ප්‍රශ්නගත බහාලුම් 323ක් නිදහස් වීම සම්බන්ධව අද (30) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.
එහිදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ නිදහස් කරන ලද ප්‍රශ්න ගත බහාලුම් 323හි පැමිණි දේවල් සම්බන්ධව තමන්ට කිව හැකි නමුත් ආණ්ඩුව විසින් තමන්ව බොරු චෝදනා නගමින් සිරගත නොකරන බවට සහතිකයක් ලබා දිය යුතු බවය.
එහිදී අදහස් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා,
“මාව අයින් කරන්න කියලා නඩුවක් දාලා තියෙනවා. ඒක මම උසාවිය එක්ක බලාගන්නම්. හැබැයි මට බයයි… ඒ කන්ටේනර් 323 ඇතුළේ මොනවාද තිබ්බේ කියලා මට ලිස්ට් එකක් දෙන්න පුළුවන්. ඒ කොහාටද, මොන රටින්ද ගෙනාවේ කියලා. හැබැයි ලිස්ට් එක දීලා මාව මන්ත්‍රීකමෙන් අයින් කරලා හෙට ගිහින් කුඩු කේස් එකකට ඇතුළට දාන්නේ නෑ කියලා ඒ ගොල්ලන්ට ඔප්පු කරන්න කියන්න. මම ඒ ටික පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නම්. එහෙම නැත්නම් මම වෙන රටකට පැනලා ගිහිල්ලා ඒ ටික එළියට දාන්න ඕනේ. මම බය නැතිව කියන්නේ ඒ 320 ඇතුළේ මොනවාද තිබ්බේ කියලා මම කියන්නම්. මට ඒ සම්පූර්ණ ඩීටේල්ස් එක කියන්න පුළුවන් හැබැයි මට බයයි… හැබැයි මම මැරරෙන්න බය නෑ. මේගොල්ලෝ මාව ඕනේ නැති නඩුවකට දාලා සැරින් සැරේ අදිනවා. දැන් පොලීසියේ පවර් එක මේගොල්ලන්ට තියෙනවා. දැන් මෙයාලා හදන්නේ මන්ත්‍රීකම නැති කරලා ඇත්ත එළියට එන එක නවත්තලා එක්කෙනෙක්ගේ කට වහන්න.”