Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
  • ඩෙංගු රෝගීන් 78,000 පනී
  • ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
  • අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
  • ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
  • විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
  • මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
  • දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Wednesday, July 22
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » උණුසුම් කාලගුණය මැයි මාසය දක්වා
News 3 Views

උණුසුම් කාලගුණය මැයි මාසය දක්වා

Buzzer EditorialBy Buzzer EditorialMarch 27, 2026No Comments3 Mins Read3 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

පවතින උණුසුම් කාලගුණික තත්ත්වය එළැඹෙන මැයි මාසය දක්වා පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ අතිරේක කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න මහතා පැවසුවේ නිරිත දිග මෝසම මැයි මාසයේ අග ක්‍රියාත්මක වීමට නියමිත බැවින් එම කාලය තුළ පවතින උණුසුම් කාලගුණය තරමක් පහව යනු ඇතැයි අපේක්ෂා කරන බවය.

පවතින තත්ත්වය තුළ අප්‍රේල් සහ මැයි මාසය දක්වා උණුසුම් කාලගුණික තත්ත්වයක් දක්නට ලැබෙන බවත් පැවසූ ඒ මහතා පැවසුවේ ඒ අනුව අප්‍රේල් මාසයේත් දැඩි උණුසුම් තත්ත්වයක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපානු ඇති බවය.

මේ වන විට ආරම්භ වී ඇත්තේ පළමු අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය බව පෙන්වා දුන් ඒ මහතා මේ වන විට නිෂ්චිත දිසාවකින් සුළං හැමීමක් නොමැති බවත් සුළඟේ වේගය ද ඉතාමත් අඩු බවද සඳහන් කළේය.

එමෙන්ම මෙම කාලය තුළ සූර්යා මුදුන්ව පැවතීම සහ වළාකුළු අඩුවීම තුළින් මුහුද සහ ගොඩබිම රත්වීම තුළින් තාප තරංග නිකුත් කිරීම් සිදුවන බවත් ඒ හරහා වායුගෝලය උණුසුම් වීම සිදුවනු ඇති බවත් සඳහන් කළේය.

තවද උණුසුම් කාලගුණය දවසේ උදෑසන 11 සිට සවස 4 දක්වා වූ කාලය තුළ තදින්ම ඇතිවන බවත් පැවසූ ඒ මහතා එම කාලය තුළ එළිමහන් ක්‍රියාකාරකම් හැකිතාක් අවම කිරීමත් නිරන්තර ජලය පානය කිරීම වැදගත් බවත් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අතිරේක කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න මහතා,

“අපි ඉන්නේ පළවෙනි අන්තර් මෝසම් කාලයේ. පළවෙනි අන්තර් මෝසම් කාලය මාර්තු – අප්‍රේල් මාස දෙකේ තමයි පවතින්නේ. ඊට පස්සේ පටන් ගන්නවා නිරිත දිග මෝසම මැයි මාසයේ මැද ඒ කියන්නේ 20න් පස්සේ වගේ ඉඳලා ඉස්සරහාට මාස 5ක් වගේ. මේ පළවෙනි අන්තර් මෝසම් කාලය ගත්තොත් දිවයින හරහා නිෂ්චිත දිසාවකින් සුළං හමන්නේ නෑ. සුළඟේ වේගයත් ඉතාමත් අඩුයි. ඒ වගේම තමයි මේ කාලයේ ඉර මුදුන් වෙලා තිබෙනවා දිවයිනට. ඒ වගේම වළාකුළු අඩුයි, සූර්ය රස්නයත් අපිට කෙළින්ම ලැබෙනවා. මුහුද රත්වෙනවා, ගොඩබිම රත්වෙනවා, එහෙම රත්වුණාම මුහුදෙන්, ගොඩබිමෙන් තාප තරංග නිකුත් කරනවා. එතකොට වායුගෝලය හොඳටම උණුසුම් වෙනවා. 

සාමාන්‍යයෙන් ගත්තොත් අප්‍රේල් මාසය සහ මැයි මාසය රස්නෙයි අනිත් මාසවලට සාපේක්ෂව දිගින් දිගටම මාර්තු, අප්‍රේල් දරාගන්න බැරි උණුසුමක් එනවා. ඒක මේ දේශගුණික වෙනස්වීමත් එක්ක එන්න එන්න වැඩිවෙලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අප්‍රේල් මාසයේ සහ මැයි මාසයේත් දැඩි උණුසුම් තත්ත්වයක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපායි. 

සාමාන්‍යයෙන් ගත්තොත් ජූලි – අගෝස්තු වැස්ස අඩුයි. හැබැයි මේ තත්ත්වය ගත්තොත් හොඳටම අඩුවෙනවා ඒ කියන්නේ නියඟයක් වගේ එන්න පුළුවන්. නමුත් මේ තත්ත්වයන් තුළ දෙවන අන්තර් මෝසමේ ඒ කියන්නේ ඔක්තෝබර් – නොවැම්බර්, ඊට පස්සේ ඊසාන දිග මෝසම නොවැම්බර්වලින් පටන් ගන්නේ එතැනදි ආයේ වැස්ස වැඩි වෙන්න පුළුවන්. මේ තත්ත්වය තුළ වැස්ස අඩු වීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ එල් නිනෝ තත්ත්වය තුළ.

අද දවසේ ගත්තොත් වැඩි වෙන්නේ හවස අපි ජනතාවට කියන්නෙත් උෂ්ණත්වය වැඩි වෙන්නෙත් හවස 3ට විතර මේ දිනවල ගත්තොත් මධ්‍යම පලාතයි බදුල්ල දිස්ත්‍රික්කයයි හැරෙන්න අනිත් හැමතැනකම උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන මට්ටමක තිබෙනවා සහ ඒ ගැන අවධානයෙන් ඉන්න කියලා. විශේෂයෙන් ගත්තොත් උදේ 11 ඉඳලා හවස 4 වෙනකන් කාලය තමා හරිම අමාරු. ඒ වෙලාවට අපි කියන්නේ ක්‍රීඩා කරන අයට හරි වැඩ කරන අයට හරි එළිමහනේ ඉන්න එපා. හැකිතරම් වතුර හරි දියර ජාති බොන්න ඒ වගේම එළිමහනේ යනකොට අඳින ඇඳුම පවා පාට අඩු ඇඳුමක් අඳින්න. විශේෂයෙන් කුඩා ළමුන් සහ වැඩිහිටි පුද්ගලයින් පුළුවන් තරම් මේ අවස්ථාවේ එළිමහනට නොයා සෙවන තිබෙන තැනක ඉන්නවානම් තමයි හොඳ”

featured News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleනීතිවිරෝධීව ඉන්ධන රැස්කළ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට
Next Article බලශක්ති ඇමති කුමාර ජයකොඩිට අධි චෝදනා භාර දෙයි – ඇප මත මුදාහැරේ
Buzzer Editorial

Related Posts

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 22, 20261 Views

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

By Buzzer EditorialJuly 22, 202601 Views

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ…

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
  • ඩෙංගු රෝගීන් 78,000 පනී
  • ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
  • අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
  • ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
  • විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
  • මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
  • දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.