ලබන මස පළමුවනදා සිට මුද්‍රිත ජල බිල්පත ලබාදීම වෙනුවට මාර්ගගත (Online) ඉලෙක්ට්‍රොනික බිල්පත් ක්‍රමය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව තෝරාගත් නියාමන ප්‍රදේශ 04ක පළමුවෙන් එම නව ක්‍රමය ආරම්භ කිරීමට නියමිත බවයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පත්මනාථ සඳහන් කළේ.

අත්හදාබැලීමේ පදනම මත කොළඹ දකුණු නගර, මහනුවර දකුණු නගර, ත්‍රිකුණාමලය, පොළොන්නරුව යන ප්‍රාදේශි​ය කාර්යාල 4 ආශ්‍රිතව මාර්ගගත ඉලෙක්ට්‍රොනික් බිල්පත් ක්‍රමයක් ආරම්භ කරන බවයි සඳහන් වන්නේ.

2024 ජනවාරි 01 වැනිදා සිට මෙය දිවයි​න පුරා ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බවත් 1939 අංකය අමතා ඕනෑම තොරතුරක් ලබාගත හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Share.
Leave A Reply

Exit mobile version