සිරි දළදා වන්දනා පුණ්‍යෝත්සවය 2025 අප්‍රේල් මස 18 වන දින සිට 2025 අප්‍රේල් මස 27 වන දින දක්වා මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය තුලදී පැවැත්වීමට කටයුතු සම්පාදනය කරමින් පවතී.
දළදා වන්දනා පුජා මහෝත්සවය කලට වැසි ලැබ, රටට සමෘද්ධිය, සෞභාග්‍යය, සමගිය හා සමාදානය ප්‍රාර්ථනා කොට දැහැමි සමාජයක් නිර්මාණය කරගැනීමේ අරමුණින් සංවිධානය කරනු ලබන අතර, දළදා වන්දනාවෙහි අවසාන අභිප්‍රාය වනුයේ බෞද්ධ පුනරුදයේ හැරවුම් ලක්ෂයක් වශයෙන් වඩාත් විචක්ෂණ ශීලී විනය ගරුක සමාජයක් බිහි කිරීමයි.
එම අභිප්‍රාය ඉටුකරනු වස් ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමාගේ පුර්ණ අධීක්ෂණය සහ මහපෙන්වීම යටතේ යුද්ධ හමුදා භට පිරිස් හි දායකත්වය මේ සඳහා ලබා දී ඇත.
මෙහිදී ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම)ට අයත්, 11 වන පාබල සේනාංකයේ යටතේ රාජකාරී කරනු ලබන සියළුම පාබල බලසේනා, පාබල ඒකක වල සියළුම නිලයින්ගේ ශ්‍රම දායකත්වයෙන් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැදපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්හට අවශ්‍ය විවිධ වූ පහසුකම් සුදානම් කරමින් පවතී.