- පශු වෛද්‍ය වර්ජනය අරඹයි
- යුද සේවයෙන් නීත්‍යානූකූලව ඉවත්ව ගිය 10,000ක් පොලීසියට ගන්න රජයෙන් සැලසුම්
- කෙහෙල්බද්දර පද්මේට Passport සෑදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් තිදෙනාට ඇප
- මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ
- හිටපු ඇමතිනි චන්ද්‍රාණී බණ්ඩාරට අධි චෝදනා
- ශ්‍රීලංකන් ගුවන් යානයක් කාර්මික දෝෂයකට
- දයාසිරි ගැන සොයන කමිටුවෙන් ගයන්ත ඉවත්වෙයි
- කලා – සංස්කෘතික කටයුතු පිළිබඳ මන්ත්‍රී සංසඳයක් පිහිටුවීමට යෝජනාවක්
Author: Buzzer Editorial
දැනට භාවිත කරනු ලබන රියදුරු බලපත්‍රය වෙනුවට නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් කඩිනමින් හඳුන්වා දීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඩිජිටල් රියදුරු බලපත්‍රය නිකුත් කරන තුරු දැනට අනුගමනය කරනු ලබන ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය ඇත. මේ වන විට සුහුරු කාඩ්පතක් ලෙස රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම ආරම්භ කර වසර 15කට ආසන්න කාලයක් ගත වී ඇති අතර, අදාළ ආයතන අතර දත්ත හුවමාරුවකට පහසුකම් සලසමින් නව තාක්ෂණය අනුව ලෝකයේ රටවල් ගණනාවක දැනට භාවිත කරනු ලබන ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමේ යෝග්‍යතාව රජය විසින් හඳුනාගනු ඇතැයි ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදය කරයි. ඒ අනුව, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්…
පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ, ඒ අනුව 2025 වසරේ මාර්තු මස 31 වනදා දක්වා එම කාල සීමාව දීර්ඝ කළ බවය. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ණය ගෙවීම පැහැර හැරීම හේතුවෙන් ඔවුන්ගේ දේපොළ බැංකුවලට පවරාගෙන වෙන්දේසි කිරීම මේ වසරේ දෙසැම්බර් 15 වන දින දක්වා තාවකාලිකව අත්හිටුවා තිබුණි. පසුගිය වසර 04ක කාලය තුළ ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට දැඩි ලෙස බලපා ඇති අතර, කුඩා හා මධ්‍ය පරිමාණ…
ධීවරයින් වෙනුවෙන් ලබාදුන් භූමිතෙල් සහනාධාරය සඳහා මාසිකව රුපියල් 9,375 මුදලක් ඉදිරි මාස 5 සඳහා ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සක්‍රීය කුඩා ධීවර යාත්‍රා සඳහා එම සහනාධාරය ලබාදීමට නියමිතය. අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ, ධීවරයින්ට මීට පෙර ලබාදුන් භූමිතෙල් සහනාධාරය ලබාදීම පහසුකිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවය. මේ අතර, ඩීසල් ලීටරයකට රු 25 බැගින් වූ ඩීසල් සහනාධාරය ඉදිරි කාලය සඳහා ද ලබාදීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් ධීවරයින් මුහුණදී සිටි අසීරුතාවයන්ට සහන සැලසීමේ අරමුණින්…
ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මඟින් සම්බාධක සහ වීසා සීමා පනවා තිබේ. ඒ ඔවුන් සිදුකළ බවට සැලකෙන ඇති මූල්‍ය වංචා සිදුවීම් සම්බන්ධයෙනි. මේ යටතේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන එයාර්බස් ගුවන් යානා මිලට ගැනීමේදී වෙළෙඳපොළ වටිනාකමට වැඩි අගයකට ඒවා මිලදී ගැනීම සඳහා අල්ලස් ගත් බවට චෝදනා එල්ල වී තිබේ. හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංගට එරෙහි සම්බාධක පනවා ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේ දූෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බවට එල්ලවන චෝදනා යටතේය. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ 7031(c)වගන්තිය යටතේ මොවුන්…
තමා වෙත පැවරී ඇති බලතල අනුව වංචාව, දූෂණය මැඩපැවැත්වීම වෙනුවෙන් කැපවෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ ජාත්‍යන්තර දූෂණ විරෝධී ජාතික සැමරුම් වැඩසටහනට එක්වෙමිනි. එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ, බලය හොබවන පුද්ගලයින් සිය වගකීම හා යුතුකම නිසි ලෙස ඉටුනොකරන්නේ නම් නීති තීබීමෙන් ප්‍රතිඵලයක් නොමැති බවය. ජාත්‍යන්තර දූෂණ විරෝධී ජාතික සැමරුම වැඩසටහන අද (12) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. එම වැඩසටනෙහි තේමාව වූයේ “අභිමානවත් ජාතියක ආදර්ශමත් පෙරගමන්කරුවන් වෙමු” යන්නයි. එහිදී වැඩිදුටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, “නඩු ඉල්ලා අස්කරගන්නවා නම් අපි පැහැදිලි කළ යුතුයි. ඇයි අපි ඉල්ලා අස්කරගන්නේ කියලා. ලිපිගොනු හත, අට…
විභාග රාජකාරිවල නිරත විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සඳහා ගෙවිය යුතු දීමනා විධිමත්ව ගෙවන ලෙස ලංකා ගුරු සංගමය රජයෙන් ඉල්ලා සිටියි. එහි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා මාධ්‍ය හමුවකදී පැවසුවේ විභාග කොමසාරිස් වරයා ඊයේ (08) නිකුත්කර ඇති චක්‍රලේඛයක් මගින් ප්‍රවාහන දීමනා සම්බන්ධයෙන් ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වී ඇති ඇති බවයි. “මේ දිනවල උසස් පෙළ විභාගය සිදු කෙරෙමින් පවතිනවා. මේ විභාග කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් අලුත් ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා මේ විභාග කොමසාරිස්වරයා නිකුත්කළ ලිපි දෙකක් සම්බන්ධයෙන්. 11 මාසේ පළමුවෙනිදා නිකුත්කළ ලිපියක් තියෙනවා. එම ලිපියට අනුව ශාලාවේ සිට ප්‍රවාහනය කිලෝමීටර් 10කට වැඩිනම් රුපියල් 1000ක් ගෙවන්න තීරණය කරලා තිබුණා. 12 වන මාසේ 8 වනදා විභාග කොමසාරිස්වරයා තව…
ජාතික ජන බලවේගයට සම්බන්ධ ලංකා විදුලි සේවක සංගමය විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ප්‍රසාද දීමනාව ලබාදෙන ලෙස ඉල්ලා සිටියද, එවැනි ප්‍රසාද දීමනාවක් මේ අවස්ථාවේදී ලබා නොදීමට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ. මෙම වසරේ ලංකා විදුලිබල මණ්ඩලය විශාල ලාභයක් ලැබුවද, එම මුදල් ණය ආපසු ගෙවීම් සහ විදුලිබිල අඩු කිරීම සඳහා යොදවා ඇති බව එහි අධ්‍යක්ෂ මණ්ඩලය අවධාරණය කරයි. ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන තත්ත්වයකට පත්ව ඇති බැවින් දෙසැම්බර් 10 වැනිදාට පෙර සේවක ප්‍රසාද දීමනාව ලබාදීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලි සේවක සංගමය, විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කළේය. ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා කියා සිටියේ…
අත්අඩංගුවට ගෙන පසුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාව අද (09) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ. ඒ රිය අනතුරක් සිදුකර අගතියට පත් පාර්ශවයට තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙනි. බීමතින් රිය ධාවනය, අනතුරක් සිදුකිරීම සහ අගතියට පත් පාර්ශ්වයට තර්ජනය කිරීම යන චෝදනා සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කොල්ලුපිටිය පොලීසිය විසින් පසුගිය 6 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය. ලොහාන් රත්වත්තේ මහතා සිය ඥාති නිවසකට ගොස් නැවත යමින් සිටියදී ඔහු පැදවූ ජීප් රථය කොල්ලුපිටිය මංසන්ධිය අසලදී තවත් මෝටර් රථයක ගැටී එම අනතුර සිදුව තිබුණි.
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව මැතිවරණය කල්දැමීම සාමුහික දුෂණයකට පසුව කරනු ලැබු දේශපාලනික ගබ්සාවක් සේම මූල්‍යමය වශයෙන් කළ ආර්ථික ඝාතනයක් බව නිදහස් ජනතා සභාව පවසයි. එහි නායක ඩලස් අලහප්පෙරුම මහතා විසින් ජනාධිපති, විපක්ෂ නායක, ඇතුළු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත මෙන්ම අල්ලස් හා දුෂණ කොමිසම වෙත ලිපියක් යොමුකරමින් මේ බව සඳහන් කර ඇත. රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේදී පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම නිසා ඊට වැයකරන ලද රුපියල් කෝටි 72කට වැඩි මුදල අපතේ යෑම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ද සූදානම් බව නිදහස ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම මහතා සිය ලිපියෙන් පෙන්වාදෙයි.. ඔහු පවසන්නේ එම මුදල අදාළ තීන්දුව ගත් පාලකයින්ගෙන් අයකර…
සිරියාවෙන් පළාගිය හිටපු ජනාධිපති බෂාර් අල්-අසාඩ් මේ වනවිට රුසියාවේ මොස්කව් නගරයට ගොස් ඇති බව රුසියානු මාධ්‍ය සඳහන් කරයි. රුසියාව හිටපු ජනපතිවරයාට සහාය දුන් ප්‍රමුඛ පාර්ශ්වයකි. රුසියානු බලධාරීන් පවසන්නේ අසාඩ් ට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ට රුසියාවේ සරණාගතභාවය ලබාදෙන බවයි. Hayat Tahrir al-Sham නම් සංවිධානයට අයත් කැරලිකරුවන් නොවැම්බර් 27 වනදා අසාඩ් පාලනයට එරෙහිව ප්‍රහාර දියත් කළේය. ඉන්පසු දින කිහිපයක් තුළදී එරට ප්‍රධාන නගර සිය ග්‍රහණයට ගැනීමට කැරලිකරුවන් සමත්විය. ඔවුන් ඊයේ (08) ඩැමස්කස් නගරය ට ඇතුළු වුණු අතර පසුව වාර්තා වූයේ ජනාධිපති අසාඩ් ගුවන්යානයකින් එරටින් පළාගිය බවයි.