Author: Buzzer Editorial

එල්.ටී.ටී.ඊ. මහවිරු දින උත්සව සැමරුම් ප්‍රචාර සිදුකළ චෝදනාවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කැළුම් හර්ෂණ නැමැත්තාට කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඇප ලබාදී තිබේ. මෙහිදී අදහස් දක්වමින් නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසා සිටියේ, ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමක් අදාළ චෝදනා තුළ දක්නට නොලැබෙන බව පවසමින් අධිකරණය සැකකරුට ඇප ලබාදුන් බවය. මහජනයා නොසන්සුන් කිරීම සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 30 වනදා අත්අඩංගුවට ගෙන තිබුණි. පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28, 35 හා 45 වයස්වල පසුවන මරදාන, චුන්නාකම් හා බද්දේගම ප්‍රදේශවල පදිංචිකරුවන් බවය. සැකකරුවන් දිවයිනේ තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වන වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව සහිත ජායාරූප හා වීඩියෝපට ෆේස්බුක් සමාජ…

Read More

හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ දෙසැම්බර් 6 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ. නීතිවිරෝධී ලෙස එකලස් කර ඇති බවට සැලකෙන සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ව අත්අඩංගුවට ගැනුණි. ඔවුන් දෙදෙනාව අද (02) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

Read More

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුවේ සාමාජිකයින් විසුරුවා හැරීම සඳහා පොලීසිය මේ වනවිට කටයුතු කර තිබේ. එම අවස්ථාවේදී එහි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත. උණුසුම් තත්ත්වය අතරතුර පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති අතර, උද්ඝෝෂකයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පසුගියදා අවසන් වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා එම විභාගයට ඉදිරිපත් වූ සියලු සිසු සිසුවියන්ට නිදහස් ලකුණු ලබාදීමට අමාත්‍ය මණ්ඩලය නිර්දේශ කර ඇතැයි නීතිපතිවරයා අද (02) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. මෙම ප්‍රශ්න පත්‍රය සඳහා විභාගය යළි පැවැත්වීම තුළින් සිසු සිසුවියන් පීඩාවට පත්වීමට හැකි බැවින් එම විභාගය යළි පැවැත්වීම නුසුදුසු බව අමාත්‍ය මණ්ඩලය විසින් නිර්දේශ කර තිබෙන බවත් සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට කියා සිටියේය. පසුගියදා අවසන් වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීම තුළින් තමන්ට දැඩි අසාධාරණයක් සිදුවූ බව සඳහන් කරමින් එම විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් සහ…

Read More

පසුගියදා ඉන්දීය මුහුදු සීමාවේදී අත්අඩංගුවට පත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට ධීවර යාත්‍රා දෙක සහ එහි සිටි සැකකරුවන් අද (02) කොළඹ වරායට රැගෙන ආවේය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගජභාහු නෞකාව එම කටයුත්ත සඳහා එක්වී තිබුණි. ඉන්දීය නාවික හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර සිදුකෙරුණු බුද්ධි තොරතුරු හුවමාරුවකින් අනතුරුව ඉන්දීය නාවික හමුදාව විසින් අදාළ යාත්‍රා දෙක සිය භාරයට ගත්තේය. එහි එක් යාත්‍රාවක අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 400ක් පමණ තිබූ බවත් අනෙක් යාත්‍රාව එහි සහායට ගොස් තිබු බවත් සඳහන් ය. එම බහුදින යාත්‍රා සමඟ ශ්‍රී ලාංකික සැකකරුවන් පිරිස පසුගිය 24 සහ 25 යන දිනයන්හී දී ඉන්දීය නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබුණි. එම…

Read More

ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (02) පෙරවරුවේ දිවුරුම් දුන්නාය. මෙරට අගවිනිසුරු ධුරයට පත් දෙවන කාන්තාව ලෙසත්, ශ්‍රී ලංකාවේ 48 වන අගවිනිසුරු ලෙසත් මුර්දු ප්‍රනාන්දු මහත්මිය ඉතිහාසයට එක්වෙයි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විශ්‍රාම යෑමෙන් පසු පුරප්පාඩු වූ ධුරය සඳහා ඇයගේ නම ව්‍යවස්ථා සභාව විසින් පසුගියදා අනුමත කරන ලදී. 1985 වසරේදී නීතිපති දෙපාර්තමේන්තුවට එක් වූ ඇය 1997 වසරේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ධුරයටත්, 2014 වසරේදී අතිරේක සොලිසිටර් ජනරාල් ධුරයටත් උසස්වීම් ලබා ඇත. මුර්දු ප්‍රනාන්දු මහත්මිය රජයේ නීතිඥවරියක ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට බැඳී වසර 30කට වැඩි කාලයක් එහි සේවය…

Read More

අතරමඟ නතර කළ සංවර්ධන ව්‍යාපෘති යළි ක්‍රියාත්මක කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජපාන තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. ජපාන තානාපතිවරයා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් කොළඹ දී පැවති අතර එහිදී විපක්ෂ නායකවරයා මෙම ඉල්ලීම සිදුකර ඇති බව විපක්ෂ නායකවරයාගේ මාධ්‍ය අංශය සඳහන් කළේය. ජපානය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක් පුරා පැවති රාජ්‍ය තාන්ත්‍රක සබඳතාව ඉදිරියටත් පවත්වාගෙන යන ලෙස විපක්ෂ නායකවරයා මෙහිදී තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ සඳහා තමාගේ උපරිම දායකත්වය ලබා දෙන බව විපක්ෂ නායකවරයා පවසා ඇත. එමෙන්ම පසුගිය කාලය තුළ ජපානය විසින් මෙරට තුළ ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කරන ලෙසත් ඒ සඳහා…

Read More

පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වැලිමඩ පොලිස් වසමේ බලතොටඇල්ල ප්‍රදේශයේදී බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත ඊයේ (30) දින සිදුකරන ලද වැටලීමකින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26, 32, හා 56 වයස්වල පසුවන වැලිමඩ සහ මහියංගනය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී කැණීම් උපකරණ හා පූජා භාණ්ඩ තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධව වැලිමඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read More

උතුරු පළාතේ අහස වලාකුලින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. උතුරු, උතුරුමැද, වයඹ, බස්නාහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 50-55ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. මේ අතර නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ෆෙන්ගල් සුළිකුණාටුව 2024 නොවැම්බර් 30 වැනි දින ප.ව. 11.30 වනවිට උතුරු තමිල්නාඩු – පුදුචේරි වෙරළ තීරය හරහා ගමන්…

Read More

කිලිනොච්ච් මලයාලපුරම් හි ස්ථානගත යුද්ධ හමුදා කඳවුර ඉදිරි පස පිහිටි අතුරු මාවතක ගමන් කරමින් සිටි ද්‍රවිඩ යුවලක් සන්තකයේ තිබූ වටිනා දේ පැහැරගෙන යාමට තැත් කළ යතුරු පැදි කරුවෙකු අදාල යතුරු පැදියද සමගින් අල්ලා කිලිනොච්චි පොලිස් ස්ථානය වෙත භාර දීමට එම යුද්ධ හමුදා කඳවුරේ සේවය කරන සැරයන් වරයෙකු කටයුතු කර තිබේ. යතුරු පැදියකින් පැමිණි සැකකරු සහ තවත් පුද්ගලයෙකු මංකොල්ලය සිදුකර පලා යෑමට තැත් කර ඇති අතර මෙම සිදුවීම දැක ක්ෂණිකව ක්‍රියාත්මක වූ එම කඳවුරේ සේවය කරන සැරයන් දිනේෂ් කුමාර විසින් එක් සැකකරුවෙකු අල්ලාගෙන මෙලෙස පොලීසිය වෙත භාරදී ඇත. කෙසේ වුවද, මෙම මංකොල්ල කෑමේ ප්‍රයත්නයට සහය දුන් තවත් සැකකරුවකු මෙම සිද්ධිය වන…

Read More