වර්තමාන ආණ්ඩුව දවස් 13ක කාලය ඇතුළත රුපියල් කෝටි 41,900ක් භාණ්ඩාගාර බිල්පත් හා බැ¾දුම්කර ණය ලබා ගෙන ඇතැයි මාතලේ දිස්ත්රික් සජබ කණ්ඩායම් නායිකා රෝහිණී කවිරත්න දඹුල්ලේදී පෙරේදා (15දා) පැවැසුවාය.
මේ අනුව ආණ්ඩුව පසුගිය 2 සිට 15 දක්වා දවසකට රුපියල් කෝටි 3,223ක් බැගින් එනම් පැයකට රුපියල් කෝටි 134.29 බැගින් ණය ලබාගෙන ඇති බවත් මෙම ණය ලබාගෙන කරන්නේ මොනවාද සහ ණයවලින් කරන ආයෝජනය කුමක්දැයි රටට පැහැදිලි කළ යුතු බවත් ඇය කීවාය.
රජය දිගින් දිගටම අසීමාන්තිකව ණය ලබා ගනිමින් සිටින නමුත් දැනෙන සහනයක් රටට නොලැබෙන බව ඇය පැවැසුවාය. විශ්රාමිකයන්ට ලැබිය යුතු රුපියල් 3000 බැගින් වන මාස දෙකක හිඟ මුදල් ගෙවා ගැනීමට ආණ්ඩුවට නොහැකි වී ඇති බවත් ඇය කීවාය. ආණ්ඩුවට රාජ්ය සේවකයන්ගේ වැඩි කළ වැටුප ගෙවා ගැනීමට නොහැකි වී ඇති බවත් ඇය කීවාය.