඇති බව තවත් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය පසුගිය දා නිවේදනය කළේය.

Read More

මෙරට ආර්ථිකය 2025 වසරේ දී සුබදායී තත්ත්වයකට පත්වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විශ්වාසය සඳහන් කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඉදිරි වැඩපිළිවෙල සහ මෙරට ආර්ථික සැලසුම් සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ දී පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය. මහ බැංකුවේ අධිපතිවරයා පෙන්වා දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්නා වැඩපිළිවෙලේ තෙවැනි සමාලෝචනය මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකට සාර්ථකව එළඹීමට හැකිව තිබෙන බැවින් රජය අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සම්මත කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට ලැබිය යුතු මුදල ඉතා ඉක්මණින් ලබාගැනීමට හැකිවනු ඇති බවත් ය. මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල…

Read More

කලාවැව ජාතික වනෝද්‍යානයේ සැරිසැරූ දීඝදන්තු 1 හස්තියා විදුලි සැර වැදී මරණයට පත්වී තිබේ. අප වාර්තාකරු පැවසුවේ ආඬියාගල ගිඟුරුවැව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක පැටලීමෙන් හස්තියා මරණයට පත්වී ඇති බවය. කලාවැව ජාතික වනෝද්‍යානය සිය නිජබිම කරගනිමින් ජීවත්වූ කලාවැව ඇත් පරපුරේ අවසන් හස්තියා වූ දීඝදන්තු 1 ලෝකය හමුවේ ශ්‍රී ලංකාවට ආභරණයක් විය. කලාවැවේ විශාලත්වයෙන් වැඩිම දළ යුගල සහ වයසින් වැඩිම හස්තියා වූ දීඝදන්තු 1 හස්තියා කලාවැව ජාතික වනෝද්‍යානය සහ කහල්ල පල්ලෙකැලේ අභයභූමිය කේන්ද්‍ර කරගනිමින් වාසය කළේය. විදෙස් සංචාරකයින් මෙම ප්‍රදේශයට වැඩි වශයෙන් පැමිණියේ ද මෙම හැඩකාර හස්තියා සියැසින් දැක ගැනීමේ ආශාවෙනි

Read More