Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
  • ඩෙංගු රෝගීන් 78,000 පනී
  • ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
  • අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
  • ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
  • විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
  • මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
  • දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Wednesday, July 22
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී ශ්‍රී ලංකාව කළ යුතු දේ ?
News 2 Views

ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී ශ්‍රී ලංකාව කළ යුතු දේ ?

Buzzer EditorialBy Buzzer EditorialSeptember 8, 2025No Comments5 Mins Read2 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසි වාරය ශ්‍රි ලංකාවට ඉතාමත් වැදගත් එකක් වනු ඇති බව ශ්‍රි ලංකා මානව හිමිකම් හිටපු කොමසාරිස්වරයෙකු වන නීතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසුවේය.

මෙම සැසිවාරයේ දී ලංකාවට එරෙහිව ඔවුන් යෝජනාවක් ගෙන ඒමට සූදානම් වන බවත් එය 2010 සිටම එක දිගට අලුත් වෙවී එන යෝජනාවක් වන බවත් එහිදී ඔහු සඳහන් කර සිටියේය.

මෙම යෝජනා දිගින් දිගටම ගෙන ඒම හරහා ශ්‍රී ලංකාව මානව හිමිකම් නිතැතින්ම උල්ලංඝනය කරන රටක් වන අතර දිගින් දිගටම උතුරේ ජනතාවගේ මානව හිමිකම් කඩ කර ඇති බවට එහිදී ඔවුන් චෝදනා කර ඇති බව ද ප්‍රතිභා මහානාම හේවා මහතා පැහැදිලි කළේය.

ඔහි වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ඉන්දියාව, දකුණු අප්‍රකාව සහ ජපානය යන රටවල් අප විසින් දිනා ගතහොත් මෙම යෝජනාවට ඉදිරියට ගෙන යා නොහැකි බවය.

මෙම සැසිවාරයේ දී මෙරටට එරෙහිව ඉදිරිපත් වී ඇති යෝජනාව සම්බන්ධයෙන් වන කෙටුම්පතක් මසකට පමණ පෙර විදේශ කටයුතු අමාත්‍යංශය වෙත භාර දී ඇති බව ද එහිදී ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

එහිදී අදහස් දැක්වූ ශ්‍රි ලංකා මානව හිමිකම් හිටපු කොමසාරිස්වරයෙකු වන නීතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා,

”ලංකාවට එරෙහිව ඒගොල්ලෝ යෝජනාවක් ගේන්න හදනවා. දැන් මේ යෝජනාව අද ඊයේ ආව එකක් නෙමෙයිනේ. මේ යෝජනාව දිගින් දිගටම එන එකක්. 2012 ඉඳලා එනවා. ඒ දෙදාස් දහයේ ඉඳන් එන එක අලුත් වෙවී එනවා. තිස්පහේ එක, තිස්නමය එක, හතළිහේ එක, හතළිස් පහේ එක, පනස් පහේ එක, ඔහොම ඔහොම ඇවිල්ලා දැන් හැට දක්වා ඇවිල්ලා තියෙනවා. මේ හැම යෝජනාවක්ම එකම විදිහට තමයි එන්නේ. දැන් ලංකාව 2015 එක යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වූවා. විදේශ අමාත්‍ය මංගල සමරවීර ඉන්නකොට. එතකොට එතනදී අපිට දුන්න නිර්දේශ තියෙනවා. ඒ නිර්දේශ ඉටු කරන්න රජය පොරොන්දු වුණා. නමුත් රජයන් වෙනස් වෙනකොට මේ තත්ත්වය ගොඩක් වෙලාවට වෙනස් වෙනවා. එතකොට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ලොකුම බලපෑමක් කරන්න පුළුවන් කණ්ඩායම තමයි එල් ටී ටී ඊ හිතවාදී ඩයස්පෝරාව. ඒගොල්ලෝ විටින් විට ලංකාව කරපු මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව යුද්ධ කාලේ චෙන්මිනි මිනීවල, අතුරුදන්වූවන්ගේ සංඛ්‍යාව, අතුරුදහන් වූවන්ගේ කොමිසම ඒකට නිට්ටාවට එකම ආණ්ඩුවකින් හරි පිළිතුරු ලැබුණේ නෑ. ඉතින් ඒගොල්ලෝ මේ ආණ්ඩුවෙන් ඒක බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ වෙනකොට ලංකාව කරපු වැඩ ගොඩක් තියෙනවා. අතුරුදන්වූවන්ගේ ආයතනය තියෙනවා. ඒකෙ වන්දි ප්‍රතිපූර්ණය කිරීමේ ආයතන ඒවායින් ලොකු වැඩ කොටසක් කරගෙන යනවා. එතකොට ඒත් ඒගොල්ලෝ සෑහීමකට පත් වන්නේ නැහැ. ඒගොල්ලන් බලන්නේ මේ යෝජනා දිගින් දිගටම ගෙනල්ලා ශ්‍රී ලංකාව කියන්නේ මානව හිමිකම් නිතැතින්ම උල්ලංඝනය කරන රටක්. ශ්‍රී ලංකාව පොලිසිය වෙන්න පුළුවන්. හමුදා ආයතන වෙන්න පුළුවන්.

ඒ දිගින් දිගටම උතුරේ ජනතාවගේ මානව හිමිකම් ගොඩක් කඩ කරනවයි කියලා තමයි කියන්නේ. ඒ හින්දා තමයි ඒගොල්ලෝ හැම වෙලාවෙම ලොකු ප්‍රශර් එකක් දෙන්නේ. ඔය යුද්ධ කාලයේ වෙච්ච යුධ අපරාධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් මානව හිමිකම් වෙනුවෙන් ලංකාව තුළ අධිකරණ පිළිබඳ ඒගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ ඔය කියන ඩයස්පෝරා කණ්ඩායම. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට බලනවා ඒ පරීක්ෂණය යුධ අපරාධ අධිකරණයක් දක්වා ගෙනියන්න. ඒක ගෙනියන්න නම් ඒගොල්ලෝ දැන් මේ වෙනකොට ශ්‍රී ලංකාවෙන් පිටත ජාත්‍යන්තරව අන්තර්ජාතික විමර්ශනයක් පවත්වලා මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව වාර්තා හදලා තියෙන්නේ.

දැන් ඒගොල්ලෝ ලොකු බලපෑමක් කරනවා ලංකාව අන්තර්ජාතික යුධ අපරාධ අධිකරණයට යන රෝම ව්‍යවස්ථාව අපිට අත්සන් කරලා පිළිගන්න කියලා. ඉතින් ඒක මේ යෝජනාව ඇතුලේ තියෙනවා. ඒක හරි බරපතලයි. ඒක කොච්චර හරි පිළිගත්තොත් අර පිළිගත්ත සාක්ෂි ටික කෙලින්ම ඉන්න යුධ අපරාධ අධිකරණයේ අභිචෝදක වෙත යවලා අපිට එරෙහිව ගෙනල්ලා සාක්ෂි ඉදිරිපත් කරලා පුළුවන් මේ අයව අත්අඩංගුවට ගන්න. එතකොට එතනදී නඩු පවරන්න පුළුවන්. ඒ වගේම දැන් ගොඩාක් රටවල විහිදිලා ඉන්න අය ඉන්නවා. ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ගේ තාත්තලා, ඒගොල්ලන්ගේ අම්මලා ඒගොල්ලන්ගේ ස්වාමිපුරුෂවරුන් ගෙනත් ගෙනිහිල්ලා තියෙනවා කඳවුරුවලට. ඒගොල්ලෝ අතුරුදහන් කියලා. දැන් ඉතින් මේ පිළිබඳව හදපු කොමිෂන් කිහිපයක් තියෙනවානේ. උගත් පාඩම් හා කොමිෂන් සභා පනත තියෙනවා. ඊළඟට 2015 මැක්ස්වෙල් පරණගම කොමිෂන් ඒ ඔක්කොගෙම කියලා තියෙනවා කොච්චර ද මේ නැතිවෙලා තියෙන කාණ්ඩය මේක නැවත නැවත බුර බුරා එනවා. එහෙනම් මේකට ස්ථිර පිලියමක් මේ පාර යොදන්න ඕනේ. 

ඒකට තමයි සත්‍ය තේරීමේ කොමිසම, සත්‍ය හා ගවේෂණ කොමිසමක්, ඊළඟට වන්දි ගෙවීමේ කාර්යාලය. මේවා ඔක්කොම හොඳට ස්ථාපනය කරලා ගන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට ප්‍රශ්නයක් වෙනවා. විශේෂයෙන්ම විවිධ මිනී වළවල් හැරීම සඳහා, දැන් මේ වෙනකොට යෝජනා ඒගොල්ලෝ සම්මත කරලා රජයට කියනවා. ඉතින් මේ බලපෑම් එන්නේ ඇත්තටම, අන්තර්ජාතිකව ඉන්න, ඒ කියන්නේ එල්. ටී. ටී. ඊ. හිතවාදී, ඩයස්පෝරාවේ තියෙන්නේ ඒගොල්ලෝ මොකද කැනඩා රජය එහෙම ඒවලට උදව් කරලා ලංකාවටත් ඒ දේ කරනවා. එතකොට ලංකාව දිනා ගන්න ඕනේ. මොනවා වුණත් අපිට එතනදි කරන්න තියෙන්නේ යෝජනාවකට එනවා. ඒ යෝජනාව එන්නේ මහා බ්‍රිතාන්‍ය, කැනඩාව, කියන රටවල් අපිට එරෙහිව යෝජනාවක් ගෙනාවොත් අපි හැම වෙලාවෙම පරදින්න හේතු දෙකක් තියෙනවා. එකක් තමයි අපිට වාමාංශික කඳවුර විවිධ රටවල ඉන්න ඒ නායකයෝ උදව් කරාට අපිට දක්ෂිණාංශික උදව් මදි. නමුත් අපිට ඒකට ගන්න හොඳම සාධකය තමයි ඉන්දියාව. මොකද ඉන්දියාව දැනට ගොඩක් වෙලාවට රතු කඳවුරත් එක්ක තමයි ලෝකේ වැඩ කටයුතු කරන්නේ. ඊයේ පෙරේදාත් චීනේ එක්ක යනවා. ඇමරිකාව එච්චරයි හිත හොඳ නෑ ඒක. නමුත් වාසියකට වැඩේ තියෙන්නේ ඇමරිකාව නෑ මේ පාර. ඒගොල්ලොන්ගේ නියෝජිතයෝ අයින් කරගෙන තියෙන හින්දා. ඉන්දියාවයි, දකුණු අප්‍රකාවයි විශේෂයෙන්ම අපිට දිනාගන්න ඕනි ජපානය. ඔය රටවල් තුන දිනා ගත්තොත් මේ යෝජනා ඉදිරියට යන්නේ නෑ. දැන් සම්බාධක එකපාරට පනවන්න බෑ. එක එක රටවලට ඕන නම් සම්බාධක පනවන්න පුළුවන්. ඒකේ වෙනම ගැටළුවක්. දැනට සම්බාධක පනවලා තියෙනවා. රණවිරුවෝ පනස් පහකට වගේ. ඒවා මේ මානව හිමිකම් කවුන්සිලයේ මේ යෝජනා ඉෂ්ට කරන්නේ නැහැ කියලා කොයි හෝ වෙලාවක මහ සමුළුවට ගිහිල්ලා මහ සමුළුවෙන් ආරක්ෂක මණ්ඩලයට යන්න ඕනේ. එතන ඒවා සම්මත වුණොත් තමයි නීති සම්භාදක දාන්නේ. ඒ වුණත් අපිට නිෂේධ බලය පාවිච්චි කරලා, අපි වෙනුවෙන් වැඩ කරන රටවල් ඉන්නවා. චීනය ඉන්නවා. ඒගොල්ලන්ට පුළුවන් රුසියාව ඉන්නවා. ඒ නිසා අපි කළ යුත්තේ ක්‍රමවත් සැලැස්මක්, අවසාන මොහොතේ නොඉඳ එන අවුරුදු අවුරුදු දහයටම හොඳ මානව හිමිකම් සැලැස්මක් හදලා ඒක වෙන රටවලට පුළුවන් තරම් විස්තර කරලා ඒ තුළින් අපි යම්කිසි ආකාරයේ මානව හිමිකම් රකින වැඩපිළිවෙළක් කරන්න.”

featured News pick picks Political
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleවෛද්‍ය පාලිත රාජපක්ෂට විනය පරීක්ෂණයක්
Next Article හරක් කටාව නඩු විභාගය අවසන් වන තුරු රැඳවුම් භාරයේ තැබීමට නියෝග
Buzzer Editorial

Related Posts

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 22, 20262 Views

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

By Buzzer EditorialJuly 22, 202602 Views

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ…

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
  • ඩෙංගු රෝගීන් 78,000 පනී
  • ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
  • අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
  • ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
  • විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
  • මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
  • දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.