ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇතිවී තිබෙන පුරප්පාඩුව පිරවීම සඳහා සුදුසුකම් ලත් තැනැත්තන්ගෙන් අයැදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.
ඒ සඳහා වූ අයදුම්පත්‍ර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි www.parliament.lk ‘ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම’ නමැති ක්ෂණික සබැඳි යටතේ පළකර ඇත.
එම ආකෘතිය අනුව සකස් කර, සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර 2025 සැප්තැම්බර් 04 දින හෝ එදිනට පෙර යොමුකළ යුතු බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පවසයි.
අදාළ අයැදුම්පත්‍ර,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වැඩබලන මහ ලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා කාර්යාලය, ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ, යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතු බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කරයි.
ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ/ විද්‍යුත් ලිපියෙහි විෂය වශයෙන් ‘ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම’ යනුවෙන් සඳහන් කළයුතුය.
සබැඳිය: https://www.parliament.lk/si/secretariat/advertisements/view/336


