Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Sunday, June 21
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » හිටපු ජනපති රනිල්ගේ විශේෂ ප්‍රකාශය
News 4 Views

හිටපු ජනපති රනිල්ගේ විශේෂ ප්‍රකාශය

Buzzer EditorialBy Buzzer EditorialOctober 17, 2024No Comments5 Mins Read4 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

රටේ තිබෙන ආර්ථික ප්‍රශ්නය විසඳාගෙන ඉදිරියට යාමට නම් තමා සමග සිටි පළපුරුදු පිරිස පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කොළඹ මල් පාරේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවීම් ඇරඹිය යුතු 2027 වසර වන විට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15%ක් බවට පත්කර ගැනීමේ අභියෝගය නව රජය හමුවේ පවතින බව ද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එම ඉලක්කයට යාම සඳහා සෑම වසරකම සියයට එකක ආර්ථික වර්ධනයක් ලබා ගත යුතු බව කී වික්‍රමසිංහ මහතා ඊළඟ පාර්ලිමේන්තුවට වගකීම්වලින් පැන යන්නේ නැති අත්දැකීම් සහිත කණ්ඩායමක් අවශ්‍ය බව අවධාරණය කළේය.

ආර්ථික අර්බුදයට මුහුණ දී රට ගොඩ ගන්නට තමා සමග වැඩ කළ කණ්ඩායම ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට ඉදිරිපත් වන බව කී හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය මූල්‍ය බලය හිමි පාර්ලිමේන්තුව ශක්තිමත් වීමට නම් එම පිරිස ජයග්‍රහණය කරවිය යුතු බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු ජනාධිපතිවරයා,

“මම ජනාධිපති ලෙස රට බාරගත්තේ අපට ණය ගෙවන්නට බැරිව බංකොලොත්භාවය ප්‍රකාශ කළ අවස්ථාවේදීයි. මගේ මූලික අරමුණ වුණේ ඒ අවස්ථාවේදී යළිත් ණය තිරසර බව ඇති කර බංකොලොත්භාවය ඉවත් කර ගැනීමයි. ඒ සඳහා මා එම අවුරුදු දෙකේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, අපට ණය ලබා දී තිබූ රටවල් දහඅට සහ පෞද්ගලික බැඳුම්කරුවන් සමග සාකච්ඡා කොට ගිවිසුමකට එළඹුණා. 

ඒ අනුව අප ණය තිරසර බව ඇති කිරීම සම්බන්ධයෙනුත් අනතුරුව අප රට බංකොලොත් භාවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙනුත් එකඟතාවයකට පැමිණියා. මේ සියලු ක්‍රමවේද අවසන් කොට පෞද්ගලික බැඳුම්කරුවන්ගේ අනුමැතිය ලැබුණේ මේ වසරේ සැප්තැම්බර් මාසයේ පළමු සතියේ දීයි.

මෙලෙස අප ඇති කරගත් ක්‍රමවේදය නිසා අපට දැන් විදේශ බැංකු සමග ගනුදෙනු කරන්න පුළුවන්. එමෙන්ම විදේශ ආධාර ලැබෙනවා. අපගේ ණය තිරසර බව නිසා මේ වනවිට බංකොලොත් බව අවසන් වී තිබෙනවා.

රට බංකොලොත් බැවින් මුදා ගැනීමේ කාර්යභාරය සඳහා මා පසුගිය පාර්ලිමේන්තුව සමඟ වැඩ කටයුතු කළා. එම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සියලුම දෙනාට මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. එමෙන්ම ඒ පාර්ලිමේන්තුව සමග වැඩකටයුතු කළ මගේ නිලධාරී මණ්ඩලයටත් ස්තුතිය ප්‍රකාශ කරනවා.

දැන් අපට තිබෙන්නේ එම තිරසර බව පිළිබඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමයි. වත්මන් ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් සංශෝධන ඉදිරිපත් කරන බවට වාර්තා වී තිබෙනවා. එසේ නම් එම සංශෝධිත ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා මේ රටේ රාජ්‍ය මූල්‍ය බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. එය ක්‍රියාත්මක කිරීම අලුත් පාර්ලිමේන්තුවේ වගකීමක්.

එම වැඩ කටයුතු ක්‍රියාත්මක කර තිරසරභාවය ඇතිකර ගැනීම සඳහා අපට ඉලක්ක කිහිපයක් තිබෙනවා. පළමුවෙන්ම 2028 වසරේ සිට අපට ණය ගෙවන්නට තිබෙනවා. 2027 වසර වන විට අපගේ රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 15ක් විය යුතුයි. දැන් එම අගය සියයට 12යි. ඒ ඉලක්කයට යෑම සඳහා සෑම වසරකම සියයට එකක වර්ධනයක් ලබාගත යුතුයි.

මූලික වශයෙන් මේ වසර අවසන් වන විට අපට 2019 වසරේ තිබූ දළ දේශීය නිෂ්පාදනය යළිත් ලබාගන්න පුළුවන්. ඒ සමගම අපගේ විදේශ විනිමය සංචිතය වැඩි කර ගත යුතුව තිබෙනවා. එම විදේශ විනිමය සංචිතය සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 10-14 අතර අගයක තිබිය යුතුයි.

මේ ඉලක්ක සපුරාලීමෙන් පසුව අපට ණය ගෙවන්නට තිබෙනවා. මේ කාල සීමාව ඇතුළත අප ඉහත ඉලක්ක සපුරා ගත යුතුව තිබෙනවා. ඒ සඳහා අප ශීඝ්‍ර සංවර්ධනයක් ඇති කළ යුතුයි. මේ වැඩසටහනේ තවත් වැදගත් කාරණයක්  වන්නේ දුෂණ විරෝධී පියවර ගණනාවක් ක්‍රියාත්මක කිරීමයි. මේ සියලු කාරණා සම්බන්ධ වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. මෙම ජනපතිවරණ ප්‍රතිඵල අනුව කිසිම පක්ෂයකට පාර්ලිමේන්තුවේ බහුතරයක් ලැබෙන්නේ නැහැ.

කෙසේ හෝ නව පාර්ලිමේන්තුවේ වගකීම් ඉටුකරන්නට නම් පසුගිය පාර්ලිමේන්තුවේ ලැබූ අත්දැකීම් නතර කළ යුතුව තිබෙනවා. එනම් පසුගිය පාර්ලිමේන්තුවේදී කිසිවෙකුත් මේ වගකීම් බාරගන්නට ඉදිරිපත් වුණේ නැහැ. මම පැමිණ පොහොට්ටුවේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු එකතු කරගෙන මේ ආණ්ඩුව හදා වැඩකටයුතු කළා.

ඊළඟ පාර්ලිමේන්තුවේදී මෙවැනි සිදුවීම් වන්නට ඉඩ නොතැබිය යුතුයි. මේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන කණ්ඩායම් තුනක් තිබෙනවා. ඒ කණ්ඩායම් තුන අතුරින් එක කණ්ඩායමක් ගැන මා මෙහිදී ප්‍රකාශ කරන්න අවශ්‍යයි. මා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ගෑස් සිලින්ඩරය ලකුණ යටතේයි. පොහොට්ටුව, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නව සන්ධානය මෙන්ම අනෙක් සියලු කණ්ඩායම් එකට එකතු වී මට සහයෝගය දුන්නා. මගේ නායකත්වය යටතේ මේ අය වැඩකටයුතු කළා. දැන් ඒ සියලු දෙනා එකට එකතු වී තිබෙනවා.

එම මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් මෙන්ම මා සමග වැඩ කටයුතු කළ  එක්සත් ජාතික පක්ෂයේ නිලධාරීන් කොටසක්ද එකට එක්වී මේ මැතිවරණයට ඉදිරිපත් වෙනවා. එ් අය ඉදිරිපත් වන්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මාර්ගයෙනුයි. මගේ නායකත්වය යටතේ ඒ අය මේ ඡන්ද වැඩකටයුතු කරන්නට යනවා. මේ සියලු දෙනාටම ඒ පළපුරුද්ද තිබෙනවා. ඒ අය නිසි පරිදි මේ වැඩ කටයුතු කර තිබෙනවා.

මා සමග ඉකුත් වසර දෙකේ වැඩකටයුතු කළ අයට ආර්ථික අර්බුදවලට මුහුණ දීම සඳහා පළපුරුද්ද තිබෙන නිසා ඔවුන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි. විපක්ෂයේ සිටියත් පාර්ලිමේන්තුවේ සිටියත් මේ පළපුරුද්ද නැතිව පාර්ලිමේන්තුව ගෙන යන්න බැහැ. එමෙන්ම එවිට  ඉලක්ක ලබා ගැනීමේදීත් අසාර්ථක වෙනවා.

එම නිසා එක්සත් ජාතික පක්ෂයේ වැඩකටයුතු කළ අයත් අපට සහයෝගය දුන් පොහොට්ටුවේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම නව සන්ධානයේත් අනිත් පක්ෂවල සියලුදෙනාගෙන් ඉල්ලා සිටින්නේ අපගේ අපේක්ෂකයන්ට ඡන්දය ලබා දෙන ලෙසයි.

එමෙන්ම මීට පෙර අවස්ථාවේ ඡන්දය නුදුන් අයගෙන් ඉල්ලීමක් කරනවා. රටේ තිබෙන ආර්ථික ප්‍රශ්නය විසඳාගෙන ඉදිරියට යාමට නම් මේ පළපුරුදු පිරිස පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි. නව පාර්ලිමේන්තුවෙන් තීරණය වන්නේ ඔබේ අනාගතයයි. අප සාර්ථකව මේ වැඩ කටයුතු කරනවා නම් රටක් ලෙස ගොඩ එන්න පුළුවන්. අසාර්ථක වුණොත් රට නැවත කඩා වැටෙනවා. නැවත පෝලිම් යුගයට ගමන් කරනවා. එම නිසා ගෑස් සිලින්ඩරයට ඔබේ වටිනා ඡන්දය ලබා දෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා” යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

featured News pick picks Political
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleචන්ද්‍රිකා, රනිල්, මෛත්‍රී හිටපු ජනපතිවරුන් තිදෙනා එකම වේදිකාවක
Next Article අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල් සීමාව පැනවෙයි
Buzzer Editorial

Related Posts

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 19, 20262 Views

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

By Buzzer EditorialJune 19, 202602 Views

ඖෂධ වර්ග 60 ක උපරිම මිල සංශෝධනය කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. එහි…

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.