Author: Buzzer Editorial

ලෝක ප්‍රකට ඉන්දීය තබ්ලා වාදකයෙකු වන සකීර් හුසේන් අභාවප්‍රාප්ත වී තිබේ. ඒ, හෘදයාබාධයක් හේතුවෙන් අමෙරිකාවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී යි. ඉන්දීය පුරවැසියෙකුට පිරිනැමෙන ගෞරවනීය සම්මාන වන පද්ම ශ්‍රී, පද්ම භූෂණ සහ පද්ම විභූෂණ යන ගෞරව නාමවලින් පිදුම් ලැබූ ඔහු, භාරතයේ නාමය ලෝකයට ගෙන ගිය දැවැන්තයෙක්. සංගීත අධ්‍යක්ෂවරයෙකු මෙන්ම රංගන ශිල්පියෙකු ලෙස ද කටයුතු කළ ඔහු, ග්‍රැමි සම්මාන හතරකින් පිදුම් ලැබුවේ ය. භාරතීය ශාස්ත්‍රීය සංගීතය පෝෂණය කිරීම වෙනුවෙන් ඇප කැප වූ වාද්‍ය විශාරද සකීර් හුසේන් මිය යන විට වයස, අවුරුදු 73 ක්.

Read More

පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියට ව්‍යාජ දත්ත ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. යම් අයෙක් තමාව අපකීර්තියට පත්කිරීමට හෝ තම දේශපාලනය කෙරෙහි ඇති විශ්වාසය බිඳදැමීමේ අරමුණින් ව්‍යාජ දත්ත ඇතුළත් කිරීමක් කළා දැයි සැක සහිත බව අමාත්‍යවරයා මෙහිදී මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය. පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ “ආචාර්ය හර්ෂණ නානායක්කාර” යනුවෙන් පළ කර තිබී පසුව අමාත්‍යවරයා සිදුකළ පැමිණිල්ලක් මත එය නිවැරදි කිරීමත් සමග පසුගිය දා මහත් ආන්දෝලනයක් හට ගත්තේය. පසුව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය විසින් නම් උඩුගත කිරීමේ දී සිදුවු වැරදීමක් ලෙස දක්වමින් තමාට ලිපියක් එවා ඇතැයි ද අධිකරණ…

Read More

අද (16) උදෑසන මහනුවර, විලියම් ගොපල්ලව මාවතේ, මත්ස්‍ය වෙළෙඳපොළ ඉදිරිපිට දී ගැටඹේ දෙස සිට මහනුවර දක්වා ගමන්ගත් යතුරුපැදියක් වාහනයක ගැටී අනතුරට ලක්ව තිබේ. අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් පියා හා දියණිය වාහනයේ ගැටී ඇදවැටි ඇති අතර එම අවස්ථාවේදී වෙනත් වාහනයකට දියණියගේ හිස යට වී ඇති බව වාර්තා වේ. අනතුරට ලක්වූ 17 හැවිරිදි දියණිය එම ස්ථානයේ ම මියගොස් ඇති අතර ඇය මහනුවර ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිකාරිණියකි. අද දෙරණ වාර්තාකරු පැවසුවේ අනතුරින් පියාට කිසිදු තුවාලයක් සිදු වූ නොමැති බවය. “ට්‍රැෆික් එක තිබුණා . එක පාරම වාහනයටක් දැම්මා මම බ්‍රේක් කරා. මට හිතා ගන්න බෑ ලිස්සලා වැටුණා. දෙන්නාම එක පැත්තට වැටුනේ. කොහොම හරි වාහනයක් උඩින් ගිහින්…

Read More

හෙළ ඇපරල් හෝල්ඩින්ග්ස් හි පාඨමාලා අවසන් කළ සහතික පත්‍ර ලාභීන් 100කට අධික පිරිසක් වෙත සහතිකපත් ප්‍රදානය පසුගියා දා කුරුණෑගල NIBM ශ්‍රවණාගාරයයේදී පැවැත්වීය. මෙහිදි NIBM ආයතනය මඟින් ඉගැන්වීම් සිදුකළ මෙම පාඨමාලා තුළදී දිරිදරුවෝ ව්‍යාපෘතිය යටතේ තොරතුරු තාක්ෂණය සහ ඉංග්‍රීසි පාඨමාලා සඳහා සහභාගිවූවන්, දීරිලිය ව්‍යාපෘතිය යටතේ ටෙක්නෝ ව්‍යවසායකත්ව පාඨමාලාවන් සඳහා සහභාගිවූවන්, RISE වැඩසටහන හරහා පුහුණු විශේෂඥයින් ලෙස සහතික ලත් පුහුණුකරුවන් මෙහිදී හඳුනා ගනු ලැබීය. මෙය හෙළ ආයතනය මගින් පුද්ගල සවිබලගැන්වීම සහ ප්‍රජාව තුළ තිරසාර සංවර්ධනයක් ඇතිකිරීමේ අරමුණින් ආරම්භ කරනු ලැබූවකි. දිරිදරුවෝ ව්‍යාපෘතිය මගින් මේ වන විට විද්‍යාර්ථීන් 800කට අධික ප්‍රමාණයකට ශිෂ්‍යත්ව, වෘත්තීය මාර්ගෝපදේශනය සහ කුසලතා ගොඩනැගීම හරහා සේවකයින්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට සහාය වන…

Read More

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ශකිබ් අල්-හසන් ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය ඇති ජාතික ක්‍රිකට් සංගම් මගින් සංවිධානය කරනු ලබන දේශීය හෝ විදේශීය තරගාවලිවලදී පන්දු යැවීම අත්හිටුවා තිබේ. බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව පැවසීය. එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් එරට පැවැත්වෙන ක්‍රිකට් තරගවලදී ශකිබ් ට පන්දු යැවීම පසුගියදා තහනම් කළේය. ඒ පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගයකදී ඔහු පන්දුව දමා ගැසූ බවට චෝදනා කරමිනි. ඒ අනුව ශකිබ් සිය පන්දු යැවීමේ ඉරියව්ව නැවත පරීක්ෂණයකට ලක්කළ යුතුය. ඔහු මේ වනවිට ශ්‍රී ලංකා T10 තරගාවලිය සඳහා එක්වී සිටියි. ගෝල් මාවල්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ශකිබ් පසුගිය…

Read More

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය මේ වනවිට ඉන්දීය ජනපති නිල නිවස වන රාෂ්ට්‍රපතිබවන් හී දී ආරම්භ වී තිබේ. ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රකයින් රැසක් එක්ව සිටියහ. ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවයෙන් අනතුරුව ඔහු රාජ්ගාද් හී පිහිටි මහත්මා ගාන්ධි ස්මාරකයට උපහාර දැක්වීමට නියමිතය. අනතුරුව ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර සාකච්ඡා පැවැත්වෙනු ඇත. එම සාකච්ඡා අග්‍රාමාත්‍ය නිල නිවස වෙන හයිද්‍රාබාද් හවුස් හී දී පැවැත්වීමට නියමිත අතර එහිදී අවබෝධතා ගිවිසුම්වලට එළඹීමටද, ද්විපාර්ශ්වික සාකච්ඡා පිළිබඳවද, ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමද සිදුකිරීමට නියමිතය. අද පස්වරුවේ ජනාධිපතිවරයා සහ ඉන්දීය උප…

Read More

බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් තිදෙනෙකුගේ වැඩතහනමට ලක්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දී බෙලිඅත්තේ සිට අනුරාධපුරය දක්වා ධාවන කිරීමට සැලසුම්කර තිබු රජරට රැජිණ දුම්රියේ එංජිම මාරු කිරීමේදී එය වැරදි පීල්ලේ ධාවනය වීම හේතුවෙන් එහි නවතා තිබූ සාගරිකා දුම්රියේ ගැටී ඊයේ (15) පෙරවරුවේ අනතුරක් සිදුව තිබුණි. මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කළේය. ඒ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට එහි සේවකයින් තිදෙනෙකුගේ වැඩතහනමට ලක් කර ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉඳිපොලගේ මහතා සඳහන් කළේය. එමෙන්ම අදාළ දුම්රියන් වෙනුවට විකල්ප දුම්රියන් යෙදවීමට ද අවශ්‍ය පියවර ගෙන ඇති බව…

Read More

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සඳහා මහජන අදහස් ලබා ගැනීමේ කටයුතු හෙට (17) දිනයේ සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි. ඒ අනුව මෙම කටයුතු ජනවාරි 08වනදා දක්වා සිදුකිරීමට නියමිතය. අදාළ යෝජනා විදුලි ගාස්තු පිළිබඳ මහජන උපදේශනය, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව, 6 වන මහල, ලංකා බැංකු වෙළෙඳ කුලුන, කොළඹ 03 යන ලිපිනයට මෙන්ම [email protected] යන විද්‍යුත් තැපෑල ඔස්සේ යොමු කළ හැකි වේ. එමෙන්ම වට්ස්ඇප් අංක 076 42 710 30 අදහස් හා යෝජනා ඉදිරිපත් කළ හැකිය. මහජන උපයෝගීතා කොමිසමට පැමිණ හෝ පළාත් මට්ටමෙන් වෙන්කර ඇති ස්ථානවල දී අදහස් ඉදිරිපත් කළ හැකි බව එම කොමිසම සඳහන් කළේය.…

Read More

පාර්ලිමේන්තුව හෙට (17) දිනයේ දී රැස්වීමට නියමිතව තිබේ. ඒ අනුව මෙම සතිය තුළ පාර්ලිමේන්තුව රැස්වී හෙට සහ අනිද්දා (18) යන දින දෙක සඳහා සීමාවනු ඇත. මෙහිදී දැනට පුරප්පාඩුව පවතින කථානායක ධුරය සඳහා නව කථානායකවරයෙකු තෝරා පත්කර ගැනීමට නියමිතය. ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ වනු ඇති බව වාර්තා වේ. හෙට උදෑසන 9.30 සිට 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ප්‍රශ්න සඳහා මීට ප්‍රථම වෙන්කර තිබුණි. කෙසේවෙතත් නව කථානායකවරයෙකු තෝරා පත්කර ගැනීම ආරම්භයේ දී ම සිදුවන අතර ඒ සඳහා යම් වේලාවක් ගත වනු ඇති බව සඳහන්ය. කථානායකවරයා ලෙස කටයුතු අශෝක රන්වල මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළිගැනීමත් සමග මේ…

Read More

ගිණිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින අතර එම පද්ධතිය තවදුරටත් සෙමින් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇත. ඉන් පසුව එළඹෙන දින දෙක තුළදී, එය දිවයිනේ උතුරුට ආසන්නව තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කිරීමේ හැකියාවක් පවතී. මෙම පද්ධතිය සම්බන්ධව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව, විශේෂයෙන්ම දිවයිනේ නැගෙනහිර සහ උතුරු පළාත්වල වෙසෙන මහජනතාව අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටී. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇත. උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ වයඹ පළාත්වලත් මාතලේසහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.…

Read More