Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද 

June 18, 2026

ඩෙංගු සතියට සමගාමීව පාසල් පිරිසිදු කිරීම අද

June 18, 2026

දරුණු යුද ගැටුම් නිමා කිරීමට අමෙරිකාව සහ ඉරානය ගිවිසුම්ගත වෙයි

June 18, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද 
  • ඩෙංගු සතියට සමගාමීව පාසල් පිරිසිදු කිරීම අද
  • දරුණු යුද ගැටුම් නිමා කිරීමට අමෙරිකාව සහ ඉරානය ගිවිසුම්ගත වෙයි
  • ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට
  • සලේ උපවාසය අත්නොහරින බවට යළි අවධාරණය කරයි
  • රුමේෂ් ලෝක ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයට
  • අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී
  • යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Thursday, June 18
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » රටකජු ව්‍යාපාරිකයා අමෙරිකාවේ ජනාධිපති පුටුවට ආ හැටි
World News 1 Views

රටකජු ව්‍යාපාරිකයා අමෙරිකාවේ ජනාධිපති පුටුවට ආ හැටි

Buzzer EditorialBy Buzzer EditorialJanuary 1, 2025No Comments2 Mins Read1 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

අමෙරිකාවේ 39 වැනි ජනාධිපතිවරයා වූ නොබෙල් සාම ත්‍යාගලාභී ජිමී කාටර් අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 100කි.

ජිමී කාටර් ඉතිහාසයට එක්වන්නේ අමෙරිකානු ඉතිහාසයේ වැඩිම කාලයක් ජීවත් වූ ජනාධිපතිවරයා ලෙසය.

ජේම්ස් අර්ල් කාටර් ජූනියර් 1924 ඔක්තෝබර් පළමුවැනිදා උපත ලැබුවේ අමෙරිකාවේ ජෝර්ජියා හි ප්ලේන්ස් ගම්මානයේදීය.

ඔහුගේ පියා රටකජු වගාකරුවෙක් වූ ජේම්ස් කාටර් වන අතර මව ලිලියන් නම් වූ හෙදියක්.

පාසලේ ජනප්‍රිය පැසි පන්දු ක්‍රීඩකයෙක් වූ කාටර් අමෙරිකානු නාවික හමුදා සෙබළෙක් ලෙසද සේවය කළේය.

සිය සොහොයුරියගේ මිතුරිය වන රොසලින් සමඟ විවාපත් වූ ඔහු, රටකජු වගාකරුවෙක් ලෙස වෘත්තිය දිවිය ඇරඹුවේ සිය පියාගේ අභාවයෙන් පසුව ඔහුගේ අඩිපාරේම යමින්.

නමුත් නොසිතූ ලෙස ලියැවී තිබූ අනාගතය භාරගනිමින් ප්‍රාදේශීය මට්ටමේ දේශපාලනයට පිවිසුණු කාටර්, ප්‍රාන්ත සෙනෙට් සභිකයෙක් ලෙස කටයුතු කරමින්, ඉන් අනතුරුව ජෝර්ජියා ආණ්ඩුකාරවරයා ලෙස පත්වුණි.

ඒ 1970 වසරේදී.

ඉන් ලද පන්නරයෙන් ජනාධිපති සිහිනය දුටු ජිමී කාටර්, 1976 අමෙරිකානු ජනාධිපතිවරණයට පිවිසියේ ඩිමොක්‍රොටික් පක්ෂය නියෝජනය කරමින්.

ඔහු අමෙරිකාවේ 39 වැනි ජනාධිපතිවරයා ලෙස තේරීපත්වූයේ ඒ අනුවය.

එවක ලෝකයටම හිසරදයක් බවට පත්වු මැදපෙරදිග කේන්ද්‍ර කරගත් ඊශ්‍රායල, ඊජිප්තු යුද ගැටුම සමනයට ජිමී කාටර් කළ මැදිහත්වීම අදටත් මහත් ඉහළින් ඇගයේ.

ඒ ඔහුගේ මැදිහත්වීමෙන් දෙපාර්ශ්වය අතර අත්සන් තැබූ කෑම්ප් ඩේවිඩ් සාම ගිවිසුම හේතුවෙනි.

නමුත් අමෙරිකානු ආර්ථික අර්බුදය සහ ඉරානය එරට අමෙරිකානු තානාපති කාර්යාලයේ සේවකයින් ප්‍රාණඇපයට ගැනීම ඇතුළු සිදුවීම් නිසා කාටර්ගේ ජනප්‍රියත්වය ශීඝ්‍රයෙන් පහත වැටුණි.

එහිදී ඉරානය සහ අමෙරිකාව අතර රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු සියල්ල බිඳවැටුණු අතර අදටත් දෙරට අතර කිසිදු සෘජු රාජ්‍යතාන්ත්‍රික සබඳතාවක් ඇති කරගෙන නැහැ.

මේ සිදුවීම් සමග 1981 ජනාධිපතිවරණයේදී රිපබ්ලිකන් අපේක්ෂක රොනල්ඩ් රේගන් හමුවේ දැවැන්ත පරාජයක් අත්විඳීමට ඔහුට සිදුවුණි.

ධුරයෙන් විශ්‍රාම ගිය කාටර් සහ බිරිඳ ජෝර්ජියා හි පිහිටි,එකළ අමෙරිකානු ඩොලර් 167,000ක් පමණක් වටිනාකමකින් යුතු කාමර දෙකකින් පමණක් යුතු නිවස වෙත ආපසු ගියේ සමස්ත දේශපාලනයටම ආදර්ශයක් ලබාදෙමිනි.

කෙසේ නමුත් විශ්‍රාම කාලය තුළ ඔහුගේ කීර්තිය වඩාත් තීව්‍ර වූයේ ලොව වටා සාම ප්‍රයත්නයන් සඳහා ඔහු කළ මැදිහත්වීම හේතුවෙන්.

දශක කිහිපයක් පුරා විහිද ගිය ජිමී කාටර්ගේ අපරිමිත සේවය අගයමින් ඔහුට සාමය සඳහා හිමි නොබෙල් ත්‍යාගය ප්‍රදානය කිරීමට නොබෙල් සාම ත්‍යාග කමිටුව 2002 වසරේදී පියවර ගත්තේය.

ඒ එම ත්‍යාගයෙන් පිදුම් ලැබූ තෙවැනි අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස මෙන්ම, ධුරයෙන් විශ්‍රාම යාමෙන් අනතුරුව කළ සේවාවන් වෙනුවෙන් එම ත්‍යාගයෙන් පුද ලැබූ පළමු අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස ඔහු ඉතිහාසයට එක්කරමිනි.

සිය දෙමාපියන් සහ සොහොයුරියන් තිදෙනාටම මරු කැඳවූ පිළිකා රෝගී තත්ත්වයට 2015 වසරේදී කාටර් ද ගොදුරු වූ නමුත් වසර 100ක දීර්ඝ ජීවිතයක් ගතකිරීමට ඔහු වාසනාවන්ත වුණි.

ජිමී කාටර් හිටපු ජනාධිපතිවරයාගේ අභාවය සම්බන්ධයෙන් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට ජනාධිපති ජෝ බයිඩන් පියවර ගත්තේය.

featured pick picks world news
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleගාලු මුවදොර ජාතික ධජය එසවීම සහ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය නාවික හමුදාවට
Next Article කාලය හරහා ගිය ගුවන් යානය
Buzzer Editorial

Related Posts

හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද 

June 18, 2026

ඩෙංගු සතියට සමගාමීව පාසල් පිරිසිදු කිරීම අද

June 18, 2026

දරුණු යුද ගැටුම් නිමා කිරීමට අමෙරිකාව සහ ඉරානය ගිවිසුම්ගත වෙයි

June 18, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද 

June 18, 2026

ඩෙංගු සතියට සමගාමීව පාසල් පිරිසිදු කිරීම අද

June 18, 2026

දරුණු යුද ගැටුම් නිමා කිරීමට අමෙරිකාව සහ ඉරානය ගිවිසුම්ගත වෙයි

June 18, 2026

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට

June 18, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 18, 20268 Views

හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද 

By Buzzer EditorialJune 18, 202608 Views

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත්…

ඩෙංගු සතියට සමගාමීව පාසල් පිරිසිදු කිරීම අද

June 18, 2026

දරුණු යුද ගැටුම් නිමා කිරීමට අමෙරිකාව සහ ඉරානය ගිවිසුම්ගත වෙයි

June 18, 2026

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට

June 18, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද 
  • ඩෙංගු සතියට සමගාමීව පාසල් පිරිසිදු කිරීම අද
  • දරුණු යුද ගැටුම් නිමා කිරීමට අමෙරිකාව සහ ඉරානය ගිවිසුම්ගත වෙයි
  • ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට
  • සලේ උපවාසය අත්නොහරින බවට යළි අවධාරණය කරයි
  • රුමේෂ් ලෝක ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයට
  • අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී
  • යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.