මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා විපතට පත්වූ සහ අවතැන්වූ කුරුණෑගල දිස්ත්රික්කයට අයත් රස්නායක පුර ප්රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි, නම්මුවාව ග්රාම සේවා වසමට අයත් ජනතාව සඳහා රජය විසින් ලබාදුන් වියළි ආහාර ඉතා කඩිනමින් අදාල පිරිස් වෙත ලබාදීමේ කටයුතු එම ප්රදේශයේ ස්ථානගත කර ඇති යුද්ධ හමුදා භට පිරිස් විසින් සිදු කරන ලදී .
තවදුරටත් ප්රතිකාර සදහා කුඩා ළමයක්, ගැබිනි මවක් සහ වයස්ගත කාන්තාවක් රෝහල් ගත කිරීමටද මෙම යුද්ධ හමුදා භට පිරිස් විසින් පහසුකම් සලසන ලදී.


