යුද්ධ හමුදා සාමාජිකයන්ගේ යහපැවැත්ම සහතික කරමින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත වයඹ පලාත තුල වෙසෙන විවිධ හේතුන්මත රණක්‍ෂිතයටපත් යුද්ධ හමුදා සාමාජිකයන් හට වෛද්‍ය කඳවුරක් අද දින පැවැත් වූ අතර, රණක්‍ෂිතයටපත් රණවිරුවන් 1500 කට ආසන්න පිරිසක් සහභාගි වු මෙම වෛද්‍ය කඳවුර අභිමංසල III පාන්ගොල්ල හිදී පවත්වන ලදී.
රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් අධික්‍ෂණය කරනු ලැබු මෙම වෛද්‍ය කඳවුර තුළින් අඛණ්ඩව පවතින වෛද්‍ය ගැටළු තක්සේරු කිරීම හා ඒ සඳහා විසඳුම් ලබාදීම, වෘත්තීය සෞඛ්‍ය උපදේශන ලබාදිම, කෘතිම අත් පා සහ ශල්‍ය උපකරණ සඳහා පරීක්‍ෂණ සිදුකිරීම, දන්ත වෛද්‍ය සේවාවන් සිදුකිරීමට කටයුතු සංවිධානය කර ඇති අතර, මානසික සෞඛ්‍ය සඳහා උපදේශන සේවාවන් හා පෝෂණ විශේෂඥයින් විසින් ආහාර ලබාගැනීම සඳහා වන උපදෙස් ලබාදීමට ද කටයුතු සිදුකර ඇත.