Author: Buzzer Editorial
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දූත පිරිස සිය තෙදින ඉන්දීය සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණ තිබේ. අද දෙරණ ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ ඊයේ (17) රාත්‍රී 10ට පමණ ජනාධිපතිවරයා සහ දූත පිරිස කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බවය. ජනාධිපතිවරයා සමග දූත පිරිස ලෙස සහභාගී වූ අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත, අමාත්‍ය විජිත හේරත් ඇතුළු ඇතුළු පිරිස ද එම ගුවන් යානයෙන්ම ආපසු පැමිණ තිබුණි. ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරණ ගුවන් යානයෙන් ජනාධිපතිවරයා ඇතුළු පිරිස කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බව සඳහන්ය. ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස ඉකුත් 15 දින සිය ඉන්දීය සංචාරය සඳහා පිටත්ව ගියේය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, ජනාධිපතිය,…
ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (17) පෙරවරුවේ බුද්ධගයාවට පැමිණ සිදුහත් කුමරු බුද්ධත්වය ලැබූ ස්ථානයේ පිහිටා ඇති මහා විහාරයත්, ශ්‍රී මහා බෝධීන් වහන්සේත් වැඳ ආශීර්වාද ලබා ගත්තේය. බුද්ධගයාව, බෞද්ධයින්ට ඉතා වැදගත් ගෞතම බුදුන් වහන්සේගේ ජීවිතය හා සම්බන්ධ ප්‍රධාන වන්දනීය ස්ථාන හතරෙන් එකක් වන අතර 2002 වර්ෂයේ බුද්ධගයාවේ මහා බෝධි විහාරය යුනෙස්කෝ ලෝක උරුම භූමියක් ලෙස නම් කරන ලදි. ඉන්දියානු මහාබෝධි සමාගමේ මහලේකම් පූජ්‍ය පැලවත්තේ සීවලි ස්වාමීන්වහන්සේ සහ සාරනාත් මධ්‍යස්ථානාධිපති පූජ්‍ය රත්මල්වල සුමිත්තානන්ද ස්වාමීන්වහන්සේ විසින් ජනාධිපතිවරයාට ආශිර්වාද කරන ලදී. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය…
පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුවට කැඳවා ඇති බව එම පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, පක්ෂයේ තීන්දු තීරණවලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර මහතාට එරෙහිව චෝදනා ගොනුකර ඇති බවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් දුමින්ද දිසානායක මහතා මේ බව සඳහන් කළේය.
චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ (CPPCC) ජාතික කමිටුවේ උප සභාපතිනි, Qin Boyong මහත්මිය දෙසැම්බර් 17 වැනිදා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය. Qin Boyong මහත්මිය ඇතුළු දූත පිරිස පිළිගත් අග්‍රාමාත්‍යවරිය දෙරට අතර දීර්ඝකාලීන මිත්‍රත්වය අගය කරමින් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළාය. රෝග පාලනය, තිරසාර සංවර්ධනය සහ බහුවිධ ක්ෂේත්‍රයන්හි වෙළඳ සහ කාර්මික සම්බන්ධතාවන් ශක්තිමත් කිරීම පිළිබඳ මෙම හමුවේදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණ. ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් විජිතා බස්නායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියාව පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් එස්. රුවන්ති දෙල්පිටිය සහ එම අංශයේ අධ්‍යක්ෂ උදානි ගුණවර්ධන යන…
පොලීසිය විසින් සපයා ඇති ආරක්ෂාව හැරුණු කොට හිටපු ජනාධිපතිවරුන් වෙත ලබා දී ඇති සියලුම ත්‍රිවිධ හමුදා එලැඹෙන සතියේ සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. අද (17) පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධව අදහස් දක්වමින් ඔහු පැවසුවේ, මාස 6කට වරක් කරනු ලබන ආරක්ෂක තක්සේරුවේදී ඊට අනුකූලව ආරක්ෂාව සපයනු ඇති බවය. මෙහිදී අමාත්‍යවරයා හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් යොදවා ඇති ආරක්ෂක නිලධාරීන් ප්‍රමාණයද අමාත්‍යවරයා මෙහිදි කරුණු අනාවරණය කරනු ලැබීය. එහිදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ, හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රුපියල් මිලියන 1,448ක් වැයකර ඇති බවය. “අදත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පොලීසියේ 60ක් සහ ත්‍රිවිධ හමුදාවේ 228ක් වශයෙන් නිලධාරීන් ආරක්ෂාවට සහ…
2015 වසරේ ශල්‍යාගාර ලාම්පු 35ක් මිලදී ගැනීමේදී රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා ඒකකයට අනුයුක්තව සිටි ජීව වෛද්‍ය ඉංජිනේරුවෙකුට එරෙහිව අද (17) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදෙනු ලැබීය. අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ එම අධිචෝදනා පත්‍ර අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ භාරදීම සිදුකළේය. ඉන් අනතුරුව විත්තිකරු රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද විනිසුරුවරයා නියෝග කළේය. නඩු විභාගය අවසන් වනතුරු විත්තිකරුට විදේශගත වීම තහනම් කළ අධිකරණය ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවත් නියෝග කළේය. ඊට අමතරව සෑම මසකම අවසන් ඉරු…
හෙට (18) උදෑසන තමා සතු සියලුම අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (17) පාර්ලිමේන්තුවේදී පැවසීය. ඔහු ඒ බව සඳහන් කළේ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. “හෙට උදේට මම ලබපු සියලුම අධ්‍යාපන සුදුසුකම් ටික මේ සභාවේ ඉදිරිපත් කරන්න අදහස් කරනවා. උපාධි සහතිකය පමණක් නොවෙයි. ඉන් ඔබ්බටත් ගිය හැම සහතිකයක්ම ඉදිරිපත් කරනවා.”
2023 වර්ෂයේ තෙවන කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ රුපියල් මිලියන 2,987,544 ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය 2024 වර්ෂයේ තෙවන කාර්තුවේ දී රුපියල් මිලියන 3,151,941 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව 2024 වර්ෂයේ තෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 5.5 ක ධනාත්මක වර්ධනයක් ලෙස වාර්තාවී ඇත. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2024 වර්ෂයේ තෙවන කාර්තුව (ජුලි 01 සිට සැප්තැම්බර් 30 දක්වා) සඳහා නිෂ්පාදන ප්‍රවේශය යටතේ පවත්නා මිල ගණන් සහ ස්ථාවර මිල (2015) ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තු කර ප්‍රකාශයට පත් කොට තිබුණි. 2024 වර්ෂයේ තෙවන කාර්තුවේ දී කෘෂිකාර්මික ආර්ථික කටයුතු,…
10 වන පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා තේරී පත්විය. ඒ අද (17) උදෑසන පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුවය. නව කථානායකවරයා වෙනුවෙන් වූ යෝජනාව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ගෙන ආ අතර සභා නායක බිමල් රත්නායක විසින් විසින් එය ස්ථීර කරනු ලැබීය. 10 වන පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස තේරී පත්වූ අශෝක රංවල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු කථානායක ධුරය පුරප්පාඩුව තිබුණි. මේ අතර සමගි ජන බලවේගයෙන්ද කථානායකවරයෙකු ඉදිරිපත් කරන බවට එම පක්ෂය ප්‍රකාශ කර තිබුණි. නමුත් අද පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදී කථානායකවරයෙකු සඳහා නමක් යෝජනා නොකිරීමට ඔවුන් පියවර ගත්තේය.
කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ප්‍රථමවරට අද (16) ඒකක 14,500 සීමාව ඉක්මවා ගියේය. අද දිනය නිමාවන විට එහි අගය සටහන් වූයේ ඒකක 14,500.44ක් ලෙසට ය. අද දිනය තුළ දී ඒකක 295කින් සියලු කොටස් මිල දර්ශකයේ අගය ඉහළ ගියේය. අද දිනයේ පිරිවැටුම රු බි 8.27කි.