Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
  • ඩෙංගු රෝගීන් 78,000 පනී
  • ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
  • අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
  • ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
  • විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
  • මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
  • දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Wednesday, July 22
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » මැදපෙරදිග යුදමය තත්ත්වය සමග මෙරට ගුවන්ගමන් වාර 205ක් අවලංගු වෙයි
News 2 Views

මැදපෙරදිග යුදමය තත්ත්වය සමග මෙරට ගුවන්ගමන් වාර 205ක් අවලංගු වෙයි

Buzzer EditorialBy Buzzer EditorialMarch 3, 2026No Comments5 Mins Read2 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

මැදපෙරදිග මතුව ඇති යුද ගැටුම් හේතුවෙන් මේ වන විට සම්පූර්ණ ගුවන් වාර 205ක් අවලංගු වී ඇතැයි වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අරුණ කරුණාතිලක මහතා පවසයි.

මේ වන විට මැදපෙරදිග කලාපයේ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ගුවන්සේවා ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය පිළිබඳව අද (03) අමාත්‍යාංශ පරිශයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ පැමිණීමට නියමිත ගුවන්වාර 107ක් සහ පිටත්වීමට නියමිත ගුවන්වාර 98ක් ආදී වශයෙන් සම්පූර්ණ ගුවන්වාර 205ක් අවලංගු වී ඇති බවය.

එමෙන්ම මෙම ගුවන්වාර අවලංගු වීමත් සමග මෙරට තුළ රැඳී සිටින සංචාරකයින් සඳහා සති දෙකක වීසා දිගුවක් ලබා දීමට පියවර ගත් නමුත් ඔවුන් මෙම තත්ත්වය සමග ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින කාලය දක්වාම වීසා පහසුකම් ලබා දීමට විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර තීරණය කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම පවතින තත්ත්වය තුළ ඇතැම් ගුවන් ගමන් අවලංගු වීම හේතුවෙන් ගුවන් මගීන් දුෂ්කරතාවට පත් වූ බවත් ඒ අනුව එම ගුවන් නැවත සකස් කිරීම සඳහා සම්පූර්ණ ගුවන් ප්‍රවේශපත්‍ර අවලංගු කිරීමට සිදුවනු ඇති බවත් පැවසූ අමාත්‍යවරයා පැවසුවේ මෙහිදී කිසිදු අවස්ථාවක අතිරේක මුදලක් අය කිරීමකින් තොරව අවලංගු වූ ප්‍රවේශපත්‍ර සඳහා මුදල් නැවත ගෙවීමට සහ වෙනත් ගුවන් ගමනක් සඳහා එය පරිවර්ථනය කිරීමේදී ඒ සඳහාද අතිරේක මුදලක් ගෙවීමකින් තොවර අවශ්‍ය පහසුකම් ලබා දීමටද සියලු ගුවන් සමාගම් මෙහිදී එකඟ වූ බවය.

එමෙන්ම යුරෝපය සඳහා ගුවන් ගමන් දැනට ආරම්භ කර ඇති නමුත් මැද පෙරදිග කලාප මගහරිමින් විකල්ප ගුවන් මාර්ග ඔස්සේ මෙම ගුවන් ගමන් ගමන් ආරම්භ කර ඇති බැවින් ඒ සඳහා වැඩි ඉන්ධන ප්‍රමාණයක් වැයවීම හේතුවෙන් තත්ත්වය සමනය වන තුරු ගුවන්වාරවලදී ගුවනින් ගෙන යන පාර්සල් සීමා කිරීමට සිදුවනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම තත්ත්වය සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අරුණ කරුණාතිලක මහතා,

“මැදපෙරදිග ඇතිවෙලා තියෙන යුදමය වාතාවරණයත් සමග සිවිල් ගුවන්සේවාවට ඇතිවෙලා තියෙන තත්ත්වය තවදුරටත් සමනය වෙලා නැහැ. ඒ නිසා මේ කලාපවල ගමනාන්ත වෙත ගමන් කරන ගුවන් ගමන් තවදුරටත් අවලංගු කරන්න ඒ ඒ ගුවන් සමාගම් සහ සිවිල් ගුවන් සමාගම් විසින් තීරණය කරලා තිබෙනවා. 

අද උදෑසන වන විට පැමිණීමට නියමිතව තිබූ ගුවන් වාර 107ක්, පිටත්වීමට නියමිත ගුවන් වාර 98ක් ආදී වශයෙන් සම්පූර්ණ ගුවන්වාර 205ක් අවලංගු වෙලා තිබෙනවා. මැදපෙරදිග කලාපයේ ඕමානය, සෞදි අරාබිය වගේ කලාප ගුවන් සේවාවන් විවෘත කරලා තිබුණත් ඒවායේ සම්පූර්ණ සිවිල් ගුවන් කටයුතු ආරම්භ කරන්න අවස්ථාව සැලසිලා නැහැ. නමුත් සමහර ගුවන් සේවාවන් ඒ කලාපය හරහා ගුවන් ගමන් ආරම්භ කරන්න මේ වන විට කටයුතු කරලා තියෙනවා.

ඒ වගේම සීමාවට ලක්වෙලා තිබෙන සමහර ගුවන් කලාප, උදාහරණ හැටියට අබුඩාබි, සාජා, ඩුබායි වගේ කලාප සීමිත කාලයක් සඳහා විවෘත කරලා තිබෙනවා. නමුත් ඒ සඳහා කටයුතු කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ විශේෂිත ගුවන් යානා සඳහා පමණයි. සාමාන්‍ය ගුවන් සේවා ඒ හරහා ආරම්භ කරන්න හැකියාව ලැබිලා නැහැ. ඒ වගේම අද දවසේ සිවිල් ගුවන් සේවා සමාගම් අමාත්‍යාංශයේදී රැස්වෙලා සාකච්ඡා කළා එහිදී තීරණ කිහිපයකට අපි එළැඹුණා. විශේෂයෙන් මේ සඳහා අපි තීරණය කළා ගුවන් මගීන්ගේ වීසා අපි දැනටමත් සති දෙකකට දික් කිරීමට තීරණය කරලා තිබෙනවා. ඒ තත්ත්වය තව දුරටත් වැඩි කරලා ඔවුන් ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ වීසා පහසුකම් ලබා දීමට විදේශ කටයුතු අමාත්‍යාංශයත්, ආගමන විගමන දෙපාර්තමේන්තුවත් සමග එකතු වෙලා කටයුතු කරන්න තීරණය කළා.

ඒ වගේම ගුවන් සමාගම්වලින් ඉල්ලීමක් තිබුණා විවිධ රටවල රැඳිලා ඉන්න ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් ඉන්න ගුවන් මගීන් ලංකාවට ගෙන්වා ගන්න මැදිහත් වීමක් කරන්න කියලා. ඒ සඳහා අවශ්‍ය කටයුතු විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ඒ ඒ රටවල ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාල සමග සම්බන්ධ වෙමින් ඒ සඳහා අවශ්‍යවන පහසුකම් ලබා දීමේ කටයුත්ත කළ යුතුයි කියන ඉල්ලීම ආවා. ඒ අනුව අපි විදේශ කටයුතු අමාත්‍යාංශයත් සමග ඒ කටයුතු සම්බන්ධීකරණය කරන්න බලාපොරොත්තු වෙනවා. 

මේ වෙනකොට ලංකාව තුළ රැඳිලා ඉන්න විදේශීය රටවල්වල, එංගලන්තය, ජර්මනිය ආදී නොයෙක් රටවල්වල රැඳිලා ඉන්න ගුවන් සමාගම්, ඔවුන්ගේ ගුවන් සම්බන්ධතාව තිබුණේ මැදපෙරදිග කලාප හරහා. ඒ ගුවන් සේවාවන් බලාපොරොත්තු වෙනවා විශේෂිත ගුවන් යානා මගින් ඒ අය තමන්ගේ රටවලට යවන්න. ඒකට අවශ්‍ය වන පහසුකමත් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ලබා දෙන්න කටයුතු කළා.

මේ තත්ත්වය නිසා සමහර ගුවන් ගමන් අවලංගු වීමත් එක්ක සමහර අයගේ ගුවන් ටිකට්පත් නැවත වරක් රී ශෙඩුයුල් කරගන්න ඕනේ. ඒ වගේම සමහර සම්පූර්ණ ටිකට්පත් අවලංගු කරන්න වෙනවා. මේ කිසිම අවස්ථාවක අතිරේක මුදලක් අයකරන්නේ නැතිව අවලංගු කිරීමේදී සම්පූර්ණ මුදල ආපසු ලබා දීමත්, ඒ වගේම ගුවන් ගමන් නැවත වෙනත් ගුවන් ගමනක් බවට පරිවර්ථනය කිරීමේදී කිසිම අතිරේක මුදලක් අයකරන්නේ නැතිව ඔවුන්ට ඒ පහසුකම ලබා දෙන්නත් ඒ සියලුම ගුවන් සේවා සමාගම් අපිත් එක්ක එකඟ වුණා.

ගුවන් සමාගම්වලින් විමසීමක් කළා ලංකාව තුළ මේ ඇතිවන තත්ත්වයත් එක්ක ගුවන් යානා සඳහා අවශ්‍ය වන ඉන්ධන ප්‍රමාණවත්ද කියලා. අපි ඛනිජ තෙල් සංස්ථාවත් එක්ක සාකච්ඡා කළා අපිට එහිදී දැනගන්න ලැබුණා කිසිම ගැටලුවක් නැහැ ඉදිරි දින 50ක ආසන්න කාලයක් සඳහා ගුවන් යානා ඉන්ධන කිසිම හිඟයක් නැතිව ලංකාව තුළ ලබා දීමේ පහසුකම් අපිට තිබෙනවා කියලා. 

ඒ වගේම යුරෝපයේ විශේෂයෙන්ම ලන්ඩන් සහ පැරිස්වලට යන ශ්‍රී ලංකන් ගුවන් යානා දැනට කටයුතු ආරම්භ කරලා තිබෙනවා. නමුත් මැදපෙරදිග කලාප මගහරිමින් විකල්ප ගුවන් මාර්ග ඔස්සේ තමයි මේ යානා ගමන් කිරීම සිද්ධ වෙන්නේ. සාමාන්‍ය ගුවන් කාලයට අමතරව පැයක වගේ අතිරේක කාලයක් මේ සඳහා වැය වෙනවා වැඩි ඉන්ධන ප්‍රමාණයක් මේ සඳහා අවශ්‍ය වෙන නිසා ඒ ගුවන්වාරවලදි පාර්සල්වල යම්කිසි සීමා කිරීමක් ඇතිකරන්න සිද්ධ වෙලා තිබෙනවා. මේ අනුව අපි හිතනවා මැදපෙරදිග තත්ත්වය සමනය වන තුරු විකල්ප ක්‍රියාමාර්ග අරගනිමින් හැකිතාක් දුරට බණ්ඩාරණායක ගුවන් තොටුපළත් මත්තල ගුවන්තොටුපළත් සමග සිවිල් ගුවන්සේවා කටයුතු සඳහා අපි මැදිහත් වීමෙන් කටයුතු කරනවා.”

featured Financial pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleමැදපෙරදිග රටවල් 14ක සිටින අමෙරිකානුවන්ට වහාම ඉවත්වන්නැයි දැනුම්දීමක්
Next Article ගාල්ල වරායට නුදුරින් ඉරාන නෞකාවක් අනතුරට
Buzzer Editorial

Related Posts

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 22, 20262 Views

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

By Buzzer EditorialJuly 22, 202602 Views

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ…

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
  • ඩෙංගු රෝගීන් 78,000 පනී
  • ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
  • අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
  • ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
  • විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
  • මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
  • දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.