Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට

July 21, 2026

ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

July 21, 2026

 ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
  • ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්
  • කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්
  • ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.
  • වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 21
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » වැඩිහිටියන් සහ ළමුන් අතර පිළිකා තත්ත්වයේ ඉහළ යෑමක්
Medical 0 Views

වැඩිහිටියන් සහ ළමුන් අතර පිළිකා තත්ත්වයේ ඉහළ යෑමක්

Buzzer EditorialBy Buzzer EditorialMarch 6, 2025Updated:March 6, 2025No Comments4 Mins Read0 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

වැඩිහිටි ජනතාව සහ ළමුන් අතර මහා අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකා ඇති වීමේ ඉහළයාමක් දක්නට ලැබෙන බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි.

අයහපත් පුරුදු සහ ක්‍රියාශීලි ජීවන රටාවක් නොමැති වීම මීට ප්‍රධාන හේතු වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික පිළිකා මර්දන වැඩසටහනේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය සඳහන් කළාය.

“මීට අවුරුදු 10කට කලින් බැලුවා නම් ලංකාවේ සහ ලෝකයේ දත්ත මහා අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකා කියන එක ගොඩක් පහළින් තිබුණේ. නමුත් දැන් ඒක ලෝකයේත් ලංකාවේත් තුන්වන ස්ථානයට පැමිණිලා තියෙනවා. ඒ වගේම තමා මේ මහ අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකා කියන එක අපිට වළක්වා ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. ප්‍රධානවම බලපාන්නේ අපේ ආහාර රටාවේ තියෙන අයහපත් පුරුදු සහ ක්‍රියාශීලි ජීවිතයක් ගත නොකිරීමේ හේතුව කියන එක. ඊට අමතරව වයසට යෑම. වයස නිසා ලෙඩ හැදෙනවා කියන එක නෙමෙයි. වයසත් එක්ක අවධානම් සාධක එකතුවීමේ ක්‍රියාවලිය වැඩි නිසා, වයසක අයගේ මේ රෝගය වැඩි ප්‍රවණාතාවයකින් දකින්න පුළුවන්. ලංකාව ගත්තත් ආසන්න වශයෙන් වසරකට පිරිමින් 1,500ක් සහ කාන්තාවන් 1,500ක් ලෙස මෙම රෝගීන් සොයා ගන්නවා.”

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

– උපුටාගැනීම – 

ලෝක මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසය – 2025 මාර්තු පිළිකාව වර්තමානයේ ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති අතර, සෑම පිළිකා වර්ගයකම සංඛ්‍යාත්මකව වැඩිවීමේ ප්‍රවණතාවයක් පවතී. 

ලොව පුරා සැළකිය යුතු මහජන සෞඛ්‍ය ගැටළුවක් බවට පත්ව ඇති මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකාද මෙසේ වැඩි වෙමින් පවතී. මෙම පිළිකා, ලෝකය පුරා ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශවය අතරම තුන්වන ස්ථානයේ සහ පිළිකා ආශ්‍රිත මරණ අතර දෙවන ස්ථානයේ පවතියි. 

GLOBOCAN 2022 දත්ත අනුව, මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකාවට ගොදුරු වූ නව රෝගීන් සංඛ්‍යාව මිලියන 1.9 කට ආසන්න වූ අතර, මරණ 900,000 ඉක්මවා ඇත.

2021 වර්ෂයේ ජාතික පිළිකා ලේඛනයට අනුව, ශ්‍රී ලංකාවේ ගැහැණු පිරිමි දෙපාර්ශ්වය අතරෙහිම තුන්වන ස්ථානයේ පවතින පිළිකාව මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකාවයි. 2021 වර්ෂයේ අලුතින් හඳුනාගත් මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා රෝගීන් 1522 පිරිමි හා 1596 කාන්තාවන් ලෙස වාර්තා වී තිබේ.

ජීවන රටාවේ වෙනස්කම්, වයස්ගත ජනගහනය සහ මූලික රෝග ලක්ෂණ පිළිබඳ දැනුවත්භාවය අඩුවීම ආදී කරුණු රැසක් මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා ඉහළ යෑමට හේතු වී ඇත. රෝග විනිශ්චය ප්‍රමාද වීම අවම කිරීමට පිළිකා පිළිබඳ දැනුවත් භාවය වැඩි කිරීම, වැළැක්වීම සහ කලින් හඳුනා ගැනීමේ උත්සාහයන් වැඩි කිරීමේ තීරණාත්මක අවශ්‍යතාවය ඉස්මතු වී ඇත. 

මෙම පිළිකා මහා අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ අභ්‍යන්තර ශ්ලේෂ්මලයෙන් පැන නගින මස් දල්ලක් indows ලෙස ඇරඹෙන අතර මෙය කලින් හඳුනාගත හැකි පූර්ව පිළිකා අවධියක් පෙන්නුම් කරයි. එය කාලයත් සමඟ වර්ධනය වී ආක්‍රමණශීලී පිළිකාවක් බවට පත්වේ. මෙම අවධිය කලින් හඳුනා ගැනීමෙන් ප්‍රතිකාර කළ හැකි පිළිකා රෝග තත්ත්වයකි. වැඩිපුර තන්තු සහිත ආහාර ගැනීම, නිතිපතා ව්‍යායාම කිරීම, දුම්පානය සහ මත්පැන් පානයෙන් වැළකී සිටීම ඇතුළු ජීවන රටාවේ ඇති කරගන්නා වෙනස්කම් මහා අන්ත්‍රයේ සහ ගු මාර්ගයේ පිළිකාව වර්ධනය වීමේ අවදානම අඩු කිරීමට වැදගත් සාධක ලෙස දැක්විය හැකිය. 

මීට අමතරව, මළපහ අශ්‍රිතව සිදු කරන පරීක්ෂණ, කොල නොස්කොපි සහ සි වැනි පරීක්ෂණ ක්‍රම මගින් මෙය පුර්ව පිළිකා තත්වයේදීම හඳුනාගත හැක.

මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා පාලනය කිරීම සඳහා මහජන දැනුවත්භාවය සහ කාලීන මැදිහත්වීම අත්‍යවශ්‍ය වේ. බොහෝවිට මුල් අවධියේදී මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වයි. ප්‍රධාන අනතුරු ඇඟවීමේ සංඥා ලෙස ළඟදී ඇතිවුණු ගුද මාර්ගයෙන් සිදුවන ලේ ගැලීමක්, සති දෙකකට වඩා වැඩි කාලයක් පවතින මළපහ පුරුදු වල ඇති වූ වෙනස්කම් හැඳින්විය හැක. 

රෝග ලක්ෂණ කලින් හඳුනා ගැනීමෙන් බොහෝ විට මෙම රෝගය සම්පුර්ණයෙන්ම සුවකළ හැක. වෛද්‍ය වෘත්තිකයන් මෙවැනි රෝග ලක්ෂණ සහිත රෝගීන් පරික්ෂා කිරීමේදී අමතර සැළකිල්ලක් දැක්විය යුතුය. මෙවැනි රෝග ලක්ෂණ ඇත්නම් ගුද මාර්ගයේ පරීක්ෂණයක් (PR- per rectal) සිදු කිරීම අනිවාර්ය වේ. 

මෙම සරල පරීක්ෂණය, අර්ශස් රෝගී තත්ත්වය බැහැර කිරීමටද සිග්මායිඩොස්කොපි/කොලොනොස්කොපි වැනි වැඩිදුර පරීක්ෂණ සඳහා අවශ්‍යතාවය තීරණය කිරීමටද උපකාරී වේ.

2025 මාර්තු මාසයේ දී මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකාවට අදාළ අවදානම් සාධක, රෝග ලක්ෂණ සහ රෝග ලක්ෂණ කල්තියා හඳුනා ගැනීමේ වැදගත්කම පිළිබඳව සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ මහජනතාව දැනුවත් කිරීම වැදගත් වන අතර ඒ හරහා ඉක්මනින් ප්‍රතිකාර ලබා ගැනීමට පුද්ගලයින් නැඹුරු කිරීම අත්‍යාවශ්‍ය වේ. දැනුවත්භාවය වැඩි කිරීම හරහා රෝගීන් කලින් හඳුනා ගෙන ප්‍රතිකාර කිරීමෙන් එම රෝගීන්ට සාර්ථක ප්‍රතිඵල ලබාදී ජීවිතයේ ගුණාත්මක භාවය වැඩි කිරීම මෙහි ප්‍රධාන අපේක්ෂාවයි.”

– උපුටා ගැනීම අවසන් – 

featured medical News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleඑකම ලියාපදිංචි අංකය තියෙන කාර් දෙකක් පොලිස් භාරයට
Next Article මම දන්නවා පාස්කු ප්‍රහාරයේ මහමොළකාරයා – ඥානසාර හිමි
Buzzer Editorial

Related Posts

ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට

July 21, 2026

ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

July 21, 2026

 ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට

July 21, 2026

ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

July 21, 2026

කටුවාන ගින්නෙන් 5ක් මරුට

July 21, 2026

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Financial
Financial July 21, 20260 Views

ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට

By Buzzer EditorialJuly 21, 202600 Views

ජනලේඛන සහ සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් ජුනි මාසය සඳහා මෙරට ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික…

ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

July 21, 2026

 ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි

July 21, 2026

කටුවාන ගින්නෙන් 5ක් මරුට

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
  • ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්
  • කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්
  • ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.
  • වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.