Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Saturday, June 20
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ඔන්ලයින් ජාවාරමේ නිරත වූ ලාංකිකයන් – රුපියල් කෝටි 30ක් වංචා කරලා
News 5 Views

ඔන්ලයින් ජාවාරමේ නිරත වූ ලාංකිකයන් – රුපියල් කෝටි 30ක් වංචා කරලා

Buzzer EditorialBy Buzzer EditorialNovember 10, 2024No Comments3 Mins Read5 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

අන්තර්ජාලය හරහා මුදල් වංචාකිරීමේ ජාවාරමක සුලමුල අනාවරණය කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය සමත්ව තිබේ.

ජාවාරමට සම්බන්ධ බවට සැකපිට එහි ප්‍රධානීන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 59 දෙනෙකු ද ඊයේ (08) කොළඹදී අත්අඩංගුවට ගනු ලැබීය.

විදේශීය ජාතිකයන් ඉලක්ක කර එම ජාවාරම සිදුකර ඇති අතර දැනට රුපියල් කෝටි 30ක පමණ මුදලක් ඔවුන් වංචා කර ඇති බවද පොලීසිය පැවසීය.

මෙරට කොරියානු තානාපති කාර්යාලයෙන් පසුගිය බ්‍රහස්පතින්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී තිබුණේ කොරියානුවෙකුගෙන් මෙරට පිහිටි වේවිටෙක් නම් ආයතනයක් රුපියල් කෝටි 30කට ආසන්න මුදලක් වංචා කර ඇති බවය.

අවස්ථා කිහිපයකදී ව්‍යාපාර කටයුතු සඳහා ආයෝජනය කිරීමට බව පවසමින් අමෙරිකානු ඩොලර් මිලියනයක පමණ මුදලක් අදාළ කොරියනු ජාතිකයාගෙන් ලබාගෙන ඇති අතර පසුව එම මුදල් ලබාදීම පැහැරහැර ඇති බවද එම පැමිණිල්ලේ සඳහන් ව තිබේ.

ඒ අනුව අදාළ ආයතනය හැව්ලොක් පාරේ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයක පවත්වාගෙන යන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අනාවරණය කරගනු ලැබීය.

එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ ස්ථානයේ ඊයේ (08) පස්වරුවේ වටලා ලාංකිකයන් 57 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් ඒ අතර ගර්භණී කතුන් දෙදෙනෙකු ඇතුළු කාන්තාවන් 23න් දෙනෙකු සිටි බවත් පොලීසිය සඳහන් කළේය.

පොලීසිය පැවසුවේ ඔවුන් සියලුදෙනාටම භාෂා කිහිපයක් හැසිරවීමේ හැකියාව පවතින බවත් ඇතැම් පිරිස් භාෂා 5කට අධික පිරිසක් හැසිරවීමේ හැකියාවකින්ද යුතු අය බවය.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව නීතීඥරියක් වන මෙහි අධ්‍යක්ෂවරියක සහ කළමනාකරුවකු ද විමර්ශන නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබීය.

එමෙන්ම අදාළ ගොඩනැගිල්ල රුපියල් ලක්ෂ 90ක පමණ මුදලකට කුලී පදනම මත ලබාගෙන ඇති බවද විමර්ශනවලදී හෙළිව තිබේ.

තමන්ව තොරතුරු තාක්ෂණ රැකියා බව පවසමින් රැකියාවට බඳවාගත්තද ජපන්, කොරියන් සහ ජර්මන් භාෂා හැසිරවීමට ඇති හැකියාව පමණක් මෙහිදී පරීක්ෂා කළ බව ද සැකකරුවන් පිරිස පොලීසිය හමුවේ පවසා තිබේ.

එම ජාවාරම සිදුකළ අදාළ සුපිරි නිවාස සංකීර්ණයේ 40 වෙනි මහළ විවිධ කොටස්වලට බෙදා තමන්ව විවිධ කොටස්වලට දමා අනෙක් පුද්ගලයන් සමග සබඳතා නොපවත්වන ලෙස දැනුම්දී ඇති බව සැකකරුවන් එහිදී පවසා ඇත.

මෙරට තුළ අයෝජනය සඳහා විදේශිකයන් සම්බන්ධ කරගැනීම වෙනුවෙන්  රුපියල් පනස්දහසක වැටුපට අමතරව කොමිස් මුදලක් ලබාදුන් බව සැකකරුවන් පවසා තිබේ. 

ඒ අනුව රුපියල් ලක්ෂ එකහමාරේ සිට රුපියල් ලක්ෂ 6 දක්වා ඇතැම් පිරිස් වැටුප් ලබාගෙන තිබේ.

කෙසේවෙතත් ඔවුන් මෙම ජාවාරම සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් දැන සිට නොමැත.

ඔවුන්ව සේවා මුර ක්‍රමයට සේවයට කැඳවා ඇති අතර මෙහිදී විදේශිකයන් ආයෝජනය කරන මුදල්වලට කුමක් සිදුවන්නේ ද යන්න පිළිබඳවද ඔවුන් කිසිවක් දැන සිට නොමැත.

සියලු ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව සැකකරුවන් පිරිස අද දහවල් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

අධිකරණය හමුවේ කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළවත් නොමැති ආරක්ෂාවක් අදාළ ස්ථානය තුළ පැවැති බවය.

විමර්ශන නිලධාරීන් එම ස්ථානයට ඇතුළු වනවිටම එහි පැවැති පරිගණක පද්ධතිය අක්‍රීය කර ඇති අතර විදේශිකයන්ගෙන් මුදල් ආයෝජන ලබාගැනීම සඳහා සකසන ලද ව්‍යාජ ලේඛනද අදාළ පරිගණක තුළ තිබී සොයාගත් බව විමර්ශන නිලධාරීන් පැවසීය.

වේව්ටෙක් නම් මෙම ආයතනය සමාගම් මැදුරේ ලියාපදිංචි කර ඇති බවත් මෙම වංචාව පිළිබඳව තානාපති කාර්යාලයේ නිලධාරීන් පවා වික්ශිප්ත වූ බවත් ඔවුන් පෙන්වාදුනි.

මෙහි අධ්‍යක්ෂවරිය හා කළමණාකාරවරිය සුඛෝපභෝගී දිවිපෙවතක් ගෙවා ඇති අතර මුදල් වංචා මගින් ලැබෙන මුදල්වලට කුමක් සිදුකරන්නේද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නොමැති බවද විමර්ශකයන් පැවසීය.

මොවුන් දෙදෙනා විසින් සංවිධානාත්මකව තවත් මෙවැනිම ආයතන තුනක් පවත්වාගෙන යන අතර ඊයේ දිනයේදී මෙම ස්ථානය වැටලීමත් සමග අනෙක් ආයතන සියල්ලේ උපාංගද ඉවත් කර වසා දැමීමට කටයුතු කර එහි සේවකයන්ට ද සේවයට වාර්තා නොකරන ලෙස දැනුම්දී ඇති බවද විමර්ශකයන් ප්‍රකාශ කළේය.

සෙසු සැකකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, මෙහි සිටින ඇතැම් සේවකයන් මේවන තෙක් සිය පළමු වැටුපවත් ලබාගෙන නොමැති නවකයන් බවත් බහුතරයක් දෙනා වයස අවුරුදු 25ට අඩු පුද්ගලයන් බවත් සලකා ඇප ලබාදෙන ලෙසයි.

සියලු කරුණු සලකා බැලූ අධිකරණය අදාළ ආයතනයේ අධ්‍යක්ෂවරිය හා කළමනාකරු එළැඹෙන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ලෙස නියෝග කළේය.

සෙසු පිරිස රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද නියෝග කර තිබේ.
 

featured News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleශ්‍රී ලංකාවට සුපිරි ජයක්
Next Article දින දෙකක් විශ්වවිද්‍යාල වසා දැමීමට පියවර
Buzzer Editorial

Related Posts

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 19, 20262 Views

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

By Buzzer EditorialJune 19, 202602 Views

ඖෂධ වර්ග 60 ක උපරිම මිල සංශෝධනය කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. එහි…

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.