ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා රුසියාවේ න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රබලයකු වන රොසාටොම් සමාගම සමග එකඟතාවයකට පැමිණි බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා අබේවික්‍රම ලියනගේ මහත්මිය ප්‍රකාශ කර ඇත.

මෙම න්‍යෂ්ටික විදුලි බලාගාරය මඟින් ශ්‍රී ලංකාවේ විදුලිබල පද්ධතියට මෙගා වොට් 300ක ධාරිතාවයක් එක් කරනු ඇතැයි අබේවික්‍රම මහත්මිය පෙන්වා දී තිබේ. ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික විදුලි බලාගාරයක් ඉදි කිරීම තුළින් මෙරට බල ශක්ති අර්බුදයට කල්පවතින විසඳුමක් ලැබෙන බව අබේවික්‍රම මහත්මිය පවසා තිබේ.

මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව අනාගතයේ දී ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන බවත් මේ පිළිබඳව ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය ද සොයා බලන බවත් අබේවික්‍රම මහත්මිය පෙන්වා දී ඇත. (ලංකාදීප)

Share.
Leave A Reply

Exit mobile version