Author: Buzzer Editorial
චීන ආර්ථික වර්ධන පුරෝකථනය ස්ථාවරව පවත්වා ගෙන යන බව ආසියානු සංවර්ධන බැංකුව පවසයි. ආසියානු සංවර්ධන බැංකුව සිය ‘2024 ආසියානු සංවර්ධන දැක්ම’ නමැති වාර්තාව නිකුත් කරමින් මේ බව පෙන්වා දී තිබේ. ආසියා ශාන්තිකර කලාපයේ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි 2024 වසරේ වර්ධන පුරෝකථනය 5.0%ක සිට 4.9%ක් ලෙස සකස් කර ඇත. එසේම 2025 වසරේ වර්ධන පුරෝකථනය 4.9%ක සිට 4.8%ක් ලෙස වෙනස් කර තිබේ. මේ අතර 2024 සහ 2025 වසරවල චීන ආර්ථික වර්ධන පුරෝකථනය පිළිවෙලින් 4.8%ක සහ 4.5%ක පවතින අතර එය පෙර පුරෝකථනය පරිදි සමානව පවත්වා ගෙන යන බව ද මෙහි සඳහන් වේ. ආසියා ශාන්තිකර කලාපයේ සංවර්ධන ගම්‍යතාව ස්ථාවර වන නමුත්, අමෙරිකානු නව රජයේ…
යාපනය රෝහලේදී පුද්ගලයින් හත්දෙනෙකු මියයාමට හේතුව මී උණ බව තහවුරු වී තිබේ. සාම්පල පරීක්ෂාවෙන් අනතුරුව මේ බව තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය වසංගත රෝග විද්‍යා අංශය පවසයි. උණ සහ හුස්ම ගැනීමේ අපහසුතා හේතුවෙන් ගෙවුණු දින කිහිපය තුළ යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ රෝගීන් අතරින් 7 දෙනෙකු මියගොස් තිබුණි. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු වසංගත රෝග විද්‍යා අංශයේ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය තුෂාණි දඹරේරා මහත්මිය, “මේ රෝගීන් 7 දෙනාගේ සාම්පල මේ වනවිට වෛද්‍ය සාම්පල ආයතනය සහ මහනුවර ජාතික රෝහලේ රසායනාගාරයට යවා පරීක්ෂණ කටයුතු ආරම්භ කර එම රෝගීන් කිහිපදෙනෙකුගේ සාම්පල මීණ උණ හෙවත් Leptospirosis රෝගය ලෙස තහවුරු වී තිබෙනවා. අනෙකුත් පර්යේෂණ කටයුතු…
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් නිසාම් කාරියප්පර් මහතාගේ නම ඇතුළත් කිරීමකින් තොරව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර පුරප්පාඩු පිරවීම සඳහා නම් යැවීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළේය. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව දිසා අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
ගොවීන්ට සිදු වූ වගා හානිය වෙනුවෙන් හෙක්ටයාරයක් සඳහා රුපියල් ලක්ෂයක පූර්ණ වන්දි මුදලක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ, වගා බිම් සකස්කර ගැනීම සඳහා ගොවිජනතාව වෙත ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයනවල සහාය ලබාගැනීමට ද අවස්ථාව සපයා දී ඇති බවය. “ආපදාවලට ලක්වූ ගොවිබිම් වගේම පීඩනයට පත්වූ ගොවි පවුල් ප්‍රමාණය පිළිබඳව සියල්ල මේ වනවිට තක්සේරු කරමින් පවතිනවා. ඒ අනුව හානි වුණ වගාබිම්වලට ගොවීන්ට හෙක්ටයාරයක් සඳහා රු ලක්ෂයක පූර්ණ වන්දියක් ලබාදීමට රජය බැඳිලා ඉන්නවා. ඒ යුතුකම වගකීම අපි ආණ්ඩුව විදියට අනිවාර්යෙන්ම ඉෂ්ට කරනවා. අඩිය, අඩි දෙක, අඩි එකහමාර විතර යටට…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීමට වර්ථමාන ආණ්ඩුව පියවර ගෙන ඇති බව නීතීඥ මනෝජ් ගමගේ මහතා පවසයි. පොදුජන පෙරමුණු ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අද (11) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. ඔහු පැවසුවේ මානව සම්පත් කළමනාකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ඊයේ (10) දින ලිපියක් මගින් මේ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක කොට්ඨාසය වෙත දැනුවත් කර ඇති බවය. ඒ අනුව ආරක්ෂක නිලධාරීන් 116 දෙනෙකු හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක කොට්ඨාසයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවත් මෙම පිරිස අතර ප්‍රභූ ආරක්ෂාව පිළිබඳව පළපුරුදු නිලධාරීන් සියල්ල ඉවත් කිරීමට කටයුතු කර ඇති බවත් ඔහු පැවසීය. ප්‍රභාකරන්ගේ මතවාද ඇති පිරිස් තවමත් තුරන් වී නොමැති…
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පත්කිරීම සඳහා එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ නිර්දේශයක් ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව ගත් තීරණය තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා නීතිඥවරයෙකු විසින් ගොනුකෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් රුපියල් ලක්ෂ 20ක නඩු ගාස්තුකට යටත්ව නිෂ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නේය. අදාළ විනිසුරු පත්කිරීම ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ගනු ලැබූ තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා නීතිඥවරයෙකු වූ එස්.එම්.පතිරත්න මහතා විසින් මෙම…
පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කරන ලද සහල් තොග වෙළෙඳපොළට නිකුත් කර තිබේ. ඊයේ (11) දිනයේ මෙරටට ආනයනය කරන ලද පළමු සහල් තොගය රේගුවෙන් මුදාහැරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. රට තුළ පවතින සහල් හිඟයට පිළියමක් වශයෙන් පෞද්ගලික ආනයනකරුවන්ට සහල් ආනයන කිරීම සඳහා රජය විසින් පසුගියදා අවසර ලබාදුන්නේය. ඒ අනුව ආනයනකරුවන් විසින් සහල් ආනයනය කිරීමට පියවර ගත් අතර ඊයේ දිනයේදී සහල් කිලෝ 75,000ක් රේගුවෙන් මුදාහැර ඇති බව වාර්තා වේ. සම්බා සහ සුදු කැකුළු සහල් තොගයක් ඉන්දියාවේ සිට මෙලෙස ආනයනය කර ඇති බව සඳහන්ය. අද (12) සහ හෙට (13) යන දෙදින තුළද තවත් සහල් තොග දිවයිනට ළඟාවීමට නියමිත බව අත්‍යාවශ්‍ය භාණ්ඩ…
Onmax DT පිරමීඩ ආයෝජන ක්‍රමයේ මුදල් ආයෝජනයන් සිදුකොට මුදල් අහිමි වූ තැන්පත්කරුවන් විසින් මේ දක්වා පැමිණිලි 2,017 ක් ඉදිරිපත් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ. ඒ අනුව ඔවුන්ට අහිමි වී තිබෙන මුදල රුපියල් බිලියන 2.96 ක් ලෙසද ගණන් බලා තිබේ. මෙම පැමිණිල්ල අද (11) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ බව පැවසීය. නිලධාරීන් එහිදී පෙන්වා දී ඇත්තේ ඉකුත් නඩු දිනයේ සිට මේ දක්වා අදාළ ආයෝජනය ක්‍රමයේ මුදල් තැන්පත් කර, මුදල් අහිමි වූ පුද්ගලයින් 865 දෙනෙකු විසින් මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇති බවත්…
නව තරුණ ඡන්දදායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවන පරිදි 2024 වසරේ ඡන්දහිමි නාම ලේඛනය උපයෝගී කරගනිමින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට හැකිවන පරිදි නීති සංශෝධන සිදුකරන ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇතැයි නීතිපතිවරයා අද (11) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 2024 වසරේ ඡන්ද හිමි නාමලේඛනය උපයෝගී කරගනිමින් පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා විසින් මෙම දැනුම්දීම සිදුකළේය. මෙම පෙත්සම අද අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ…
ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අවසන් තීරණය 2025 ජනවාරි 17 වනදා ගන්නා බව එම කොමිසම දැනුම්දෙයි. නිවේදනයක් නිකුත් කරමින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ, 2025 ජනවාරි සිට ජුනි දක්වා මාස 6ක කාලය සඳහා ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන අදහස් විමසීම 2025 දෙසැම්බර් 17 වන දින සිට ආරම්භ කරන බවය. ඒ වෙනුවෙන් ලිඛිත අදහස් භාරගැනීම ජනවාරි මස 08 වනදා දක්වා සිදුකෙරෙන අතර වාචික අදහස් දැක්වීම සැසිවාර 09ක් ඔස්සේ සිදුකිරීමට නියමිතය. ලිඛිත අදහස් [email protected] ඊමේල් ලිපිනයට හෝ 076 427 1030 වට්ස්ඇප් අංකයට…