සෞදි අරාබියේ ගෘහ සේවයේ නිරතව සිටියදී ශ්‍රී ලාංකික කාන්තාවකට ඇණ ගිල්ලවුයේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, සාමාන්‍යාධිකාරී සෙනරත් යාපා මහතා පැවසීය.

සෞදි තානාපති කාර්යාලය සහ එහි රෝහල් සම්බන්ධීකරණය කරගනිමින් මෙම විමර්ශනය ක්‍රියාත්මක කරන බව කී යාපා මහතා ඇය එම සිද්ධියෙන් පසුව සෞදි අරාබියේදී ප්‍රතිකාර ලැබූ බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

මාතලේ ඇල්කඩුව තේවත්තක ජීවත් වූ එම්.එස්. ත්‍යාගා සෙල්වි නැමැති 21 හැවිරිදි එක්දරු මවක් මෙම සිද්ධියට මුහුණදී ඇති අතර සෞදියේදී ඇය දරුණු වද හිංසනවලට ලක්ව ඇති බව ද ඇය ජනමාධ්‍යයට පවසා තිබුණි. (සෘජු උපුටාගැනීම: ලංකාදීප)

දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Share.
Leave A Reply

Exit mobile version