මස්කෙළිය ප්රදේශයේ දී උගුලකට හසුවූ කොටියකු තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම සිද්ධිය වාර්තා වන්නේ මස්කෙළිය ලක්කම් වතුයායේ ගෙවත්තක් ආශ්රිතවය.
ගෙවත්ත ඌරන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අටවා තිබූ මද්දකට මෙම කඳුකර කොටියා හසුව තිබිණි.
මියගිය කොටියා වයස අවුරුදු 4ත් 6ත් පසුවන පිරිමි සත්වයකු බව වනජීවී නිලධාරීන් ප්රකාශ කර තිබේ.
මෙය වසරේ මෙතෙක් වාර්තා වූ 9 වැනි කොටි මරණයයි.


