Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Saturday, July 18
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
World News 0 Views

වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය

Buzzer EditorialBy Buzzer EditorialSeptember 19, 2024Updated:September 19, 2024No Comments4 Mins Read0 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තීරණය කර ඇත. ඉතාලියේ දේපළ වෙළඳාම් සමාගමක් වන ඩ්‍රිමර් රියල් ස්ටේට් වෙත ‘‘පල්මියෙරි විලා” වෙත විකිණීමේ වගකීම පැවරී තිබේ.

ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයට ආසන්නයේ කඳුකරයේ පිහිටි පල්මියෙරි සංචාරක නිවහන ඉතාලි ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටතම නිර්මාණයක් ලෙස ද සැලකෙන අතර පල්මියෙරි සංචාරක නිවහන මිලදී ගන්නකුට බ්‍රිතාන්‍ය රාජකීය ඉතිහාසයෙන් කොටසකට උරුමකම් කීමට හැකියාව ලැබෙනු ඇත.

වික්ටෝරියා රැජින බ්‍රිතාන්‍ය රජ කිරුළ හෙබවූවත් ඉතාලියේ සුන්දරත්වය සහ සන්සුන්භාවයට බෙහෙවින් ඇලුම් කර ඇති අතර 1888 වසරේ දී ප්‍රථම වරට ඇය පල්මියෙරි සංචාරක නිවහනට පැමිණ තිබේ. පල්මියෙරි සංචාරක නිවහනේ වටපිටාවට වික්ටෝරියා රැජිනගේ සිත් ඇද බැඳ තබා ගැනීමට හැකිවීම හේතුවෙන් එම අවස්ථාවේ දී ඇය මාසයක නිවාඩු එහි ගතකර ඇත.

ඇය නැවත වරක් 1893 සහ 1894 වසරවලදීද නිවාඩුවක් ගත කිරීම සඳහා පල්මියෙරි සංචාරක නිවහනට පැමිණ තිබිණි. සිය රාජකීය වගකීම්වලින් මොහොතකට මිදී උතුරු ඉතාලියේ ස්වභාව සෞන්දර්ය අත් විඳීම පල්මියෙරි සංචාරක නිවහන කදිම අවස්ථාවක් ලබාදී ඇතැයි ද පැවැසෙයි.

වික්ටෝරියා රැජින පල්මියෙරි සංචාරක නිවහනේ නවාතැන් ගැනීම සැමරීම සඳහා එහි ගෙවත්තේ තිබෙන ගස්වල නාම පුවරු එල්ලා ඇති අතර ඒවා අදටත් දැකගත හැක.

පල්මියෙරි සංචාරක නිවහන වික්ටෝරියා රැජිනගේ නිවසින් පිට නිවහන වී ඇති බවත් ඇයගේ නිවසේ තිබු පහසුකම් සියල්ල පල්මියෙරි සංචාරක නිවහනේ ද තිබී ඇති බවත් පැවැසෙයි. පල්මියෙරි සංචාරක නිවහනේ පළමු මහලේ වික්ටෝරියා රැජිනගේ පෞද්ගලික මහල් නිවාසය පිහිටා ඇත. එම මහල් නිවාසය වින්ඩ්සර් මාලිගය විසින් සරසා ඇති අතර එහි තිබූ ගෘහ භාණ්ඩ සියල්ල, නාන කාමර උපාංග සහ ඇඳ වික්ටෝරියා රැජින විසින් එංගලන්තයේ සිට එවා ඇති බව ද පැවැසෙයි. වික්ටෝරියා රැජිනගේ පෞද්ගලික මහල් නිවාසයේ ගෘහ භාණ්ඩවලට අමතරව පුටු දෙකක්, සෝෆාවක්, ලියන මේසයක් එහි තිබී ඇති බවත් නාන කාමරයක් සෑමවිටම සූදානම්ව තිබී ඇති බව ද සඳහන් වේ. එසේම ඇයගේ නැසී ගිය සැමියා වන ඇල්බට් කුමරුගේ ඡායාරූප දෙකක් ද එහි තබා තිබිණි. ඇල්බට් කුමරුගේ ඡායාරූපවලට අමතරව රජ පවුලේ අනෙකුත් සාමාජිකයන්ගේ ඡායාරූප ද ඇය එහි ගෙනවිත් ඇත. වික්ටෝරියා රැජිනගේ ඇඳ ඇල්ලීම ටස්කන් සංචාරක නිවහන පිරිසිදු කරන සේවකයන්ට සපුරා තහනම් වී ඇති බවද පැවැසෙයි. වික්ටෝරියා රැජිනගේ පොත් එකතුවක් ද පල්මියෙරි සංචාරක නිවහනේ තිබී ඇත.

පල්මියෙරි සංචාරක නිවහන ගෙනදෙන රාජකීය හැඟීමට වික්ටෝරියා රැජින බෙහෙවින් ඇලුම් කර ඇතැයි ද සඳහන් වේ. වික්ටෝරියා රැජින ඉර හොඳින් පායා ඇති දිනවල දී අත්වැටවල් මත මල් පිරුණු බඳුන් එල්ලා ටෙරසයේ කුඩාරමක් අටවා ගෙවත්ත දෙස බලා සිටීමට දැඩිව ප්‍රිය කර ඇති බව ද පැවැසෙයි.

වර්ග අඩි 43,000 ක් පුරා විහිදී ඇති මෙම සුඛෝපභෝගී සංචාරක නිවහන නිදන කාමර 23 කින් සහ නාන කාමර 19 කින් සමන්විත වේ. එසේම පල්මෙයිරි සංචාරක නිවහන අක්කර 22 ක ගෙවත්තකින් යුත් අතර එහි ටෙනිස් ක්‍රීඩා කිරීම සඳහා ක්‍රීඩාපිටියක් ද, නිවහන තුළ ඓතිහාසික නාන තටාකයක් ද, හෙලිකොප්ටර් නැවැත්විය හැකි ස්ථානයක් ද තිබේ.

පල්මෙයිරි සංචාරක නිවහන 14 වැනි සියවසේ දී ඉතාලියේ ෆිනි පවුලට අයත්වී ඇති අතර 1454 වසරේ දී මතායෝ ඩී මාර්කෝ පල්මෙයිරි විසින් පල්මෙයිරි සංචාරක නිවහන මිලදී ගනු ලැබ ඇත. පල්මෙයිරි සංචාරක නිවහන පල්මෙයිරි යන නම ලැබී ඇත්තේ ඔහුගෙන්ය.

එය 1760 වසරේදී බ්‍රිතාන්‍ය අර්ල් කූපර් විසින් මිලදී ගැනීමත් සමඟ පල්මෙයිරි සංචාරක නිවහන ඉංග්‍රීසින්ගේ අතට පත්වී ඇති අතර ඉන් පසුව වික්ටෝරියා රැජින ඇතුළුව රදල ඉංග්‍රීසි පවුල් කීපයක් එහි හිමිකාරීත්වය දරා ඇත. පල්මෙයිරි සංචාරක නිවහන ෆ්ලෝරන්ස් නගරයේ දී දෙවැනි විශාලතම උද්‍යාන භූමියට ද හිමිකම් කියයි.

වරක් පල්මෙයිරි සංචාරක නිවහන වික්ටෝරියා රැජිනගේ පෞද්ගලික නිවහන වී ඇති බව ද පැවසෙයි.

වික්ටෝරියා රැජින පල්මෙයිරි සංචාරක නිවහනට සම්බන්ධ වීමට ප්‍රථම පල්මෙයිරි සංචාරක නිවහන ඉතාලියේ සුප්‍රසිද්ධ ලේඛකයකු වන ජුවානි බුකචියෝගේ නම සම්බන්ධ වී ඇති බවත් ඉතාලි සාහිත්‍යයේ විශිෂ්ට කෘතියක් ලෙස සැලකෙන ”ඩෙකමෙරොන්” හි පල්මෙයිරි සංචාරක නිවහන මනාව විස්තර කර තිබේ. ඉතාලි ඉතිහාසයේ නටබුන් තවමත් චිත්‍ර, පිළිම අාකාරයෙන් පල්මෙයිරි සංචාරක නිවහනේ තිබෙන බව ද පැවැසෙයි.

වර්තමානයේ පල්මෙයිරි සංචාරක නිවහන ජිවෙන්චි එකතුවට නිවහන වී ඇති අතර විවාහ උත්සව පැවැත්වීම සඳහා පල්මෙයිරි සංචාරක නිවහන ඉතාමත් ප්‍රසිද්ධය.

ඉතාලි සාහිත්‍ය අනුව ඉතාලි ඉතිහාසයේ පල්මෙයිරි සංචාරක නිවහනට ඉතා වැදගත් ස්ථානයක් හිමිවන අතර යුරෝපයේ වංශාධිපති අතීතයට ද පල්මෙයිරි සංචාරක නිවහනට සෘජු සම්බන්ධතාවක් ඇත.

featured News pick picks world news
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleමතභේදයට තුඩු දුන් ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍ර ගැටලුව ගැන විශේෂ තීරණයක්
Next Article මැතිවරණ රාජකාරිවල නිරත රාජ්‍ය නිලධාරීන්ට දැනුම්දීමක්
Buzzer Editorial

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 202610 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 2026010 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.