Author: Buzzer Editorial

පසුගිය දා අවසන් වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීමට ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. මෙම ගැටලුව නිරාකරණය කිරීම සඳහා විශේෂඥයින් විසින් ඉදිරිපත් කර තිබෙන නිර්දේශය තුන අතුරින් සුදුසු නිර්දේශයක් තෝරා ගෙන වහාම එය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල විසින් විභාග කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර ඇත. ඊට අමතරව මෙම ප්‍රශ්න පත්‍ර පිටවීමට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයින් වන අයි.ජී.එස්. ප්‍රේමතිලක විසින් රුපියල් මිලියන තුනක් සහ චමින්ද කුමාර ඉළඟසිංහ විසින් රුපියල් මිලියන දෙකක්ද වන්දි වශයෙන් රජයට ගෙවිය යුතු බවටත් නියෝග කෙරුණි. එම…

Read More

දෝෂාභියෝගයෙන් ධුරය අහිමි වූ දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් අත්අඩංගුවට ගැනීමට සෝල් අධිකරණයක් විසින් වරෙන්තු නිකුත් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අධිකරණය මගහැරීමේ චෝදනාව මත මෙම වරෙන්තු නිකුත් කර ඇති බවය. රට තුළ යුධ නීතිය ස්ථාපිත කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් දකුණු කොරියානු ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් වූ අතර එය පරාජයට පත්වීමත් සමග පසුගියදා ඔහුට සිය ධුරය අහිමි විය. හිටපු ජනාධිපතිවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ජනවාරි 6 වන දිනට පෙර ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සෝල් අධිකරණය නියෝග කර තිබේ.

Read More

වෙන් කළ ආසන ප්‍රවේශපත්‍ර සහ මුදල් ආපසු ගෙවීම් සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ දුම්රිය ආසන වෙන් කිරීමේදී මගියාගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කර ඇති බවය. එමෙන්ම දුම්රිය ස්ථානයට ඇතුළත් වීමේදි හා දුම්රිය තුළදී ප්‍රවේශපත්‍රය පරික්ෂා කිරීමේදී ප්‍රවේශපත්‍රයේ සඳහන් පරිදි ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය පරික්ෂා කර තහවුරු කර ගැනීමට කටයුතු සූදානම් කර ඇති බවත් එහි සඳහන් වේ. එමෙන්ම එළැඹෙන ජනවාරි 01 වැනිදා සිට වෙන්කළ ආසන ප්‍රවේශපතු මුදල් ආපසු ඉල්ලුම් කිරීමේදි ප්‍රවේශපතු හිමිකරුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා අනිවාර්යයෙන්ම මගියාගේ ජාතික හැඳුනුම්පතේ හෝ විදෙස් ගමන්…

Read More

අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. පසුගිය 6 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු සභාවාරයේදී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහතා පැවසුවේ ජනවාරි 01 වැනිදා සිට අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරන බවය.

Read More

2025 නව වසර උදාව නිමිත්තනේ අද (31) දිනයේ ගාලු මුවදොර පරිශය ආශ්‍රිතව ක්‍රියාත්මක කරනු ලබන විශේෂ රථ වාහන සැලැස්මක් පිළිබඳව පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහක්ව ඇත්තේ අද දිනයේ කොළඹ නගරය වෙත පිට පළාත්වලින් නව වසර උදාව සැමරීම සඳහා විශාල ජනතාවක් සහ රථ වාහන ප්‍රමාණයක් ගාලු මුවදොර පරිශ්‍රය වෙත පැමිණෙතැයි අපේක්ෂා කරන බවය. මේ හේතවෙන් කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් පිටකොටුව, කොම්පඥවීදිය, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය හා කුරුඳුවත්ත යන පොලිස් වසම්වල අධික රථවාහන තදබදයක් ඇති විය හැකි බැවින් ඒ සඳහා විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාවට නංවා ඇති බවය. ඒ අනුව අද(31) දින ගාලු මැද පාර පිහිටි නැවතුම් ස්ථානවල රථවාහන නැවැත්වීමට…

Read More

77 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අවම වියදමකින් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට රජය තීරණය කර තිබේ. රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා පැවසුවේ රටේ අභිමානය විදහා දැක්වෙන පරිදි අභිමානවත්ව සහ උත්කර්ෂවත්ව පැවැත්විය යුතු බවය. නමුත් රටේ ආර්ථිකය බිඳ වැටුණු මට්ටමක පවතින බැවින් අදාළ උත්සවය අඩු වියදමින් පැවැත්වීමට අවධානය යොමු කළ යුතු බවත් ඔහු මෙහිදී පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ස්වදේශ කටයුතු ශ්‍රවනාගාරයේදී පැවැති 77 වැනි ජාතික නිදහස් දින සැමරුම් ප්‍රථම සංවිධාන කමිටු රැස්වීමට එක්වෙමිනි.   පෙර වසරේදී නිදහස් දින සැමරුම් දින උත්සවය සඳහා අමාත්‍යංශය විසින් රුපියල් මිලියන 107ක් වියදම් කර ඇති බැවින්…

Read More

2024 යල කන්නයට අදාළව ගංවතුර, නියඟ සහ වල් අලි උවඳුරු මඟින් සිදු වූ වගා හානිවලට අදාළව සියලු වන්දි ලබන ජනවාරි 05 වන දිනට පෙර ගෙවා අවසන් කිරීමට කටයුතු යොදා තිබේ. කෘෂිකර්ම සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. මෙහිදී 2024 මාර්තු මස සිට ඔක්තෝම්බර් කාලය දක්වාම යල කන්නයට අදාළව විවිධ හේතූන් මත, වී වගාව ඇතුළු අනෙකුත් වගාවන් විනාශ වීමට ලක් විය. විශේෂයෙන්ම නියඟ, ගංවතුර ආදී තත්ත්වයන් සහ වල් අලි හානි විශේෂ විය. ජනවාරි 05 වන විටදී සියලුම දිස්ත්‍රික්කවලට වගා හානි ගෙවීමට කටයුතු යොදා ඇති අතර, මේ වන විට 80% කට ආසන්න ගොවීන් ප්‍රමාණයකට රුපියල් මිලියන…

Read More

නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගු නම් කිරීමට නියමිත බව වාර්තා වෙයි.කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයෙන් අධයාපනය හදාරා ඇති ඔහු මීට පෙර යුද්ධ හමුදාවේ නියෝජ්‍යය මාණ්ඩලික ප්‍රධාන ලෙස කටයුතු කරන ලදී. 2025 ජනවාරි 1 වැනි දින නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විශ්‍රාම ගැනීමෙන් පසු ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වැනි නාවික හමුදාපතිවරයා ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් කාංචන බානගොඩ වැඩ භාරගැනීමට නියමිත බවද වාර්තා වෙයි. බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන රියර් අද්මිරාල් බානගොඩ 1989 වසරේදී නාවික හමුදා 19 වැනි බඳවා ගැනීමේ කැඩෙට් නිලධාරියකු ලෙස නාවික හමුදාවට එක්ව තිබේ.

Read More

ඔස්ට්‍රේලියාවේදී සිය දරුවන් ඉදිරියේදී බිරිඳට පොරොවකින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවට වැරදිකරු වූ ශ්‍රී ලාංකිකයෙක් ට වසර 37ක සිරදඬුවම් නියම කිරීමට එරට අධිකරණයක් තීන්දුකර තිබේ. එසේ සිරදඬුවම් නියම කෙරුණේ දිනුෂ් කුරේරා නම් 47 හැවිරිදි පුද්ගලයෙක් ටය. එම කුරිරු ඝාතනය පිළිබඳ තොරතුරු ඊයේ වික්ටෝරියා ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණයේදී විස්තර කර තිබුණි. විනිසුරු අමන්ඩා ෆොක්ස් පැවසුවේ කුරේරා ට සමාව දීමක් සම්බන්ධයෙන් සලකා බැලිය හැක්කේ වසර 30කට පසුව බවයි. මීට වසර 2කට පමණ පෙර කුරේරා විසින් පොරොවකින් පහරදී සිය බිරිඳ වන නෙලෝමී පෙරේරා ව ඝාතනය කර තිබුණි. එවකට ඇය 43 හැවිරිදි වියේ පසුවිය. සිය සැමියාගෙන් වෙන්වීම සඳහා ඇය සූදානමින් සිටි බව ද අධිකරණයේදී හෙළිවිය.

Read More

මෙවර ජන හා නිවාස සංගණනයට අදාළව හිසට වහලක් නොමැති පුද්ගලයින්ගේ තොරතුරු රැස් කිරීමේ කටයුතු ඊයේ (18) දිනයේ සිදුකර තිබේ. ඊයේ රාත්‍රී 10.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කාලය තුළ එම තොරතුරු රැස් කිරීම් සිදුකෙරුණු බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය පැවසුවාය. ඒ අනුව මෙවර සංගණනයේ කටයුතු අවසන් කෙරුණ අතර ඉදිරි දින 05ක කාලය සංගණන කටයුතු යාවත්කාලීන කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබේ. පසුගිය ඔක්තෝබර් 07 වන දින සිට ‍ජන හා නිවාස සංගණනයේ පුද්ගලයින්ගේ සහ නිවාසවල තොරතුරු රැස්කිරීමේ කටයුතු ආරම්භ කෙරුණි. මේ දක්වා තොරතුරු ලබාගැනීම සඳහා නිවෙස් වෙත සංගණන නිල‍ධාරී පැමිණ නොමැති නම් ඒ…

Read More