Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
  • ඩෙංගු රෝගීන් 78,000 පනී
  • ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
  • අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
  • ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
  • විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
  • මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
  • දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Wednesday, July 22
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » පොදු විභාග ක්‍රමයක් යටතේ විභාගයට මුහුණ දෙන රටේ සමස්ත දරුවන්ට පොදු අධ්‍යාපන ක්‍රමයක් තිබිය යුතුයි.
News 3 Views

පොදු විභාග ක්‍රමයක් යටතේ විභාගයට මුහුණ දෙන රටේ සමස්ත දරුවන්ට පොදු අධ්‍යාපන ක්‍රමයක් තිබිය යුතුයි.

Buzzer EditorialBy Buzzer EditorialJanuary 3, 2025No Comments2 Mins Read3 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

අපේ රජයට අධ්‍යාපනය කියන එක ඉතා වැදගත් විෂයක්. ඒ සඳහා අපේ රජය විශේෂ අවධානයක් සහ ප්‍රමුඛතාවයක් ලබා දෙනවා. පුනරුද යුගයක් වෙනුවෙන් පරිවර්තනයන් සිදු කිරීම තමයි අපේ ආණ්ඩුවේ මූලික අරමුණ. ඒ සඳහා අවශ්‍ය මානව සම්පත නිර්මාණය වන ප්‍රධානම තැන තමයි අධ්‍යාපනය. ඒ නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

පළාත් අධ්‍යාපන ප්‍රධානීන් සමග ජනවාරි 02 වන දින අරලියගහ මන්දිරයේදී පැවති හමුවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරිය,

“මෙවැනි පරිවර්තනයක් සිද්ධ වෙද්දී අනිවාර්යයෙන්ම අපි එකඟතාවයෙන් සහ අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතුයි. නැත්නම් මෙතන අර්බූදයක් වෙන්න ඉඩ තියෙනවා. අධ්‍යාපනය කියන්නේ හරි සංවේදී මාතෘකාවක්.

පොදු විභාග ක්‍රමය යටතේ විභාගයට මුහුණ දෙන රටේ සමස්ත දරුවන්ට පොදු අධ්‍යාපන ක්‍රමයක් තිබිය යුතුයි. පළාතෙන් පළාතට වෙනස් අවශ්‍යතා තියෙන්න පුළුවන් වුනත් ප්‍රතිපත්ති අතර ලොකු පරස්පරයක් තියෙන්න බෑ කියලයි අපිට නම් හිතෙන්නේ. හැබැයි ප්‍රතිපත්ති මට්ටමේ තීන්දු තීරණ අරගද්දී ජාතික මට්ටමේ ප්‍රතිපත්තියට අනුකූලව වැඩ කරන්න අපිට සිද්ධ වෙනවා.

පහේ ශිෂ්‍යත්වය නැති කරන්න කියලා රටේ ජනතාවගේ අදහසක් තියෙනවා. එමගින් දරුවන්ට පීඩනයක් ඇති කරනවා කියල කියනවා. හැබැයි එහෙම තීරණයක් ගන්න කලින් පහේ ශිෂ්‍යත්වය ඇති කරන්න හේතුව බලන්න ඕන නේ. ඒකට හේතුව පාසල් අතර තියෙන පරතරය. පහේ ශිෂ්‍යත්වය අහෝසි කරන්න නම් පාසල් අතර තියෙන ප‍රතරය නැති කරන්න ඕනේ. ප්‍රශ්නයට විසඳුමක් දෙන්නේ නැතුව නෛතික හෝ ප්‍රතිපත්ති තීරණ විතරක් ගත්තොත් රටේ අර්බුද ඇති වෙන්න පුළුවන්. මෙවැනි තත්ත්වයන් අවම කරන්න පොදු විභාග ක්‍රමය යටතේ විභාගයට මුහුණ දෙන දරුවන්ට පොදු අධ්‍යාපන ක්‍රමයක් තිබිය යුතුයි. තීරණ ගැනීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමටයි අපි උත්සාහ කරන්නේ. දේශපාලඥයා, අමාත්‍යවරයා හෝ ලේකම්වරයා තනි තීරණ ගන්න එකක් නෙමෙයි මේක, දත්ත මත පදනම්ව තීරණ ගැනීමේ යාන්ත්‍රණයක් සැකසීමටයි අපි උත්සහ කරන්නේ.”

දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා, පෝෂණ වැඩසටහන්, අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ගේ හා ගුරුවරුන්ගේ හිඟය හා වෘත්තීය මට්ටමේ ගුරු පුහුණු වැඩසටහන්වල අවශ්‍යතාවය වැනි ක්ෂේත්‍රවල පළාත් මට්ටමෙන් ඇති ගැටලු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් මෙහිදී යොමුවිය.

මෙම අවස්ථාවට අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව යන මහත්වරුන් , පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන් , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

featured News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleචීනයේ පැතිර යන නව වෛරසය ගැන ලංකාව අවධානයෙන්
Next Article පළාත් කිහිපයකට වැසි
Buzzer Editorial

Related Posts

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 22, 20262 Views

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

By Buzzer EditorialJuly 22, 202602 Views

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ…

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
  • ඩෙංගු රෝගීන් 78,000 පනී
  • ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
  • අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
  • ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
  • විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
  • මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
  • දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.