Author: Buzzer Editorial

හෙරොයින් කිලෝග්‍රෑම් 05ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1.6ක් සහ එක්ස්ටසි මත්පෙති 800ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු කහතුඩුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ එහි වටිනාකම රුපියල් මිලියන 130ක් පමණ වන බවය. මේ අතර අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 02යි මිලිග්‍රෑම් 100ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු බොරැල්ල, වනාතමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

මෑතකදී අවසන් වූ 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීම හේතුවෙන් ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගය පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති පෙත්සම්වලට අදාළ විභාගය මේ මස 16 වනදා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළේය. මෙම පෙත්සම් අද (11) එස්. තුරෙයි රාජා සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නිසියාකාරව සම්පූර්ණ වී නොමැති හෙයින් පෙත්සම් විභාගය ලබන 16 වනදා දක්වා කල් තබන බව විනිසුරු මඩුල්ල නියෝග කළේය. අදාළ විභාගයට ඉදිරිපත් වූ සිසු සිසුවියන් හා ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් විසින් මෙම පෙත්සම් තුන ඉදිරිපත් කර තිබුණි. මෙම පෙත්සම…

Read More

යාපනය දිස්ත්‍රික්කයේ හඳුනා නොගත් උණ රෝගී තත්ත්වයක් පැතිර යන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. කෙසේවෙතත් එම රෝගී තත්ත්වය මී උණ රෝගී තත්ත්වයද යන්න තහවුරු කර ගැනීම සඳහා මේ වනවිට පරීක්ෂණ පැවැත්වෙන බව වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය කුමුදු වීරකෝන් මහත්මිය පවසන්නීය. මී උණ රෝගය වැඩි වශයෙන් පැතිරයාමේ අවදානම සම්බන්ධව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (11) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියාය. උණ සහ ශ්වසන අපහසුතා ඇති රෝගීන් එම ප්‍රදේශ තුළින් වාර්තා වී ඇති බවත් මේ වන විට අදාළ උණ රෝගීන්ගේ සාම්පල ලබාගනිමින් පරීක්ෂණ පවත්වන බවත් ඇය පැවසුවාය. එමෙන්ම පසුගිය 2023 වසරේ දිවයින පුරා මී උණ රෝගීන්…

Read More

ඉන්දු – ලංකා ධීවර ගැටලු පිළිබඳ ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී සාකච්ඡා කරන බව ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා පවසයි. ඔහු සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් පසුගිය දා දෙරටේ නිලධාරීන් සාකච්ඡා කළ බවය. මෙම ගැටලුව විසඳීම සඳහා දෙපාර්ශ්වයේ අන්‍යෝන්‍ය අවබෝධය ඉතා වැදගත් බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය. ඇතැම් තමිල්නාඩු ධීවරයින් මෙරට මුහුදු සීමාවේ මසුන් මැරීම හේතුවෙන් උතුරේ ධීවර කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී තිබේ. මෙම තත්ත්වයට දෙපාර්ශ්වයටම එකඟ විය හැකි විසඳුමකට කඩිනමින් එළඹීම වත්මන් රජයේ අරමුණ බව ද ඔහු සඳහන් කළේ ය. අමාත්‍යවරයා පවසන්නේ, මෙරට මුහුදු සීමා උල්ලංඝණය කරන තමිල්නාඩු ධීවරයින් අත්අඩංගුවට ගැනීමේ නාවික හමුදා මෙහෙයුම් ද දැඩි කර ඇති බවයි. ජනාධිපති…

Read More

ඉන්දියාවේ අදානි වරාය සහ විශේෂ ආර්ථික කලාප පෞද්ගලික සමාගම කොළඹ වරායේ බටහිර පර්යන්ත ව්‍යාපෘතියට අමෙරිකානු ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය අරමුදල (IDFC) වෙතින් ඉල්ලූ ඩොලර් මිලියන 553 ක ණය ඉල්ලීම ඉල්ලා අස් කරගෙන ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි. කෙසේ වෙතත්, සමාගම පවසන්නේ කොළඹ වරායේ බටහිර පර්යන්ත ව්‍යාපෘතිය හොඳින් ක්‍රියාත්මක වෙමින් පවතින අතර 2025 මුල් භාගය වන විට එය ආරම්භ කිරීමට නියමිත බවයි. ඉන්දියානු ප්‍රකෝටිපතියෙකු වන ගෞතම් අදානි විසින් පාලනය කරනු ලබන අදානි සමූහ ව්‍යාපාරයට වරායේ බටහිර බහාලුම් පර්යන්තයේ 51% ක කොටස් හිමිව ඇති අතර, එහි සීමාසහිත China Merchants Port Holdings Co Ltd විසින් පවත්වාගෙන යනු ලබන පර්යන්තයක් ද ඇත. ශ්‍රී ලංකාවේ…

Read More

වාද්දූව පොතුපිටියේ නිවසක් ගිනිගෙන ඇති බව වාද්දූව පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ ගින්නෙන් නිවස මුළුමනින්ම විනාශ වී ඇති බවය. යාබද නිවසටද ගින්න පැතිර යමින් තිබූ අතර ප්‍රදේශවාසීන් එක්ව එය පාලනය කිරීමට සමත්ව තිබේ. කෙසේ වෙතත් ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බව පොලීසිය පැවසීය. අදාළ නිවසේ කාන්තාවක් බුදු පහන දල්වා පිටව ගොස් ඇති අතර එය පෙරළී ගිනි ගන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි. කෙසේ වෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධව වාද්දූව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read More

ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජලය උපරිම මට්ටමින් පවතින අවස්ථාවක පෞද්ගලික තාප බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමක් සිදුව ඇති බව ලංකා විදුලි බලමණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමය පවසයි. එම සංගමයේ උප සභාපති නන්දන උදයකුමාර මහතා සඳහන් කළේ, මෙවැනි කටයුතු සිදුවන්නේ කාගේ අවශ්‍යතාව මතද යන්න සොයා බැලීමක් කලයුතු බවය. “පසුගිය කාලයේ අපිට හොඳටම වර්ෂාව ලැබුණා. අපේ ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලාශ සම්පූර්ණයෙන් පිරී ඉතිරිලා යන්න තරම් වර්ෂාවක් ලැබුණා. ඒ වගේම නොරොච්චෝලේ බලාගාරයේ මේ වනවිට ගල් අඟුරු ඇති තරම් ගෙනල්ලා ගල් අඟුරු ස්ටොක් එකක් තියෙනවා. නමුත් පහුගිය සතියේ විදුලිබල මණ්ඩලයේ දත්තවල තියෙනවා නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ තුනෙන් දෙකක් තමා ක්‍රියාත්මක වෙන්නේ. ඒ යන්ත්‍රවලිනුත්…

Read More

2025 වර්ෂය සඳහා මෙරට සෑම පාසැලකම දරුවන් සහ පිරිවෙන් වෙනුවෙන් නිල ඇඳුම් රෙදි ලබා දීමට කටයුතු කිරීම පිලිබඳව චීන රජයට කෘතඥතාව පළ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. 2025 වර්ෂය සඳහා පාසැල් නිල ඇදුම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය. චීන රජයේ ප්‍රදානයක් ලෙස ලැබුණ පාසැල් නිල ඇදුම් තොගය චීන තානාපති Key Zheng Hong, මහතා විසින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූූරිය වෙත සංඛේතාත්මකව භාර දීම අද (10) පස්වරුවේ කොළඹ වාරායේ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ දී සිදු කෙරිණ. 2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවය රෙදි මීටර් මිලියන 11,817 ක් වන…

Read More

රජය විසින් නිකුත් කළ උපරිම මිල ඉක්මවා සහල් විකුණන වෙළෙඳුන් සොයා අද (10) සිට වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එම අධිකාරියේ සභාපති, හේමන්ත සමරකෝන් මහතා සඳහන් කළේ, ඊයේ (09) දිනයේ දී සහල් සඳහා නියම කෙරුණු උපරිම මිල ඇතුළත් ගැසට් නිවේදනය අනුව එම තීරණය ගත් බවය. නව සහල් මිල ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක එම සහල් මිල ඉක්මවා සහල් අලෙවි කරන ඕනෑම අයෙකුට එරෙහි නීතියානුකූලව කටයුතු කරන බව ද ඒ මහතා කියා සිටියේය. “ඒ නිසා මම කාරුණිකව ඉල්ලා සිටිනවා, වෙළෙඳ ප්‍රජාවගෙන්, නිෂ්පාදකයින්ගෙන් හා තොග වෙළෙඳන්ගෙන් වගේම පාරිභෝගිකයින්ගෙන් අප විසින් ප්‍රසිද්ධියට පත්කළ තියෙන මිල අනුව තමන්ගේ සහල් ප්‍රමාණය මිලදී…

Read More

මීළඟ ජාතික අයවැයට ඇතුළත් කිරීම සඳහා පොත් කර්මාන්තයේ සංගම් හතරක් එක්ව පොත් සඳහා පනවා ඇති බදු වලින් නිදහස් කරන යෝජනාවක් නව රජයට ඉදිරිපත් කරමින් බදු පැනවීමට එරෙහිව සිය හඬ නැවතත් අවදි කර ඇත. දැනුම ලබා ගැනීමේ සහ ඉගෙනීමේ මූලාශ්‍රවලට බදු පැනවීමේ මූල්‍යමය මෙන්ම සමාජයීය ප්‍රතිවිපාක සලකා බලන ලෙස රජයට බල කරමින් ප්‍රකාශකයින්, ලේඛකයින්, අලෙවිකරුවන්, ආනයන සහ අපනයනකරුවන් නියෝජනය කරන මෙම සංගම් විසින් ඉල්ලා සිටින්නේ, 2024 ජනවාරි 1 වන දාට පෙර තිබූ පරිදි වැට් බද්දෙන් නිදහස් අංශ ලයිස්තුවට පොත් ඇතුලත් කරන ලෙසටය. තම යෝජනාවේ දී, මෙම සංගම් හතර පෙන්වා දී ඇත්තේ, දේශීයව පොත් නිපදවීමේදී මිනිස් ශ්‍රමය හැර අන් සියලු ද්‍රව්‍යක්ම ආනයනය…

Read More