ප්‍රංශයේ දෙවන විශාලතම නගරය වන මාර්සෙයිල්හි ඇතිව තිබෙන ලැව් ගින්නකින් පුද්ගලයින් 100කට අධික පිරිසක් සුළු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
තුවාල ලැබූවන් අතර, ගිනිනිවන භටයින් නව දෙනෙකු සහ පොලිස් නිලධාරීන් 22 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 110 දෙනෙකු සිටින බව වාර්තා වේ.
එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය බෲනෝ රිටේලියෝ පවසා ඇත්තේ, ගින්න පාලනය සඳහා ගිනි නිවන භටයින් 800ක් පමණ එම ස්ථානයේ සිටින බවය.
ලැව්ගින්න පැතිරීමත් සමඟ එම ප්‍රදේශයේ පවුල් 400ක් පමණ ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත් කර ඇතැයි ද එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
එක්සත් රාජධානියේ රාජ්‍ය සංචාරයක නිරත වූ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් සඳහන් කර ඇත්තේ, එම ප්‍රදේශයේ ජීවත්වන නිවැසියන්ට ආරක්ෂක උපදෙස් පිළිපඳින ලෙසත් ගින්න පාලනයට අවශ්‍ය ගිනිනිවන භටයින් තවදුරටත් යොදවන ලෙසත්ය.