ලොව පුරා රටවල් රැසක නැවත වරක් ව්‍යාප්තව යමින් පවතින නව කොවිඩ් වෛරසය පිළිබඳව මේ වන විට අවධානය යොමු කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (27) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඒ පිළිබඳ අනතුරුදායක තත්ත්වයක් තවමත් මෙරට නොමැති නමුත් ගුවන්තොටුපොළ ආශ්‍රිතව ඒ සම්බන්ධව මේ වන විටත් එම කටයුතු සඳහා මැදිහත් වෙමින් පවතින බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“සිංගප්පූරුවෙත්, ඉන්දියාවෙත් යම් ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඒ පිළිබඳව අපි දැඩි අවධානයෙන් පසුවෙනවා. තවමත් පසුගිය කාලයේ තිබුණා වගේ අනතුරකට තාම තොරතුරු ලැබිලා නැහැ. නමුත් ගුවන්තොටුපොළේ සිටම ඒ කටයුතු සම්බන්ධව මැදිහත් වෙමින් පවතිනවා.”
ශ්‍රී ලංකාවට ආසන්නම රට වූ ඉන්දියාවෙන් නව කොවිඩ් වෛරසය ආසාදනය වූ රෝගීන් 1,009 දෙනෙකු වාර්තා වූ බව පසුගියදා ඉන්දීය මාධ්‍ය වාර්තා කළ අතර මරණ එම රෝගීන් අතුරින් පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවත් වාර්තා කර තිබුණි.