Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Saturday, June 20
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » වැට් බද්දෙන් පොත් කර්මාන්තය ඉවත් කරන්න – සංගම් 4කින් යළි දැඩි ඉල්ලීමක්
Financial 3 Views

වැට් බද්දෙන් පොත් කර්මාන්තය ඉවත් කරන්න – සංගම් 4කින් යළි දැඩි ඉල්ලීමක්

Buzzer EditorialBy Buzzer EditorialDecember 10, 2024No Comments4 Mins Read3 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

මීළඟ ජාතික අයවැයට ඇතුළත් කිරීම සඳහා පොත් කර්මාන්තයේ සංගම් හතරක් එක්ව පොත් සඳහා පනවා ඇති බදු වලින් නිදහස් කරන යෝජනාවක් නව රජයට ඉදිරිපත් කරමින් බදු පැනවීමට එරෙහිව සිය හඬ නැවතත් අවදි කර ඇත.

දැනුම ලබා ගැනීමේ සහ ඉගෙනීමේ මූලාශ්‍රවලට බදු පැනවීමේ මූල්‍යමය මෙන්ම සමාජයීය ප්‍රතිවිපාක සලකා බලන ලෙස රජයට බල කරමින් ප්‍රකාශකයින්, ලේඛකයින්, අලෙවිකරුවන්, ආනයන සහ අපනයනකරුවන් නියෝජනය කරන මෙම සංගම් විසින් ඉල්ලා සිටින්නේ, 2024 ජනවාරි 1 වන දාට පෙර තිබූ පරිදි වැට් බද්දෙන් නිදහස් අංශ ලයිස්තුවට පොත් ඇතුලත් කරන ලෙසටය.

තම යෝජනාවේ දී, මෙම සංගම් හතර පෙන්වා දී ඇත්තේ, දේශීයව පොත් නිපදවීමේදී මිනිස් ශ්‍රමය හැර අන් සියලු ද්‍රව්‍යක්ම ආනයනය කරනු ලබන අතර එහිදී, ආනයනය කරන අවස්ථාවේ සිටම ශ්‍රී ලංකාවේ පොත් කර්මාන්තය මත දැනටමත් 33.045% ක බදු ගෙවමින් ඇති බවයි. එයට අමතරව පොත්, විකුණන අවස්ථාවේ දී ද 18%ක එකතු කළ අගය මත (VAT) බද්දක් පැනවීම හේතුවෙන් බොහෝ පිරිසකට දරාගත නොහැකි වන අයුරින් පොත්වල මිල ඉහළ ගොස් ඇති අතර, කුඩා පරිමාණ ප්‍රකාශක ව්‍යාපාර වැසී යාමේ අනතුරට මුහුණ පා ඇති බවද එමගින් පෙන්වා දී තිබේ.

ප්‍රවෘත්ති සාකච්චාවකදී, මාධ්‍ය අමතමින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ (SLBPA) සභාපති සමන්ත ඉන්දීවර මහතා පෙන්වා දුන්නේ, නව රජයේ නියෝජිතයින් පෙර පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටියදී පොත් සඳහා වැට් බදු පැනවීම විවේචනය කරමින් එය ආපසු හැරවීමට එවක රජයට බලපෑම් කළ බවයි. “එබැවින් පොත් කර්මාන්තයේ ගැටළු මීලඟ අයවැයේදී විසඳනු ඇතැයි අපි අවධානයෙන් බලා සිටිමු,” යනුවෙන් ඔහු පැවසීය.

“පොත් සඳහා වැට් බදු පැනවීම නිසා කර්මාන්තයට ඇතිවන සෘජු බලපෑම් හා නොයෙකුත් විෂමතා අපි රජයේ අවධානයට යොමු කර තිබෙනවා,” යැයි ද ඔහු පැවසුවේය. “මෙහිදී ඉදිරිපත් වූ තවත් කරුණක් නම්, ප්‍රකාශන සමාගම් බහුතරයක් වැට් බදු ගෙවීමට සුදුසුකම් නොලබන කුඩා පරිමාණයේ ආයතන වන නිසා ඔවුන් දේශීයව නිෂ්පාදනය කරන පොත් වල යෙදවුම් සඳහා ගෙවන වැට් බද්ද, සහ පොත් ආනයනය සඳහා ගෙවන වැට් බද්ද නැවත ලබාගත නොහැකි තත්වයක් පැවතීමයි,” යැයි ඉන්දීවර මහතා තවදුරටත් පැහැදිලි කරමින් අනාවරණය කලේ, මහා පරිමාණ ප්‍රකාශන සමාගම් 12ක් පමණ විකුණුම් මත වැට් බද්ද ගෙවීමට සුදුසුකම් ලබා ඇති බැවින්, යෙදවුම් මත ගෙවන බද්ද අඩු කරගත හැකි වන්නේ එම සමාගම් වලට පමණක් බවයි.

කෙසේ වුවත්, සියලුම කුඩා පරිමාණයේ ප්‍රකාශකයින් මෙතෙක් තම පොත් අලෙවි කර ගැනීම සිදුකරන ලද්දේ මෙම මහා පරිමාණයේ පොත් ප්‍රකාශකයින්ගේ පොත් සාප්පු සහ පොත් බෙදා හැරීමේ ජාලය හරහා බවත්, වැට් බදු පැනවීම නිසා ඔවුන්ගේ පොත් සියල්ලම සඳහා බදු අය කෙරෙන හෙයින් කුඩා පරිමාණයේ ප්‍රකාශකයින්ට තම පොත් අලෙවි කිරීමට නොහැකි තත්වයක් ඇති බවත්, ඔහු පැවසීය.

තවත් බරපතල කරුණක් වන්නේ, පොත් සඳහා බදු පැනවීමෙන් ශ්‍රී ලංකාව විසින් අත්සන් කර ඇති, එහි ගිවිසුම්ගත රාජ්‍යක් බවට ද පත් වී ඇති, 1950 යුනෙස්කෝ ෆ්ලොරන්ස් ගිවිසුම, මෙහිදී දිගින් දිගටම උල්ලංගණය වීමයි. යුනෙස්කෝ ෆ්ලොරන්ස් ගිවිසුමට අනුව ආනයනය කරනු ලබන ඇතැම් අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික ද්‍රව්‍ය සඳහා රේගු බදු නොපැනවීමට ගිවිසුම්ගත රාජ්‍යයයන් බැඳී සිටියි.

“කර්මාන්තයේ නියැලෙන්නන් නැවත වරක් එකතු වී අවධාරණය කරන්නේ, පොත් සඳහා වැට් බදු පැනවීම මගින් ශ්‍රී ලංකාවේ ඉතිහාසය, සංස්කෘතිය, සාරධර්ම සහ සම්ප්‍රදායන් පිළිබඳ දැනුම ලබා ගැනීමේ ක්‍රියාවලියට දිගුකාලීන සෘණාත්මක සමාජ ආර්ථික බලපෑම් ඇති කරවන බවයි. එමෙන් ම නිර්මාණාත්මක ප්‍රකාශනය සඳහා ඇති අවස්ථා අඩපණ කරමින්, හා අධ්‍යාපනය මිල අධික කරමින්, ඇතැම් පොත් ව්‍යාපාර වසා දැමීමේ තත්වයට ද පත් වී ඇති බවයි,” යැයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් දිනේෂ් කුලතුංග මහතා තවදුරටත් සඳහන් කළේය.

පොත් මත පනවා තිබෙන වැට් බද්ද ඉවත් කිරීම තුළින් සමාජමය ප්‍රතිලාභ බොහෝමයක් අත්කර ගත හැකි යැයි පෙන්වා දෙන ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය, එම ප්‍රතිලාභ මෙසේ ඉදිරිපත් කර ඇත.

  • කිසියම් රටක ජනතාවකගේ චිරස්ථායී යහ පැවැත්ම උදෙසා සාහිත්‍ය භාවිතයේ වැදගත්කම අවධාරණයෙන් සැලකෙන්නකි. සංස්කෘතිකවත් මානව ජීවිතයක උදාර පරමාර්ථ සාධනය කරගනිමින්, සහසංවේදී පැවැත්මක් උදෙසා, නවකතා, කෙටිකතා, කාව්‍ය, යොවුන් හා ළමා සාහිත්‍ය ඇතුළු සමස්ත සාහිත්‍ය ධාරාවන්ගේ කාර්යභාරය යථාවත්ව පැවතීමේ අත්‍යවශ්‍ය බව.
  • බහු සංස්කෘතික සමාජයක සංහිඳියාව කෙරෙහි ද, එනයින් සමාජ සංවර්ධනය උදෙසා ද, කලාපීය සහ අන්තර්ජාතික සමානාත්මතාව හා සහයෝගිතාව වැඩිදියුණු කරගැනීම උදෙසා ද, බෙහෙවින් බලපෑම් සහගත කර්මාන්ත ක්ෂේත්‍රයක් ලෙස ග්‍රන්ථ නිෂ්පාදන කර්මාන්තය වර්ධනය වියයුතු බව පිළිගැනීම.
  • ග්‍රන්ථ නිෂ්පාදනය කර්මාන්තයක් වශයෙන් පිළිගැනීම හේතුකොට, එම ක්ෂේත්‍රයේ අභිනව ඵලදායකත්වයන්, අනිකුත් අතිශය වැදගත් ක්ෂේත්‍ර වන, අධ්‍යාපනය, නීතිය, සමාජ ඒකාබද්ධතාව ආදිය කෙරෙහි ඇති කරන ධරණීය බලපෑම මඟින් උදාර සංස්කෘතික ජීවිතයක් පිළබඳ පොදු අපේක්ෂාව ඉහළ තලයකට ඔසවා  තැබීම.

රජයට ඉදිරිපත් කළ මෙම යෝජනවට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සමඟ සම්බන්ධ ව අත්සන් කළ පාර්ශව අතරට ශ්‍රී ලංකා ලේඛක සංගමය, සමස්ත ලංකා පොත් වෙළඳුන්ගේ සංගමය, ශ්‍රී ලංකා පොත් ආනයනකරුවන් හා අපනයනකරුවන්ගේ සංගමය ද ඇතුලත් විය.

featured Financial News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleසිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ෆයිසර් මුස්තාපා ට
Next Article වැඩි මිලට සහල් විකුණන වෙළෙඳුන් සොයා අද සිට වැටලීම්
Buzzer Editorial

Related Posts

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 19, 20262 Views

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

By Buzzer EditorialJune 19, 202602 Views

ඖෂධ වර්ග 60 ක උපරිම මිල සංශෝධනය කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. එහි…

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.