- කෙහෙල්බද්දර පද්මේට Passport සෑදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් තිදෙනාට ඇප
- මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ
- හිටපු ඇමතිනි චන්ද්‍රාණී බණ්ඩාරට අධි චෝදනා
- ශ්‍රීලංකන් ගුවන් යානයක් කාර්මික දෝෂයකට
- දයාසිරි ගැන සොයන කමිටුවෙන් ගයන්ත ඉවත්වෙයි
- කලා – සංස්කෘතික කටයුතු පිළිබඳ මන්ත්‍රී සංසඳයක් පිහිටුවීමට යෝජනාවක්
- නාවිකයන් සහ සංවිධානාත්මක පිරිසක අතර සිදු වූ ගැටුම ගැන විධිමත් පරීක්ෂණ
- ක්‍රිකට් තරග පාවාදීම සම්බන්ධයෙන් සචිත්ර සේනානායකට නඩු
Author: Buzzer Editorial
මැතිඇමතිවරුන් සහ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සීමා කිරීමට අදාළව කේ. ටී. චිත්‍රසිරි කමිටු වාර්තාව අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (03) සඳහන් කළේය. කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු ඒ බව පැවසීය. “ජනාධිපතිවරයා පත්වූ පසු කමිටුවක් පත් කළා..මැතිඇමතිවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතාගේ සභාපතීත්වයෙන්. ඔවුන්ගේ වාර්තාව ඊයේ ජනාධිපතිතුමාට බාර දුන්නා. ඒ ගැන අධ්‍යයනය කරමින් ඉන්නවා.” “ඒ වාර්තාවේ සඳහන් වෙනවා. ඔවුන් නිර්දේශ කරලා තියෙනවා යම් යම් වරප්‍රසාද කොහොමද සීමා කරන්නේ කියන එක පිළිබඳව. මේ සියල්ල අපි එකට සලකා බලන්නේ.” මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන…
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සම්බන්ධයෙන් මේ වනවිට මතුවී ඇති ගැටලුවලට තිරසර විසදුම් ලබාදීම සඳහා අග්‍රාමාත්‍යවරියගේ සභාපතිත්වයෙන් යුත් අමාත්‍ය කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ. අද (03) පැවැති කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඒ බව සඳහන් කළේය. සංවර්ධන නිලධාරින් 15,800කට අධික සංඛ්‍යාවක් ජාතික පාසල්වල සහ පළාත් පාසල්වල ඉගැන්වීම්වල නිරතව සිටී. ඒ අනුව, සංවර්ධන නිලධාරීන්ගේ පරිපාලන කටයුතුවලදී මෙන්ම, කාර්යසාධනය සම්බන්ධව වර්තමානයේදී උද්ගත වී ඇති විවිධ ගැටලු හඳුනාගෙන, එම ගැටලු විශ්ලේෂණය කර ඒ සඳහා තිරසර විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍යවරියගේ සභාපතිත්වයෙන් අමාත්‍ය කමිටුවක් පත් කිරීමට නියමිතය. අමාත්‍යවරුන් / නියෝජ්‍ය අමාත්‍යවරුන්ගෙන් සමන්විත අමාත්‍ය කමිටුවක් පත් කිරීමටත්, එම කමිටුවට සහායවීම…
Clean Sri Lanka අරමුදලක් පිහිටුවීමට සහ එහි කළමනාකරණය සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ යන නව රජයේ දැක්ම අනුව මෙහෙයවනු බලන මෙම පරිවර්තනීය මුල පිරීම සාමාජිය, පාරිසරික හා ආචාරධර්මීය පිබිදීමක් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් පමණක් නොව දේශපාලනික, සාමාජීය, ආධ්‍යාත්මක මෙන්ම පාරිසරික වශයෙන්ද සැලකිය යුතු පසුබෑමකට ලක්වීම සැලකිල්ලට ගෙන මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිඳියාව සහ ප්‍රමණය තහවුරු කිරීම තුලින් ජාතික අපේක්ෂාව සාක්ෂාත් කර ගැනීම සඳහා සිදු කරනු ලබන ජාතික මෙහෙයුමක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබේ.
දේශීයව නිෂ්පාදනය කරනු ලබන ඖෂධ සහ වෛද්‍ය සැපයීම් ඉදිරි වසරක කාලයක් සඳහා දේශීය නිෂ්පාදකයින් වෙතින් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමග බද්ධ ව්‍යාපාර ගිවිසුම් අත්සන් කරනු ලැබ ඇති දේශීය නිෂ්පාදකයින්, සෞඛ්‍ය අමාත්‍යාංශය සමග පසු මිලදී ගැනීමේ ගිවිසුම් අත්සන් කර ඇති දේශීය නිෂ්පාදකයින් සහ දැනට ගිවිසුම්ගතවී නොමැති දේශීය නිෂ්පාදකයින් විසින් සැපයිය හැකි ඖෂධ වර්ග ලැයිස්තු 04ක් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කර තිබේ. එම ලැයිස්තු 04 පරීක්ෂා කර අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව පහත සඳහන් පරිදි ප්‍රසම්පාදනයන් පිරිනැමීම පිණිස…
අස්වැසුම හිමි මෙන්ම මව්පියන් ආබාධිත, ළමා නිවාසවල සිටින විශේෂ හේතු මත අසරණභාවයට පත් පාසල් දරුවන් සඳහා පාසල් පොත්පත් මිලදී ගැනීම සඳහා රුපියල් 6,000ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ. එම තීරණය ලබන පාසල් වාරයේ සිට ක්‍රියාත්මක වෙයි. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ අගමැතිනිය ඉදිරිපත්කළ කැබිනට් යෝජනාවට ඊයේ (02) අනුමැතිය ලබාදුන් බවයි.
බලයට පැමිණීමට පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව පැවසූ වර්ථමාන ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගනිමින් මාධ්‍ය මර්දනයේ නිරත වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි. අද (03) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ ආණ්ඩුවට විශාල ජනවරමක් ලබා ගැනීමට සමාජ මාධ්‍ය උපකාරී වූ නමුත් බලයට පැමිණි පසු අදාළ පනත උපයෝගී කරගනිමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මර්දනය කරන බවය. “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගෙන මාධ්‍ය දඩයමක නිරත වීම මේක සාධාරණද? මේ තරම් විශාල ජනවරමක් ලබා ගැනීමේදී සමාජ මාධ්‍ය ක්ෂේත්‍රෙය් විශාල සහයෝගයක් ඔබට ලැබුණා. නමුත් මේ මොහොත වන විට ඉවත් කරනවායි කියපු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගෙන මේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ව දඩයම්…
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. මනතුංග මහතා පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂ සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කර තිබේ. මේ අතර හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා අපරාධ විමර්ශන අංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස තවදුරටත් කටයුතු කරනු ඇති බවත් පොලිස් මූලස්ථානය පවසයි.
පසුගිය දින කිහිපයේ පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් සෘජුව සහ වක්‍රව පීඩාවට පත් ජනතාව සහන සැලසීම වෙනුවෙන් රජයේ විශේෂ අවධානයක් යොමුව ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි. අද (03) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ ආපදාවට පත්ව ඇති ජනතාව ඉන් මුදා ගැනීම සඳහා කඩිනමින් අවශ්‍ය පිළිවෙත් යොදන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බවය. ඒ සඳහා අවශ්‍ය සියලු ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා අදාල අංශ වෙත උපදෙස් ලබා දුන් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේය. නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 24ක පවුල් 139,439 සහ පුද්ගලයින් 469,872ක් අවතැන්ව ඇති බවත් මරණ 18ක්, තුවාල වීම් 20ක්ද වාර්තා වී…
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්, අපේක්ෂකයින් නියෝජනය කරන ලද පක්ෂවල ලේකම්වරුන් සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් විසින් සිය ආදායම් වියදම් වාර්තා එළැඹෙන 06 වැනි දින භාර දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව සඳහන් කර ඇත්තේ එදින රාත්‍රී 12.00ට පෙර හෝ ඊට ප්‍රථම එම වාර්තා වෙන් වෙන්ව සකස් කර අපේක්ෂකයින් තරග කරන ලද දිස්ත්‍රික්කවල තේරිම්භාර නිලධාරීන් වෙත භාර දිය යුතු බවය. එමෙන්ම ජාතික ලැයිස්තු අපේක්ෂකයින් සිය ආදායම් වියදම් වාර්තා මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත භාර දිය යුතු බවත් මැතිවරණ කොමිසම පවසයි. තවද අපේක්ෂකයින්ට සහ අපේක්ෂකයින් නියෝජනය කරන ලද පක්ෂවල ලේකම්වරුන්ට ස්වාධීන කණ්ඩායම් නායකයින්ට සහ ජාතික ලැයිස්තු…
ශ්‍රී ලංකාවේ හෝටල් ක්ෂේත්‍රයේ පාරිභෝගික ආදරය දිනාගත් Raffles Consolidated (Pvt) Ltd හි 25 වැනි සංවත්සරය 2024 දෙසැම්බර් මස 01 වැනිදාට යෙදී තිබේ. ඒ නිමිත්තෙන් ඉදිරි වසර කිහිපය ඉලක්ක කරගත් සුවිශේෂී සැලසුම් ගණනාවක් සමගින් සමාගමඑළඹෙන වර්ධනීය යුගය කරා පියවර තබයි. 2025 නව වසරේ ආරම්භයේ පටන්, සමාගමේ මීළඟ වර්ධනීය යුගය කරා රැගෙන යන එම සැලසුම් සාර්ථකව දියත් කිරීම අපේක්ෂාවයි. මෙරට හෝටල් ක්ෂේත්‍රයේ අභියෝගාත්මක වසර කිහිපයකට පසුව, සංචාරක ව්‍යාපාරය නැවතත් යථා තත්ත්වයට පත්වෙද්දී, 2025 වසරේදී සමාගමේ කාර්යයන් තවදුරටත් පුළුල් කිරීමටත්, බුටික් හෝටල් කළමනාකාරීත්වය වෙත යොමුවීමටත් සමාගම සූදානම් වේ. ඒ, මෙරට සංචාරක ක්ෂේත්‍රය දිනෙන් දින අත් කරගන්නා වර්ධනීය තත්ත්වයෙන් ප්‍රයෝජන ගැනීම අරමුණු කරමිනි. ඒ…