- පශු වෛද්‍ය වර්ජනය අරඹයි
- යුද සේවයෙන් නීත්‍යානූකූලව ඉවත්ව ගිය 10,000ක් පොලීසියට ගන්න රජයෙන් සැලසුම්
- කෙහෙල්බද්දර පද්මේට Passport සෑදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් තිදෙනාට ඇප
- මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ
- හිටපු ඇමතිනි චන්ද්‍රාණී බණ්ඩාරට අධි චෝදනා
- ශ්‍රීලංකන් ගුවන් යානයක් කාර්මික දෝෂයකට
- දයාසිරි ගැන සොයන කමිටුවෙන් ගයන්ත ඉවත්වෙයි
- කලා – සංස්කෘතික කටයුතු පිළිබඳ මන්ත්‍රී සංසඳයක් පිහිටුවීමට යෝජනාවක්
Author: Buzzer Editorial
වඳුරන් සහ රිළවුන් ඇතුළු මෙරට වගාවන්ට හානි කරන සතුන් සම්බන්ධයෙන් ගත යුතු යෝජනා ඇතුළත් වාර්තාවක් අද (09) දිනයේ දී පරිසර අමාත්‍යංශය සහ කෘෂිකර්ම අමාත්‍යංශය වෙත භාරදීමට කටයුතු කරන බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි. එහි ජාතික සම්බන්ධීකාරක, පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා පැවසුවේ මේ වන විට මෙරට වඳුරන්ගේ සහ රිළවුන්ගේ ගහනය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර එම තත්ත්වය පාලනය කිරීමට ගත හැකි කෙටි කාලීන මෙන්ම දිගු කාලීන යෝජනා ද මෙහි ඇතුළත් බවය. “ලංකාවේ රිළා ගහනය වැඩිවෙලා තියෙනවා. ඇත්තටම ඒකට හේතුව මේ අයව ස්වභාවිකව වද කරන විලෝපිතයින් නැති වීම. අනෙක් එක කැලේ තිබුණ ආහාර ප්‍රමාණයන් අඩුවීම හා වගාබිම් ආශ්‍රිතව…
Former State Minister Lohan Ratwatte has withdrawn a petition seeking an order that his arrest over the incident of discovering a luxury car illegally imported and assembled in Sri Lanka in his wife’s house is unlawful. The petition was taken up before the President of the Court of Appeal Nissanka Bandula Karunaratne today (09). During the trial, President’s Counsel Sanjay Rajaratnam who appeared for petitioner Ratwatte informed the court that his client has been granted bail over the incident and requested permission for the petition to be withdrawn. The Court of Appeal, which accepted the request, allowed the petition to…
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 74 වන සංවත්සරය අද (09) වනදා අභිමානවත්ව සමරනු ලබයි. ඊට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ නිර්දේශය මත විවිධ තරාතිරම්වලට අයත් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් 2,138 ක් අද දින සිට උසස් කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව, සාමාන්‍ය නැවි තරාතිරම දක්වා නාවිකයන් 158 ක්ද, බල නැවි තරාතිරම දක්වා නාවිකයින් 279 ක්ද, නායක නැවි තරාතිරම දක්වා නාවිකයින් 406 ක්ද, සුළු නිලධාරී තරාතිරම දක්වා නාවිකයින් 391 ක්ද, ප්‍රධාන සුළු නිලධාරි තරාතිරම දක්වා නාවිකයින් 539 ක්ද, සමූහ ප්‍රධාන සුළු නිලධාරි තරාතිරම දක්වා නාවිකයින් 354 ක් සහ පාලක ප්‍රධාන සුළු නිලධාරි තරාතිරම දක්වා නාවිකයින් 11 ක්ද වශයෙන් ජ්‍යේෂ්ඨ…
සිරියානු කැරලිකරුවන් එරට ඩැමැස්කස් අගනුවරට ඇතුළු වී තිබේ. ඒ දශකයකට අධික කාලයක් පුරා සිරියාවේ පැවති යුදමය වාතාවරණය තීව්‍ර කරමින් එරට ඩැමැස්කස් අගනුවරට උතුරින් පිහිටි ඇලැප්පෝ සහ හමා නගර යටත් කරගැනීමත් සමගයි. කැරලිකරුවන් ඊයේ (07) ඩැමැස්කස් අගනුවර ආසන්නයේ හොම්ස් නගරයේ ද සිය පාලනයට නතු කර ගැනීමට සමත් විය. ඒ අනුව ඔවුන් මේ වනවිට ඩැමැස්කස් අගනුවරට ද ඇතුළු වී තිබේ. අගනුවරට තදාසන්න පෙදෙස් රැසක් කැරලිකරුවන්ගේ පාලනයට යටත් වී ඇති අතර සිරියානු ජනාධිපති බෂර් අල් අසාද් පෞද්ගලික ගුවන්යානයකින් රටින් පළාගොස් ඇත්තේ ඒ අනුවය. වසර 54ක් පුරා සිරියාවේ පැවති කෘෘර අසාද් පාලනය මේ වනවිට බිඳ වැටී ඇති බව විශේෂඥයින් මත පළ කරයි. එමෙන්ම අසාද්…
අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත්වූ ජනතාව සඳහා බෙදාහැරීම වෙනුවෙන් රුපියල් මිලියන 300ක පමණ වටිනාකමින් යුතු ආධාර තොගයක් ජපාන රජය විසින් මෙරටට ලබාදී තිබේ. මෙරට ජපාන තානාපති කාර්යාලයේ හා ජයිකා ආයතනයේ මැදහත්වීමෙන් පරිත්‍යාග කළ එම ආධාර තොගය රැගත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන යානය ඊයේ (07) රාත්‍රී කටුනායක ගුවන් තොටුපලට පැමිණ ඇති අතර එහිදී මෙරට බලධාරීන් වෙත ඒවා භාරදීම සිදුව ඇති බවද සඳහන් වේ. එම ආධාර තොගය පසුගියදා ඇතිවූ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව සඳහා බෙදාහැරීම වෙනුවෙන් අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබාදීමට නියමිතයි. මේ අතර අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත්වූ උතුරු පළාතේ ජනතාව සඳහා ඉන්දීය රජය විසින් ද සහනාධාර තොගයක් ලබාදී තිබේ. පේසාලේ,…
ආනයනික සහල් ලබන සතියේ දිවයිනට ලැබෙනු ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයකරුවන්ගේ සංගමය පවසයි. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ සහල් ආනයනය කිරීමට රජය විසින් ලබාදී ඇති උපදෙස් අනුව ආනයනකරුවන් කිහිපදෙනෙකු මේ වන විටත් සහල් තොග ඇනවුම් කර ඇති බවය. ඉන්දියාව සහ පාකිස්තානය යන රටවලින් අදාළ සහල් තොග ඇනවුම් කර ඇති අතර ඉදිරි සතිය තුළ එම තොග දිවයිනට ලැබෙනු ඇති බව ඔහු සඳහන් කළේය. මෙරට පවතින සහල් හිඟයට පිළියමක් වශයෙන් ආනයනකරුවන්ට ඍජුවම සහල් ආනයනය කිරීම සඳහා අවස්ථාව ලබාදීමට පසුගිය දා කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණි. ඒ අනුව සහල් සඳහා පනවා තිබූ ආනයනික බදු සංශෝධනය කරමින් දෙසැම්බර් මස 04 වන දින සිට 20 වන…
යාපනයේ ක්‍රියාත්මක වූ ආවා කල්ලියේ නායකයා බව පැවසෙන ශ්‍රී ලාංකිකයෙකු කැනඩාවේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රසන්න නල්ලලිංගම් හෙවත් අජන්තන් සුබ්‍රමනියම් නමින් හඳුන්වන 32 හැවිරිදි අයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව කැනේඩියානු මාධ්‍ය වාර්තා විය. 2022 වර්ෂයේ ප්‍රංශයේ සිදුවූ ඝාතනයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු වන මෙම පුද්ගලයා ශ්‍රී ලංකාවේ ද ඝාතන කිහිපයකට සම්බන්ධ පුද්ගලයෙකු බව සඳහන්ය. ඒ අනුව මෙරට ආරක්ෂක අංශ විසින් එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තු ද නිකුත් කර ඇති බව වාර්තා විය. 2021 වර්ෂයෙන් පසු ශ්‍රී ලංකාවෙන් පැන ගොස් සිටි මෙම පුද්ගලයා අමෙරිකාව, ප්‍රංශය යන රටවල සිට කැනඩාවට පැමිණ සිටියදී මෙලෙස කැනේඩියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන…
පොළොන්නරුව ප්‍රදේශයේ සහල් මෝල් අද (08) දිනයේ විශේෂ පරික්ෂාවට ලක්කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ සහල් මෝල්වල දෛනිකව නිෂ්පාදනය කරන සහල් ප්‍රමාණය, දැනට පවතින තොග ප්‍රමාණය සහ වෙළෙදපොළට නිකුත් කරන සහල් ප්‍රමාණය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාගැනීම මෙහිදී සිදුකරන බවය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි සියලුම සහල් මෝල්වල තොරතුරු ලබාගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කළේය. ඊයේ (07) දිනයේදී සහල් මෝල් හිමියන් සහ ජනපති අතර පැවැති සාකච්ඡාවකදි ජනාධිපතිවරයා පැවසුවේ අද දිනයේ සිට සියලුම සහල් මෝල් සඳහා පාරි
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව විපක්ෂය ගෙනආ දෝෂාභියෝගය අද (07) එරට පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වුණි. දකුණු කොරියානු විපක්ෂය එරට ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආවේ ජනාධිපතිවරයා පසුගිය අඟහරුවාදා රාත්‍රීයේ දී හදිසියේ හමුදා නීතිය පැනවීමේ සිදුවීම මුල් කරගනිමිනි. දෝෂාභියෝගයට අදාළ ඡන්ද විමසීම එරට වේලාවෙන් අද පස්වරුවේ පැවැත්වුණි. දෝෂාභියෝගය සම්මත කරගැනීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය යුතු වන අතර ඒ අනුව මන්ත්‍රීවරු 200 දෙනෙකු යෝජනාව සඳහා අනුමැතිය ලබාදීම සිදුකළ යුතු බව සඳහන්ය. විපක්ෂ මන්ත්‍රීවරුන් 192කුගෙන් සමන්විත වන අතර දෝෂාභියෝගය ජයග්‍රහණය කිරීමට නම් ඔවුන්ට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අට දෙනෙකුගේ සහාය හිමිවිය යුතු විය. කෙසේවෙතත් ඡන්ද විමසීම ආරම්භ වීමට…
ශ්‍රී ලංකාවෙන් පිටතට රැගෙන ගොස් තිබෙන මුදල් නැවත ගෙනඒම සම්බන්ධයෙන් රජය ගෙනයන වැඩපිළිවෙලට තාක්ෂණික සහාය ලබාදීමට සූදානම් බව දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලු මහතා පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඩොනල්ඩ් ලු මහතා අතර අද (07) ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වුණි. එහිදී ඩොනල්ඩ් ලු මහතා මේ බව පවසා තිබුණි. ඒ මහතා තවදුරටත් පවසා සිටියේ, වත්මන් රජය ගෙනයන දූෂණ විරෝධී වැඩපිළිවෙළට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී සහයෝගය ලබාදෙන බවය. මේ අතර ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ ආර්ථිකය ගොඩනැගීම සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට අමරිකානු රජය සූදානම් බවද සහකාර රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේය. දේශපාලන, ආර්ථික හා…