- කෙහෙල්බද්දර පද්මේට Passport සෑදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් තිදෙනාට ඇප
- මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ
- හිටපු ඇමතිනි චන්ද්‍රාණී බණ්ඩාරට අධි චෝදනා
- ශ්‍රීලංකන් ගුවන් යානයක් කාර්මික දෝෂයකට
- දයාසිරි ගැන සොයන කමිටුවෙන් ගයන්ත ඉවත්වෙයි
- කලා – සංස්කෘතික කටයුතු පිළිබඳ මන්ත්‍රී සංසඳයක් පිහිටුවීමට යෝජනාවක්
- නාවිකයන් සහ සංවිධානාත්මක පිරිසක අතර සිදු වූ ගැටුම ගැන විධිමත් පරීක්ෂණ
- ක්‍රිකට් තරග පාවාදීම සම්බන්ධයෙන් සචිත්ර සේනානායකට නඩු
Author: Buzzer Editorial
නැගෙනහිර තරංගාකාර කැලඹිලි ස්වභාවයක් හේතුවෙන් ඉදිරි දිනවලදී දිවයිනේ කාලගුණ තත්ත්වයට බලපෑමක් ඇතිකිරීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම බලපෑම හේතුවෙන් දෙසැම්බර් 10වනදා දින සිට උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරේ. මේ සමග දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වයද ක්‍රමයෙන් ස්ථාපිත වන ඇති බව ද එම දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ. ඒ අනුව උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇත. කෙසේ නමුත් සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. දිවයිනේ…
2025 වසරේ පළමු මාස 4 සඳහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය අද (06) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. 2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා වූ අතුරු සම්මත ගිණුම පසුගිය 3 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. ඊයේ සහ අද (06) ඒ සඳහා වූ විවාදය පාර්ලිමේන්තුවේ දී පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා පැවැත්විණි. ඒ අනුව අද පැවති විවාදයෙන් අනතුරුව, අතුරු සම්මත ගිණුම ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වයට (GBV) එරෙහිව දින දහසයක ගෝලිය ක‍්‍රියාකාරීත්වයට සහය දැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ප්‍රධානත්වයෙන් ක්‍රියාකාරකම් රැසක් පාර්ලිමේන්තුවේදී අද (06) පැවැත්විණි. මෙම වැඩසටහනට සහයෝගය දැක්වීම පිණිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සහ කාර්ය මණ්ඩලයේ නිලධාරිනියන් තැඹිලි වර්ණයෙන් සැරසී සිටියහ. එහිදී ප්‍රථමයෙන් “ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වය අවසන් කරනු” යන වැකිය සහිත අත් පළඳනාවක් ගරු කතානායක (ආචාර්ය) අසෝක රන්වල මහතා, වෙත පළඳවන ලද්දේ නියෝජ්‍ය කාරක සභා සභාපති ගරු හේමාලි වීරසේකර මහත්මිය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකාවන් විසිනි. මේ අවස්ථාවට එක් වූ විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගරු ගයන්ත කරුණාතිලක යන මහත්වරුන්ටද මෙම …
වයස අවුරුදු 14ක දැරියක් ඝාතනය කර සිරුර ඉදිකරමින් තිබෙන වැසිකිළි වලකට දමා තිබියදී සොයාගත් බව පොලීසිය පවසයි. ගම්පහ, අකරවිට ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඊයේ (5) රාත්‍රියේ වයස අවුරුදු 14ක් වන තම දියණිය දෙසැම්බර් 2වනදා සිට අතුරුදන්ව ඇති බවට ගම්පහ පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම ඝාතනයේ සුලමුල සොයාගැනීමට පොලීසියට හැකිව ඇත. දැරියගේ මව විසින් මෙම ඝාතනයට තම දෙවන සැමියා සැකකරන බවට ප්‍රකාශ කර තිබේ. ඒ අනුව අනාවරණය කරගත් තොරතුරු අනුව පැමිණිලිකාරියගේ දෙවන සැමියා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. ඔහුගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව දැරිය ඝාතනය කර සිරුර ඉදිකරමින් පවතින නිවසේ පිටුපස වැසිකිළිවලට දමා සැකකරු විසින් කොන්ක්‍රීට් ලෑල්ලකින් වසා…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස පත් කර තිබේ. ඔහු වසර කිහිපයක් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මූල්‍ය සහ අලෙවි කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ. මින් පෙර ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයේ කටයුතු කරනු ලැබුවේ ඉන්දියාවේ ජේ ෂායි. ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ලෙස පසුගිය සතියේ වැඩභාරගනු ලැබීය.
ඉකුත් රජය සමයේ මත්පැන් අලෙවි බලපත්‍ර සඳහා වන වාර්ෂික ගාස්තු වැඩිකරමින් නිකුත් කළ ගැසට් නිවේදනයක් ක්‍රියාත්මකකිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (6) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ශ්‍රී ලංකා මත්පැන් අලෙවි බලපත්‍ර හිමියන්ගේ සංගමය විසින් ගොනුකළ තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ඒ. එච්. එම්. ඩී. නවාස්, කුමුදුනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය. ශ්‍රී ලංකා මත්පැන් අලෙවි බලපත්‍රලාභීන්ගේ සංගමය විසින් ගොනුකර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණි. පෙත්සම්කරුවන් කියා සිටින්නේ 2024/1 දරන ගැසට් නිවේදනය මගින් මත්පැන් බලපත්‍ර සඳහා වන වාර්ෂික…
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීමට තීරණය කර තිබෙන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නැතිනම් පක්ෂ නායක රැස්වීම සම්බන්ධයෙන් අද (6) පාර්ලිමේන්තුවේදී මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව පවසා සිටියේය. ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක් වූ සභානායක බිමල් රත්නායක මහතා, “රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීමට අපි තීන්දු කර තිබෙනවා. ඒක ඔබතුමාලා ඉල්ලපු දෙයක් නෙමෙයි. ඒ වගේම රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සාමාජික සංඛ්‍යාව වැඩිකරලා තිබෙනවා ස්ථාවර නියෝගවලට වඩා වැඩියෙන්. කෝප් කමිටුවේ (පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව) සභාපතිකම අපි කිව්වා ඒක ආණ්ඩු පක්ෂයට අවශ්‍යයි කියලා. පළමු…
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව අද (06) දිනයේ මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ලබාදෙන බව විදුලිබල මණ්ඩලය පවසයි. අද දෙරණ කළ විමසීමකදී එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා පැවසුවේ අදාළ යෝජනාවලිය අද දිනයේ ලබාදීමට කටයුතු කරන බවය. පසුගිය ආණ්ඩුව සමයේ වාර්ෂිකව සිව් වතාවක් විදුලි ගාස්තු සංශෝධනය සිදුකළ යුතු බවට යෝජනා වී තිබුණි. එහෙත් 2023 වසරේදී තෙවරක් සහ මෙම වර්ෂයේදී දෙවරක් විදුලි ගාස්තු සංශෝධනය සිදු කෙරුණි. කෙසේවෙතත් වත්මන් ආණ්ඩුව වසරකට දෙවරක් විදුලි ගාස්තු සංශෝධනය කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව අද දිනයේ ඉදිරිපත් වන යෝජනාවෙන් ලබන වසරේ පළමු මාස 06 සඳහා වන ගාස්තු සංශෝධනය සිදුකෙරෙණු ඇති බව සඳහන් ය. අද…
මේ වසරේ ලැබී ඇති රුපියල් ට්‍රිලියන 1.53 බදු ආදායම් ඉලක්කය දෙසැම්බර් මස 31 වනදාට පෙර සපුරා ගැනීමේ හැකියාව පවතින බව රේගු දෙපාර්තමේන්තුව පවසයි. එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ ඉලක්ක ගත මුදලින් රුපියල් ට්‍රිලියන 1.38 රැස් කරගැනීමට හැකිවී ඇති බවය.
2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ආදායම් සහ වියදම් වාර්තා ලබාදීමේ කාලසීමාව අද (06) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා සඳහන් කළේ මැතිවරණය සඳහා ඉදිරිපත්වූ අපේක්ෂකයින් 8361 දෙනාගෙන් 1985 දෙනෙකු පමණක් එම වාර්තා ලබාදී ඇති බවය. නියමිත කාලසීමාව තුළ අදාළ වාර්තා ලබා නොදෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවරගන්නා බවද ඔහු සඳහන් කළේය. මේ අතර පාළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීම සඳහා කටයුතු සූදානම් කරමින් පවතින බවද ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.