Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා

June 16, 2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

June 16, 2026

දුම්රිය ගමන් වාර 420 සිට 200ට බහී

June 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා
  • හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
  • දුම්රිය ගමන් වාර 420 සිට 200ට බහී
  • ඉරාන ගිවිසුමේ විස්තර ඉක්මනින්ම ප්‍රකාශ කරන බව ට්‍රම්ප් කියයි
  • ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ සඳහා දැනුම්දීමක්
  • යෝෂිත අභියාචනාධිකරණයට
  • ධිවේගයේ ආසන පටි නීතිය 20වෙනිදා සිට බලාත්මක කෙරේ
  • චෙම්මනි සමූහ මිනිවළෙන් සිරුරූ 351ක කොටස් හමුවෙයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, June 16
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » චෙම්මනි සමූහ මිනිවළෙන් සිරුරූ 351ක කොටස් හමුවෙයි
News 2 Views

චෙම්මනි සමූහ මිනිවළෙන් සිරුරූ 351ක කොටස් හමුවෙයි

Buzzer EditorialBy Buzzer EditorialJune 16, 2026No Comments2 Mins Read2 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයෙන් හමුවූ සමූහ මිනිවළ, මෑත ඉතිහාසයේ උතුරු පළාතෙන් වාර්තා වූ විශාලම සමූහ මිනිවළ බව පැවසේ.

ඊයේ (15) දින සිදුකළ කැනීම්වලදී තවත් මිනිස් සිරුරු 10කට අදාළ අස්ථි කොටස් ගොඩගැනීමත් සමඟ, මෙම මිනිවළෙන් මේ දක්වා මතුකරගෙන ඇති සමස්ත මිනිස් සිරුරු සංඛ්‍යාව 351ක් දක්වා ඉහළ ගොස් ඇත.

මීට පෙර උතුරු පළාතේ විශාලම සමූහ මිනිවළ ලෙස සැලකුණේ මිනිස් සිරුරු 342ක අස්ථි කොටස් හමුවූ මන්නාරම පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයේ මිනිවළ බව සඳහන් වේ.

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වි.කේ. නිරංජන් මහතා ප්‍රකාශ කළේ, ඊයේ දිනෙන් අවසන් වූ චෙම්මනි සමූහ මිනිවළේ 6 වැනි අදියරේ 25 වැනි දිනය වන විට සිරුරු 360කට අදාළ අස්ථි කොටස් හඳුනාගෙන ඇති අතර ඉන් සිරුරු 351ක කොටස් මේ වන විට ගොඩගෙන ඇති බවය.

යාපනය මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ, කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා සහ යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් මහතා ඇතුළු විශේෂඥ කණ්ඩායමක් විසින් මෙම කැනීම් කටයුතු සිදුකරනු ලබයි.

2026 අප්‍රේල් 27 වෙනිදා මේ දක්වා වන 6 වැනි අදියර තුළින් පමණක් මිනිස් සිරුරු 112ක කොටස් ගොඩගෙන ඇත.

කුඩා දරුවන්ගේ බවට සැකකෙරෙන අස්ථි කොටස් කිහිපයක්, රන් භාණ්ඩයක කොටසක් සහ කාසි කිහිපයක් ද හමුව ඇති බව Buzzer News වාර්තාකරු පවසයි.

මීට පෙර 2025 සැප්තැම්බර් 06 වෙනිදා මෙහි 5 වැනි අදියර නිමාවට පත්වන විට සිරුරු 239ක කොටස් ගොඩගෙන තිබිණි.

දැනට හමුවී ඇති සියලුම අස්ථි කොටස් සහ භාණ්ඩ යාපනය මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග මත යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා පීඨයේ විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් මහතා භාරයේ සුරක්ෂිතව තබා ඇත.

යුද සමයෙන් අනතුරුව උතුරු පළාතේ ස්ථාන කිහිපයකින්ම මෙලෙස සමූහ මිනිවළවල් වාර්තා විය.

2013  වසරේ දී මන්නාරම තිරුකේදීශ්වරන් ප්‍රදේශයේන් මිනිස් සිරුරු 88කට ආසන්න ප්‍රමාණයක කොටස් හමුව ඇත.

මන්නාරම පැරණි සතොස පිහිටි ස්තානයේ 2018 – 2019 වසරේදී මිනිස් සිරුරු 342ක කොටස් හමුවූ අතර, අමෙරිකානු රසායනාගාරයක සිදුකළ කාබන් පරීක්ෂාවකින් හෙළි වූයේ ඒවා වර්ෂ 1450 ත් 1650 ත් අතර අතීතයකට අයත් බවය.

මුලතිව් කොක්කුතුඩුවායි ප්‍රදේශයේ 2023-2024 වසර සීමාවේ දී මිනිස් සිරුරු 52ක කොටස් මතුකරගත් අතර, ඒවා 1994 – 1996 කාල වකවානුවට අයත් විය හැකි බව නිලධාරීන් නිගමනය කළහ.

කොක්කුතුඩුවායි කැනීම්වලින් අනතුරුව වාර්තා වූ මෙම චෙම්මනි සමූහ මිනිවළේ කැනීම් කටයුතු තවදුරටත් ක්‍රියාත්මකය.

featured News pick picks Political
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleචීන ආරක්‍ෂක උපදේශක සහ නියෝජ්‍ය ආරක්ෂක ඇමති අතර හමුවක්
Next Article ධිවේගයේ ආසන පටි නීතිය 20වෙනිදා සිට බලාත්මක කෙරේ
Buzzer Editorial

Related Posts

යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා

June 16, 2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

June 16, 2026

දුම්රිය ගමන් වාර 420 සිට 200ට බහී

June 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා

June 16, 2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

June 16, 2026

දුම්රිය ගමන් වාර 420 සිට 200ට බහී

June 16, 2026

ඉරාන ගිවිසුමේ විස්තර ඉක්මනින්ම ප්‍රකාශ කරන බව ට්‍රම්ප් කියයි

June 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 16, 20261 Views

යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා

By Buzzer EditorialJune 16, 202601 Views

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ කුමන්ත්‍රණය නැමැති…

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

June 16, 2026

දුම්රිය ගමන් වාර 420 සිට 200ට බහී

June 16, 2026

ඉරාන ගිවිසුමේ විස්තර ඉක්මනින්ම ප්‍රකාශ කරන බව ට්‍රම්ප් කියයි

June 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා
  • හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
  • දුම්රිය ගමන් වාර 420 සිට 200ට බහී
  • ඉරාන ගිවිසුමේ විස්තර ඉක්මනින්ම ප්‍රකාශ කරන බව ට්‍රම්ප් කියයි
  • ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ සඳහා දැනුම්දීමක්
  • යෝෂිත අභියාචනාධිකරණයට
  • ධිවේගයේ ආසන පටි නීතිය 20වෙනිදා සිට බලාත්මක කෙරේ
  • චෙම්මනි සමූහ මිනිවළෙන් සිරුරූ 351ක කොටස් හමුවෙයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.